
(රෝෂන් තුෂාර)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සැකකරුට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (23) පැවසීය.
ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අධිකරණයේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ 2016 පෙබරවාරි 29 දින රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පලාත් සභාවේ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් ගොණු කළ පැමිණිලි තුනෙන් එක් පැමිණිල්ලක විමර්ශන අවසන් කර මෙසේ අධි චෝදනා ගොනුකර නඩු පවරා ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට එරෙහි සෙසු නඩු දෙකෙහි විමර්ශන ප්‍රගතිය 2026 මැයි 19 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd