
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 15 කට අධික වල්ලාපට්ටා , වන සතුන්ගේ විවිධ කොටස් ඇතුළු දෑ සමඟ සැකකරුවන් හය දෙනෙකු කෑගල්ල අලපලාවලවතුර ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කැගල්ල අලපලාවලවතුර හා තවත් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව කියයි.
ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අදාල වැටලීම සිදු කිරීමට රිටිගල වනජීවි කාර්යාලයෙ නිළධාරින් හා කුරුණෑගල වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරින් කුරුණෑගල නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු නිළධාරීන් මෙම වැටලීමට එක්ව තිබුණි.
ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත අදාල වල්ලපට්ටා ප්‍රවාහනය කළ සැකකරුවන් වල්ලපට්ටා කිලෝ 1050 ක් සමග අත් අඩංගුවට ගැනිමේන් පසු සිදුකල ප්‍රශ්න කිරීම් වලින් ගෝන අං තට්ටු පහක්,මුව අං තට්ටු 3 ක්,තනි මුව අං තට්ටු එකක් ආරක්ෂීත බෙල්ලන් එකක් සමග ලොරි රථයක් ඇතුළු දෑ මෙම වැටලීමේදි අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
අත් අඩංගුවට ගැනුන සැකකරුවන් බුලත්කොහුපිටිය වනජීවි කාර්යාලයට භාර දීමට කටයුතු කළ අතර එම පස් දෙනා වනජීවි ඇප මත මුදා හැරීමේන් පසු කැගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd