
(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල මූලික රෝහලේ මෝචරියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මළ සිරුරු මෝචරියේ ගොඩනැගිල්ලේ ඉදිරිපිට තැබීමට රෝහල් පාලනාධිකාරියට සිදුවිය.
එහි සීත කරන ප්‍රමාණවත් නැතැයි ද පවසති.
එහි ශීතකරණ දෙකක් පැවතියද ඉන් එක් සීතකරණයක් මේ වන විට අක්‍රිය වී ඇතැයි කියති. දැනට භාවිතයට ගනු ලබන්නේ එක් සීතකරණයකි.එහි මළ සිරුරු දෙකක් පමණක් ගබඩා කළ හැකි බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අවට රෝහල්වලින් මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ සඳහා තංගල්ල රෝහලට ලැබී තිබුණු අතර ඒ හේතුවෙන් මෙලෙස මළ සිරුරු විවෘත ස්ථානයක තැබීමට සිදුව තිබේ. එම මළ සිරුරුවලට අයිෂ් යොදා තැබීමටද රෝහල් කම්කරුවන්ට සිදුව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්ත "අයිෂ්" වලින් සංතෘප්ත කරල පිනවලා තියෙන්නේ හිටපු මෝඩ, වෙන්ඩ රජපවුල. ඉතින් අයිෂ්වල අඩුවක් නෑනේ.