(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක පුරප්පාඩුව සඳහා සිවිල් සමාජ සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ දිනවල කටයුතු කරගෙන යයි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(1) (ඇ) වගන්තිය ප්‍රකාරව,ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම සඳහා මෙසේ නාමයෝජනා කැඳවෙයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(2) (අ) (i) වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීනත්වය සහිත පොදු සමාජ ජීවිතයේ සුවිශේෂී තැනැත්තන් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.

තවද, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(2) (අ) (ii) සිට (v) වගන්තිය ප්‍රකාරව, එසේ නාමයෝජනා කරනු ලබන නාමිකයන්

•පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නොවිය යුතුය;

•යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් නොවිය යුතුය;

•යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතුය;

•යම් ව්‍යාපාරයක් කරගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදිය යුතුය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයකට පත් කිරීම' නමින් පළ කර ඇති නාමයෝජනා පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු අතර නිවැරදිව සම්පුර්ණ කරන ලද නාමයෝජනා 2026 පෙබරවාරි 15 වැනි දින හෝ ඊට පෙර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.