යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් කටුගා දැමීමේ අවදානමකට මුහුණ පා සිටින තිබෙන රංගිරි දඹුලු ගල් ලෙන් විහාරයේ අසතුටු දායක නඩත්තු ගැන එම යුනෙස්කොව කනස්සල්ල පළ කරයි.
රංගිරි දඹුලු විහාරයේ දුර්වල නඩත්තු කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි අවධානයෙන් පසුවන බවත් එම කරුණ ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කළ බව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එරීනා බොකෝවා මහත්මිය ඊයේ (17) ප්‍රකාශ කළාය.
වසර 2000කට වඩා පැරැණි බිතු සිතුවම් හා බුදු පිළිම 157කින් සමන්විත රංගිරි දඹුලු විහාරය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රඥප්තියකින් බැඳි සිටින බව ද යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ඇගේ සිව්දින නිල සංචාරය අවසන් කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කළාය.
පසුගිය වසරේ මාර්තු මාසයේදී ලෝක උරුම කමිටුවේ නියෝජිතයන් පිරිසක් රංගිරි දඹුලු විහාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඔවුහූ ශ්‍රී ලංකා රජයට නිර්දේශ රැසක් ඉදිරිපත් කළ අතර නව ඉදිකිරීම් නිසා විහාරය හානි වී ඇතැයි ද පෙන්වා දුන්හ.
විහාරස්ථානයේ නඩත්තු කිරීම් හා සංරක්ෂණ කටයුතුවලට හිමි නමකගේ බාධා එල්ල වී ඇතැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී රංගිරි දඹුලු ලෝක උරුමය නිසි පරිදි නඩත්තු කරමින් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා රජයේ වගකීමක් යැයි ද එරීනා බොකෝවා මහත්මිය පෙන්වා දුන්නාය.
“රංගිරි දඹුලු විහාරය ආරක්ෂා කරගැනීම හා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ලෝක උරුම කමිටුව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීම රජයේ වගකීමක්. ඒ වගේම ශ්‍රී ලංකාව ද ‘1970 යුනෙස්කෝ සම්මුතිය’ ට අත්සන් තබා තිබෙනවා. ඊට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමක්.” එරීනා බොකෝවා කීවාය.
රංගිරි දඹුලු විහාරය ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුම අටෙන් එකකි.
රංගිරි දඹුලු විහාරයේ නඩත්තු හා සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාර මත ලබන ඔක්තෝබර මස තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැත්වෙන යුනෙස්කෝ සංවිධානයේ 40 වැනි සැසිවරයේදී රංගිරි දඹුලු විහාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය. ලෝක උරුම කමිටුව විසින් දී ඇති නිර්දේශ අනුව එම භූමියේ කර තිබෙන නව ඉදිකිරීම් හා බිතු සිතුවම් ආරක්ෂා කිරීමට ද ශ්‍රී ලංකා රජය කඩිනම් පියවර ගත යුතුව ඇත.
යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ප්‍රථම වරට ඉවත් කරන ලද්දේ ඕමානයේ ‘ඇරබියන් ඔරික්ස්’ අභය භූමියයි. එරට රජය අභයභූමියේ ආරක්ෂිත භූමිය සීමා කිරීමට කටයුතු කිරීම නිසා 2007 වසරේදී ‘ඇරබියන් ඔරික්ස්’ අභය භූමිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගත්තේය.
ලෝක උරුම, සංස්කෘතික හා විශ්වීය අගනාකම්වලට හානි වන අයුරින් ඉදිකිරීම් නිසා ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කළ අනෙක් උරුමය වනුවෙන් ජර්මනයේ “ඩේරස්ඩෙන් ඇල්බේ” නිම්නයයි.
(ඒ.එෆ්.පී. වාර්තාව ඇසුරෙනි)
දඹුල්ල රන්ගිරි ලෙන් විහාර ලෝක උරුම ලැයිස්තුවේ තිබිය යුතුද ? නැද්ද?




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුව කොපමණද කිව්වොත් කියන්න වචන නැත.(ම)
ඉස්සර හිටපු හාමුදුරුවරු මේක ආරක්ෂා කලට, දැන්නම් මේක හම්බකරන් කන තැනක් වෙලා.. (ම)
ලෝක උරුමයක් නෙවෙයි දඹුල්ල බෞද්ධ උරුමයක් ලෝක උරුම ලොක්කි වෙන රටක ඉදල දඹුල්ල ගැන තීරණ ගන්න යනවා මේක තනිකර බෞද්ධ උරුමයට හානියක් ,බුදු පිළිමය හැදුව කියල මේ කරන්නේ ,එතකොට පුජා භුමියි පල්ලි හදන්න යනකොට මේ සභාපති තුමියට නින්ද ගිහින්ද හිටියේ ,අවදි වෙන්න වෙලාව හරි ,දඹුල්ලේ භාර කාරත්වයෙන් සුමංගල හාමුදුරුවෝ ඉවත් කළා ,දැන් කියනවා ලෝක උරුමයෙන් ඉවත් කරනවලු ,(බ)
ලොකු හාමුදුරුවන්ගේ වැරැද්ද. (බ)
තමන්ගේ දේවල් ආරක්ෂා ගන්න බැරි ජාතියක්. (ම)
ලෝකෙට වටිනවුනට අපේ මිනිස්සුට කිසිම වටිනාකමක් තේරෙන්නේ නෑ මේවයේ. කීයක් හරි හම්බකර ගන්න තියෙනවා නම් විහාරය නෙමේ අම්මා තාත්තා වුනත් විකුණන ජාතියේ මිනිස්සු මෙරටේ දැන් ඉන්නේ. (හේ)
ඔබ කවුරුත් නොදන්නා ගොඩාක් දේවල් මෙහි සිද්ධ වෙනවා. මෙහි පාලන අධිකාරියද දැනට මාස කිහිපයකට පෙර වෙනස් විය. විදේශිකයන් සඳහා අය කළ රුපියල් 1500ක මුදල දැන් අය කෙරෙන්නේ නැත. නව පාලන අධිකාරිය ඉස්සරහට මොනවා කරාවිද කියලා කාටවත් කියන්න බෑ. මොනවා නැතත් ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වෙයි කියලා නම් හිතෙනවා.(හේ)
මම මේ අදසට සම්පුර්ණ එකඟ වෙනවා. මම මෙය දැක්කේ බොහෝ කලකට පෙර, දැන් පරක්කු වැඩි. ප්‍රමිතියකින් තොර අයාලේ ගිය ඉදිකිරීම් මෙහි ඉතිහාසික පෙනුම සුවිසල් හානියක් වෙලා.(ම)
අපේ පැරණි දේවල වටිනාකම ගැන පිටරැටියන්ට වටිනාකමක් තිබුනත් අපට එය වැටහෙන්නේ නැහැ. අද අපේ ඉතිහාසය ඉතාම සූක්ෂම ලෙසට විනාස කරනවා. මේවට කතාකරන අය ජාතිවාදීයෝ. (ර)
අපේ උරුමයන් ගැන පිටරැටියන් පෙන්වාදීලත් ඒ ගැන කතාකරලත්, ලංකාවෙ සිටින අයට මේ ගැන තවම අවබෝධයක් නැතුවාද? නැත්නම් උනන්දුවක් නැතිකමද? අපේ උරුමයන් මියැදෙන්න ඉඩහැර බලා සිටිනවද? (නි)
පිටරැටියන්ට අපේ උරුමයන් ගැන තියෙන උනන්දුව ලංකාවේ බලධාරින්ට නැතීද? යූනෙස්කෝ සංවීධානයෙන් පෙන්වා දි දැනුවත් කරලත්.අපේ රටෙ තාම කවුරුත් දැනූවත් වී නැතිද.(හේ)
නඩත්තුව නෑ කියන එක හරි. මම පුදුම වුනා. දඹුලු ගිය දවසක. කාර් පාක් එක ළග වැසිකිලි ගඳ ඉන්න බෑ. සාත්තර කාරියෝ ඇවිත් එක පාරටම වාහනේ වටේ පිරිලා කරදරේ බෑ.ගල ඉස්මත්තට නගිනකම් ගඳ. ෂොපින් බෑග්, කඩදාසි කුණු පිරිලා අසෝබනයි. වෙලෙන්දෝ ගොඩයි. මේ කිසි දෙයක් ගැන පාලනයක් නෑ. අපි අපේ දේවල අඩුපාඩු කවද හදා ගනීද? (හේ)
වෙන්න දෙයක් නෑ. ජාතික උරුම අපේ නැති වෙලා යනවා.(හේ)
මේ තැන් මෙහෙමවත් ආරක්ෂා කරගෙන සිටිනවාට අපේ ස්වාමින් වහන්සේලාට අපි ණයගැතියි (නි)
අපිට නම් දැන් පුදුම කළකිරීමක් දැනෙන්නේ (නි)
අනේ දෙවියනේ මෙහෙමත් රටක අපි ඉපදුනානේ? (නි)
අපේ සිංහල බෞද්ධ කියන දේශපාලුවෝ ගැන එන්නේ මහා පිළිකුලක් මේ වගේ කතා අහනකොට! (නි)
රංගිරි දඹුලු විහාරය , ලෝක උරුමය පිරිහීමට හේතුව නව විහාරය ඉදී කිරීම නිසාය. (බ)
මෙහෙම ගියොත් හිතා ගන්න බැරි වෙයි වෙන දේ?(හේ)
පඳුරකට ගැහුවත් "සේනාවක්" , "බලකායක්" ඉන්න රටේ මේවගේ දේකට ඉදිරියට එන්න එකෙක්වත් නැහැ. (හේ)
ප්‍රමිතිය සහ කලමනාකරණය ? (ර)