(අංජුල මහික වීරරත්න)

අන්තඃ අක්ෂි කාච සැපයීම සදහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

ඇසේ සුද ඉවත් කිරීම හෝ මයෝපියාව සම්බන්ධ ප්‍රතිකාර වලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන අන්තඃ අක්ෂි කාච අයිතම වර්ග 35 ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත. 

ඒ සඳහා ලංසුකරුවන් 5 දෙනකු ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, එම කාච අයිතම වර්ග 35 අතරින් අයිතම වර්ග 16ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයන් අදාළ අයිතම වර්ග සඳහා සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් වන Jayasuriya Associates, Kandy සහ Elshaddai Enterprises (Pvt) Ltd., Colombo වෙත ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.