උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ  මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  විවින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර,  හම්බන්තොට නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. 

සෙසු  ප්‍රදේශවලට පස්වරු 2.00න් පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. 

උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.