
(අංජුල මහික වීරරත්න)
ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම සදහා භාවිතා කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් ඊට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60 කි. අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, ලැබීම රෝහල මාතර, මොණරාගල, පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දෙන ලද මෙම යන්ත්‍ර සදහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇත.
කොල්පොස්කොපි යනු ගැබ් ගෙල සහ යෝනි මාර්ගය අවට අසාමාන්‍යතා පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන වෛද්‍ය ක්‍රියා පටිපාටියකි.
කොල්පොස්කොප් ලෙස හඳුන්වන විශේෂිත විශාලන උපකරණයක් මඟින් ගැබ්ගෙල පටක පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ලබා දෙන අතර, වෛද්‍යවරුන්ට අසාමාන්‍ය සෛල හෝ තුවාල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර සිදු කිරීමට මෙම යන්ත්‍රය උපකාරී වේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සහ නාරිවේද පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාව ඇතුළු අසාමාන්‍යතා හදුනා ගැනීම සදහා මෙම යන්ත්‍රය ප්‍රතිකාර සේවා සදහා භාවිතා කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි වෛද්‍ය ක්ෂේත්රයේ දියුණුව කියන්නේ
කාන්තාවන්ගේ සෞඛ්‍ය කටයුතු හොදට කරන ආණ්ඩුවක්...
මේ වගේම පිළිකා, දියවැඩියාව නසන බෙහෙත් වර්ග, උපකරණ හදුන්වා දෙන්න
සිංහල වෛද්‍ය ක්රමවේදයත් දියුණු කරන්න ඕනේ. මොකද ඔක්කොටම වඩා සිංහල වෙදකම පරණයිනේ
මේවා අහනකොටත් සතුටුයි. රෝහල් සහ වෛද්‍ය ක්ෂේත්රයේ කඩිනම් දියුණුව ගැන ආණ්ඩුවට ස්තුතියි.
ලංකාවේ ජනතාවට නොමිලයේ උසස් තාක්ෂණයෙන් යුත් වෛද්‍ය සේවයක් ලබාදෙන්න ගරු ජනාධිපතිතුමනි...