(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉකුත් කාලය පුරා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන හා අනෙකුත් අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු  අත්අඩංගුවට ගත්බව  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රසාත් රුවන් කුමාර නොහොත් මට්ටක්කුලීයේ කුඩු රොෂාන් නමැති සැකකරු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව  පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතාට ලද තොරතුරකට අනුව  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මට්ටක්කුලිය කදිරානා වත්තප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි ගමන් බෑග් එකක බහා පිට සැකකරු පදිංචි නිවසින් කිරීමට තැත් කිරීමේදී බව පොලිසිය කියයි.

 

.