(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු ආදිය මේ මස 11 වැනි දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උපකාරක පන්ති පැවැත්වීම විෂයානු බද්ධ දේශනා ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම පෝස්ටර් බැන අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් විභාගයට අදාල ප්‍රසිද්ධ කිරීම් එම දිනයෙන් පසුව සම්පූර්ණයෙන් තහනම් වන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවාය.

විභාග නීතිය උල්ලංඝනය කරමින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එවැනි වරදවල් සිදු කරන්නේ නම් ඒ බව ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස්් මූලස්ථානයේ 0112 421111 පොලිස් හදිසි ඇමතුම් 119 විභාග දෙපාර්තමේන්තුවේ 1911 යන දුරකථන අංක වලට පැමිණිලි කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය කීවාය.