
(සුජිත් හේවාජුලිගේ)
ගෙවල් කුලී පනත (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සහ පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය වෙනුවෙන් නිවැරදිව සහ ශක්තිමත් අයුරින් සකස් කර දීමට තමා සූදානම් බව අධිකරණ හිටපු අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම කෙටුම්පත් දෙක අනිවාර්යයෙන්ම කරලියට ආ යුතු ජනතාවට අතිශයින්ම වැදගත් ඒවා නමුත් දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පත් දෙකේ අඩුපාඩු බොහොමයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මේ පනත් කෙටුම්පත් මුලින්ම ගෙන ඒමට මැදිහත් වූයේද තමා බවත් යම් යම් අඩුපාඩු සහ දෝෂ හේතුවෙන් කෙටුම්පත් එකල ඉදිරියට නොපැමිණි බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.
පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ ගෙවල් කුලී පනත (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
මේ අතර මෙම පනත් කෙටුම්පත් දෙකේ අඩුපාඩු නිවැරදි කිරීමට සූදානම් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති කාලේ කළේ ඇතිවෙනකන් හොරාකන එක, දැන් එනවා පිණට වැඩ කරන්න.
ඩීල්දාසගේ අතීත ක්‍රියාකලාපයන් දන්නා නිසා කොහොම විස්වාස කරන්නද?