
(අංජුල මහික වීරරත්න)
ජාතියේ නිධානය වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා වග කිව යුතු රජයක් ලෙස සියලු පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සහභාගී වෙමිනි.
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් දිවියට සවියක්’ නිවාස වැඩසටහන තුළින් සුරක්ෂිත නිවසක් වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියනයක් ලබා දුන් බව කී ජනාධිපතිවරයා මේ වසරේදී එය රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බව සඳහන් කළේය.
ඒ මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් තව දුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිට සමාජ ගත වු වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත සහ අධි අවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනා ගත් දරුවන් සඳහා මෙම වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට මිලියන දෙකක ආධාර මුදලක් පිරිනමනු ලබන අතර බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් වෙත එම මුදල් අධාර මුල් දිනයේ පිරිනමනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd