1971 වසරේ දී කැඩෙට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට බැඳුණු ඔහු 2001 දී රියර් අද්මිරාල් තනතුරට පත්වී 2005 දී නාවික හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරි තනතුරට උසස් විණි. 2006දී එයින් විශ‍්‍රාම ගොස් එම වසරේ දීම සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස 41,000ක බළකායකට අණ දෙමින් තර්ජිත ගම්මාන ත‍්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට කැප වූ ඔහු 2010 වසරේ දී ඉන් ඉවත්ව අම්පාර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කර වැඩිම මනාප ලබා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් බවට පත්විය. අද ඔහු මන්තී‍්‍රධූරය හොබවමින් සිනමා අධ්‍යක්‍ෂවරයකු ලෙස සිංහල සිනමාවට එක්වන අලූත්ම සිනමා අධ්‍යක්‍ෂවරයාය. ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය ලොවට විදහා දක්වන ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය ”ගාමනි” අද (19) සිට වැල්ලවත්ත සැවෝයි ප‍්‍රමුඛ ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 35ක දී තිරගත කෙරේ. මේ ”ගාමනි” හැඳු ඔහු නමින් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරය. මේ ඔහු සමඟ කළ කතාබහක සටහනකි. ඔබ මුලින්ම අප හඳුනාගත්තේ හමුදා නිලධාරියෙක් ලෙසටයි. පසුව කවියෙක්. චිත‍්‍රපට විචාරකයෙක් ඔබ තුළ සිටින බව අපට වැටහුණේ එයින් ඔබ ප‍්‍රයෝජන ලබාගත් නිසාය. අද ඔබ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ලෙසින් අප හමුවට එනවා. ඇයි එවැනි දෙයකට ඔබ අත ගැසූවේ? මම අවුරුදු 35ක් නාවික හමුදාවේ හිටියා. අවුරුදු තුනහමාරක් සිවිල් ආරක්‍ෂක බළඵකායේ හිටියා. හමුදා නිලධාරියෙක් විදිහට මම අවුරුදු 38ක් පමණ සේවයේ යෙදී සිටියා. යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි නිලධාරීන් ස්වල්ප දෙනාගෙන් කෙනෙක් මම. යුද්ධය ගැන පමණක් නොවෙයි. සොල්දාදුවගේ චින්තනය, හද ගැස්ම, සංවේදීතාවය ගැන ඉතා හොඳ අවබෝධයක් මට තිබෙනවා. බොහෝ අය මගෙන් අහනවා, එහෙම සිටි මම චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න පෙළැඹුණේ ඇයි කියලා. ඇත්ත වශයෙන්ම මම අධ්‍යක්‍ෂණයට යොමු වුණේ මා දුටුවා සිනමා ක්ෂේත‍්‍රයේ යම්කිසි හිඩැසක්. ඒ හිඩැස තමයි  ඕනෑම රටක යුද්ධයක් තිබෙනවා නම්, එය ජාතික ප‍්‍රශ්නයක් නිසා, යුද සාහිත්‍යයක් තිබිය යුතුයි. අපේ රටේ අපේ ඇඟට දැනෙන යුද සාහිත්‍යයක් බිහිවුණේ නෑ. යුද්ධය කරන සෙබළාගේ මානසිකත්වය වැඩිකරන ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය ලොවට විදහාපාන්න පුළුවන් නිර්මාණ බිහිවුණේ නෑ. යුද සෙබළාගේ චිත්ත ධෛර්යය වැඩිකරන නිර්මාණ බිහිවුණේ නෑ. සෙබළා වෙනුවෙන් කැපවෙන සෙබළ බිරිඳගේ ආත්ම ශක්තිය වැඩිකරන, ආත්ම ගෞරවයට හානි නොකරන සිනමා කෘති බිහිවුණේ නෑ. ඉතිං ඒ හිඩැස මා හොඳින් දැක්කා. ”ගාමනි” චිත‍්‍රපටය ඒ හිඩැස පුරවන්න දැක්වූ අහිංසක ව්‍යායාමයක්. මගේ සිනමාව එයයි. ඔබේ අලූත්ම චිත‍්‍රපටය ”ගාමනි” ඔබ ප‍්‍රධානියා වශයෙන් සිටි සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන්ගේ කි‍්‍රයා කලාපයන් විදහා දක්වන්නද නිර්මාණය කළේ? ත‍්‍රස්්ත වාදීන්ගේ ම්ලේච් ඡුත්වය පෙන්වන සිනමා කෘති බිහිවුණේ නෑ. ඒ හිඩැස තමයි මා ”ගාමනි” තුළින් පුරවන්නේ. 83 ජූලි කලබලවල දී සිංහලයාගේ ම්ලේච්ඡුත්වය, දෙමළ ජනයාට විශාල අසාධාරණයක් සිදු වූ අන්දම ගැන මොනතරම් ටෙලිනාට්‍ය බිහිවුණාද? මොනතරම් සිනමා කෘතිවලට ඒවා අන්තර්ගත කළාද? මොනතරම් ලිපි ලේඛන ලිව්වාද? මොනතරම් විදිහට සිංහල ජාතියට පහර දුන්නද? අපේම සිංහල අය ඒ දේ කළේ. ඇයි මේ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය ගැන චිත‍්‍රපටයක් නොකෙළේ ඇයි කියන පැනය අපේ හදවතින් නැෙඟනවා. මෙය යුද්ධයේ ජයග‍්‍රහණයට වක‍්‍රව බලපාන සාධකයක්. එය අපි කළේ නෑ. මොනතරම් මනුෂ්‍ය ඝාතන ත‍්‍රස්තවාදීන් සිදු කළාද? එයින් එකක්වත් පාදක කරනගෙන සිනමා නිර්මාණ බිහිවුණේ නෑ. මේ චිත‍්‍රපටයෙන් ත‍්‍රස්තවාදීන්ගේ ම්ලෙප්ච්ඡුත්වය ලොවට පෙන්වන්න මා උත්සාහ කළා. ඒ වගේම තමයි අපේ උරුමය, ජාතික අභිමානය මෙයින් පෙන්නුම් කරනවා. ග‍්‍රාම ආරක්‍ෂ සෙබළුන් පුහුණු වූ පසු ගම ආරක්‍ෂා කර ගැනීමට කරන විප්ලවය මෙයින් පෙන්නුම් කරනවා. මෙහිදී අපේ උරුම වන අංගම් සටන් මා යොදා ගත්තා. මම මේ චිත‍්‍රපටයේ කිසිම දෙයක් යථාර්ථයෙන් බැහැරව කළේ නෑ. කාටවත් අභියෝග කරන්න බැහැ මේ වගේ. දේවල් ලංකාවේ වෙන්නේ නෑ කියලා. මේ චිත‍්‍රපටයේ තිබෙන එක දශමයක් හෝ බොරුවක් කියා කාටවත් කියන්න බැහැ. යුද්ධය පාදක කරගත් අනෙක් චිත‍්‍රපටල යථාර්ථයෙන් බැහැර වෙලා ප‍්‍රභාකරන්ගේ ප‍්‍රචාරක කටයුතුවලට දායක වෙන විදිහටයි කටයුතු කළේ. මගේ ”ගාමනි” චිත‍්‍රපටයේ පෙන්වන්නේ අපේ අභිමානය සමඟ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය ලොවට විදහා පෑමයි. මේ දිනවල රටේ බොහෝදෙනාගේ කතාබහට ලක්වී තිබෙන ”චැනල් 4 වීඩියෝ පටයට” ඔබේ චිත‍්‍රපටය හොඳ පිළිතුරක් කියා ඔබ පවසා තිබුණා. එය හරියට ඔබ රජය වෙනුවෙන් සුදුහුණු ගාන්න කළ නිර්මාණයක් යැයි සමහරකුට සිතන්න පුළුවන්. එහෙම නේද? කොහොත්ම නෑ. මෙය නිර්මාණය කළේ අවුරුදු 2කට ඉස්සෙල්ලා. චැනල් 4 වීඩියෝ පටය එළිදැක්වූයේ දැන් සති කීපයකට ඉස්සෙල්ලායි. චැනල් 4 එකෙන් පෙන්වන්නේ සිංහල සොල්දාදුවා අහිංසක දෙමළ ජනයා මරණ හැටියි. එය තනිකරම බොරුවක්. ”ගාමනි” තුළින් පෙන්වන්නේ කොහොමද අපේ සිංහල සොල්දාදුවා සටන් කරන්නේ කියා. මොන විදිහේ සංවේදීතාවක් ඔවුන්ගේ හදවත් තුළ තිබෙනවාද? මොනතරම් ආකල්පයක් දෙමළ ජනයා වෙනුවෙන් දක්වනවාද? ඒ හින්දා තමයි මා ප‍්‍රකාශ කළේ මේ චිත‍්‍රපටය ”චැනල් 4”එකට හොඳ පිළිතුරක් වේවි කියලා. මෙය සත්‍ය සිද්ධියක්. ”චැනල් 4” තුළින් ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය පෙන්වන්නේ නෑ. නමුත් සත්‍ය සිදුවීම් ඇතුළත්ව ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය ”ගාමනි” තුළින් පෙන්වනවා. ඔබ අද දවසේ දී චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සිංහල සිනමාවට එකතුවෙනවා. අද අපේ සිනමාවේ තිබෙන අභියෝග ඔබ කොයි ආකාරයටද හඳුනාගෙන තිබෙන්නේ? සිනමා කර්මාන්තයේ තිබෙන විශාලම අභියෝගය තමයි, නිෂ්පාදකවරයෙක්ට චිත‍්‍රපටයකට දැමූ මුදලින් ලාබයක් ලබනව කියා, එයට දැමූ මුදලවත් සොයාගන්න බැරිවීම. මේ තිබෙන ක‍්‍රමවේදය අනුව අද චිත‍්‍රපට නිෂ්පාදකට ලැබෙන්නේ 35% 40%ක් පමණයි. මගේ නිෂ්පාදක මිලියන 40ක් පමණ මෙයට වියදම් කළා. මිලියන 100කට වැඩිය ආදායමක් මෙයින් ලබා ගත යුතුයි. දැමූ මුදලවත් සොයාගන්න නම් මේ ක‍්‍රමයට නම් අපහසුයි. චිත‍්‍රපටයක් හදනවාට වඩා හොඳයි චිත‍්‍රපට ශාලාවක් හදනවා නම්, එවැනි අභියෝගයක් මා දකිනවා. ඔබ චිත‍්‍රපට විචාරකයෙක් ලෙස පසුගිය වකවානුවල අපට දක්නට ලැබුණා. සමහර විචාර නිසා බොහෝදෙනාගේ කතාබහටත් ඔබ ලක්වුණා. සමහර චිත‍්‍රපටවලට ඔබ දැඩි ලෙස පහර දුන්නා. ඔබ හිතනාවද චිත‍්‍රපට විචාරය සිනමා කෘතියකට බලපෑමක් එල්ල කරනවා කියා..? අනිවාර්යේනම එය බලපෑමක් එල්ල කරනවා. මම චිත‍්‍රපට කර්මාන්තය ගැන දැනුමකින් හෝ චිත‍්‍රපට විශ්ලේෂණය ගැන දැනුමකින් හෝ නොවෙයි අදහස් පළ කළේ. චිත‍්‍රපට විචාරය ගැන කිසිම දැනුමක් මට තිබුණේ නෑ. එතනදී මම චිත‍්‍රපට විචාරයටත් වඩා පැහැදිලිව පෙන්නුම් කළේ සෙබළා වෙනුවෙන් මා පෙනී සිටින බවයි. යුද වදින සෙබළාට කවුද ..... කරන්නේ ඒ සියලූ දෙනට විරුද්ධව මා නැගී සිටියා. ත‍්‍රස්තවාදය කියන්නේ දේශපාලන අරමුණක් සඳහා සිවිල් වැසියන් ඝාතනය කිරීමයි. ත‍්‍රස්තවාදය ඇතිවෙන්න හේතුව සාධාරණ වුණත්, අසාධාරණ වුණත්. ත‍්‍රස්තවාදය සාධාරණය කරන්න බැහැ. අහිංසක මිනිසුන් මැරීම සාධාරණ ද? ඒ හින්දා ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව කරන සටනට රටේ සමස්ත ජනයාම ඍජුව හා වක‍්‍රව දායක විය යුතුයි. ත‍්‍රස්තවාදයේ අතරමැදියෙක් නෑ සොල්දාදුවා එයට මුහුණ දෙමින් ජිවත අහිිමිකරගෙන අතපය නැති කරගෙන ඍජුව දායකවෙනවා. රජය හා පෞද්ගලික ආයතනවල සේවකයෝ දායකවෙන්නේ රටේ නිෂ්පාදනය වැඩිකරලා යුද්ධය නිසා වැටෙන ආර්ථිකය ගොඩඅරගෙන. යුද්දයට ශක්තිය සැපයීමෙන් කලාකරුවෝ දායක වෙන්න  ඕනේ. යුද වදින සෙබළාගේ මානසිකත්වය වැඩිකරන නිර්මාණ කරලයි. ඒක අනේක රටවල කරනවා. නමුත්, අපේ රටේ එහෙම වුණාද? නෑ යුද්දය පාදක කරගෙන චිත‍්‍රපට 203ක් ආවා. ඒවායින් පෙන්නුම් කළේ අර ත‍්‍රස්තයාගේ ප‍්‍රචාරක වැඩවලට ඍජුව දායකවීමයි. මේ චිත‍්‍රපටවල පෙන්නුවේ සෙබළා බංකරයක් ඇතුළේ කාන්තාවක් දුෂණය කිරීම වැනි දේ. එය ත‍්‍රස්තයාගේ ප‍්‍රචාරක කටයුතුවලට ඍජුව උදව් කිරීමක්. සොල්දාදුවාගේ බිරිඳ වෙනත් මිනිසුන් සමඟ යෑම, භික්‍ෂුව සිවුර හැර දමා ගැහැණුන් සමග යෑම වැනි දේ සමහ චිත‍්‍රපටවල පෙන්නුවේ. මේවා ත‍්‍රස්තයන්ට උඩගෙඩි දීමක් නොවේද? ඒවාට විරුද්ධව තමයි මම පෑන හැසිරවූයේ. මේ වගේ අය ජාතිද්‍රෝහීන්. ජාති ද්‍රෝහීන්ට තිබෙන එකම දඬුවම එල්ලා මරණ එකයි. ප‍්‍රභාකරන්ට අංශූ මාත‍්‍රයකින් හෝ උදව් කිරිම ජාතියට ද්‍රෝහීවීමක්. එය තමයි මා ලිව්වේ. එය විචාරයක් නොවෙයි. සෙබළු 26,000ක් මරණයට පත්වුණා 16,000ක් පමණ සෙබළු ආබාධිත තත්ත්වයට පත්වුණා. ඒ අයගේ චින්තන ධෛර්යයට යම්කිසි කෙනෙක් හානි කරනවාෙ නම් ඒකට විරුද්ධව තමයි මා නැගී සිටියේ. මේ චිත‍්‍රපටවලින් වුණේ ඔවුන්ගේ චිත්ත ධෛර්යයට හානි සිදුවීමයි. මෙවැනි චිත‍්‍රපටවලට අන්තර්ජාතික සම්මාන ලැබෙද්දී අපේ සිංහල ජනයා වනචාරී ජාතියක් විදිහටයි. හඳුනාගත්ෙ.් එයට විරුද්ධවයි මා පෑනෙන් සටන් කළේ. අද වනවිට චිත‍්‍රපටයක් කරනවාට වැඩි අමාරුවක් ප‍්‍රදර්ශනය කිරීමේ දී දරාගන්න සිදුවෙලා තිබෙනවා. ඔබ කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ.? ඒක මට ලොකු අභියෝගයක්. ප‍්‍රචාරක කටයුතුවලට ගොඩක් අය උදව් කරනවා. ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා විවිධ මට්ටමෙන් මට උදව් කළා. ප‍්‍රචාරක කටයුතු හරි මිලෙන් අධිකයි. සිනමාකරුවන්ට මේවායින් සහනයක්. ලබාදිය යුතුයි. නැත්නම් සිනමා කර්මාන්තය කවදාවත් ගොඩගන්න අපට බැරිවෙනවා. යුද සාහිත්‍යයක් අපට නැති කලක සිනමාවේ ද එවැන්නක් දකින්න නැති කලෙක අපේ සිනමාවේ හෙට දවස ගැන ඔබට තිබෙන්නේ කුමන අදහසක් ද? මා හිතන්නේ දැන්වත් උසස් නිර්මාණ බිහිවිය යුතු කාලය එළැඹී ඇති බවයි. අපේ කාලය අවුරුදු 38ක් විතර යුද්ධයටම ඉවර වුණා. තරුණ පරම්පරාවට උසස් නිර්මාණ බිහිකරන්න අවශ්‍ය වාතාවරණය ජනාධිපතිතුමා හදලා දීලා තිබෙනවා. එයින් උපරිම ප‍්‍රයෝජන ගත යුතුයි. ජාතික ප‍්‍රශ්නයක දී අනේක සෑම දෙනා වගේම සිනමා කලාකරුවාත් දේශපේ‍්‍රමී විය යුතුද යන පැනය මෙතන දී පැන නඟිනවා. මා හිතන්නේ විය යුතු ද යන පැනය මෙතන දී පැන නඟිනවා. මා හිතන්නේ විය යුතුයි. කලාකරුවා හදෙන් පැමිණි කෙනෙක් නොවෙයි. ඔහු මේ දේශයේ උපන් කෙනෙක්. දේශයට ආදාරය කළ යුතුයි. සුළු ජාතියට වන අසාධාරණකම් පෙන්වන්න එකම කලාකාරයෙක්වත් ඉදිරිපත් වුණේ නෑ. එයට දේශානුරාගයක් ඇතිවිය යුතුයි. දේශපේ‍්‍රමී විය යුතුයි. දේශයට ආදරය කරමින් දේශය ගොඩනඟන නිර්මාණ බිහිකළ යුතුයි. ඒ දවස්වල මා මේ ගැන ලියූ විට කලාකරුවන්ට සීමා පනවන්න බැහැ කියලා සමහරු පැවසුවා. නමුත් තමා විසින්ම හදාගත් සදාචාර සීමාවන් ඔවුන්ට තිබිය යුතුයි. දේශය, යුද්ධය පිළිබඳ චිත‍්‍රපට හදනවානම් දේශයට ගෞරව කරන නිර්මාණ බිහිකළ යුතුයි. ”ගාමිනි” චිත‍්‍රපටය සම්බන්ධයෙන් ඔබට විශේෂ යමක් පැවසීමට තිබේද? ඇත්තෙන්ම ඔව්, මෙහිදී නළු නිළියන්ගෙන් වගේම කාර්මික ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය මතක් කළ යුතුයි. ඒ වගේම මගේ නිෂ්පාදක උපාලි රාජපක්‍ෂ නැත්නම් මේ චිත‍්‍රපටය කවාදවත් යථාර්ථයක් බවට පත්වන්නේ නෑ. නිෂ්පාදකවරු දෙදෙනෙක් ගිවිසුම් අත්සන් කරන්න ඔන්න මෙන්න තිබියදී ඉවත් වුණා. අන්තිමේ දී මගේ තිර පිටපත බලන්නේවත් නැතිව උපාලි රාජපක්‍ෂ මෙයට විශාල මුදලක් යොමු කරන්න කැමති වුනා. එයා ඒ දේ කළේ නිසයි අද මා සිනමාකරුවෙක් වුණේ. එය මම ජීවිතේට අමතක කරන්නේනෑ. දැන් නිෂ්පාදකවරු මා ළඟට එන්න පුළුවන්. නමුත් මාව මේ තත්ත්වයෙන් ොගඩගන්න එතුමා ලබාදුන්න ශක්තිය මම කවදාවත් අමතක කරන්නේ නෑ. එතුමා චිත‍්‍රපටයට වැය කල මුදල යලි ලබාදීමට මට පුළුවන් උපරිම ශක්තිය චිත‍්‍රපටය වෙනුවෙන් යොදවනවා. මා හිතනවා සාර්ථකව ඉදිරිපත් කළා කියා. එය සාර්ථකද නැද්ද යන්න ජනතාවගේ තිරණයයි.