
කැනඩාව අමනාප වන ආකාරයට, කැනඩාට පැනැවූ තීරුබදු ආපසු හැරවීමේ පනත් කෙටුම්පතකට ඇමෛරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් පමණක් නොව, පාලක රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය ද ඊට හිමිවීම කැපී පෙනෙයි.
ට්‍රම්ප් කැනඩාවට බලපෑම් කරමින්, හිතුමතේ තීරු බදු පැනවීම අසාධාරණ යැයි පෙන්වා දෙමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරු මෙම පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
219 දෙනකු ඊට පක්ෂව ඡන්දය දුන් අතර, ට්‍රම්ප්ට පක්ෂව පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය දුන් ගණන 211 කි.
ට්‍රම්ප් හිතුමතේ කැනඩාවට තීරු බදු පැනවීම පාරවළල්ලක් වී ඇමෙරිකානුවන්ට බලපෑමක් වී ඇති බවත්, ඇමෙරිකන් භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් නියෝජිත ග්‍රෙගරි මීක්ස් පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd