(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ලඟා වෙමින් පවතින බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ඨ කරගැනීම පෙරදැරි එම ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශවකරුවන් සහ කොටස්කරුවන් සමග පුළුල් සාකච්ඡාවක් කළ බවත් එම මන්ඩලය කියයි.

විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සහ වෘත්තීය සමිති සමග ඔවුන්ගේ ගැටළු, ඉල්ලීම් හා සුබ සාධනයට අදාල සියලුම කටයුතු ඉතා හොඳ සාකච්ඡාවකින් පසු ඉටු කළ හැකි සියලුම ඉල්ලීම් ඉටුකරමින් මේ ක්‍රියාවලිය නොනවත්වා ඉදිරියට ගෙන යාමට මෙතෙක් කටයුතු කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව ජාතික අවශ්‍යතාවක් බව වටහාගෙන සේවකයන්, පාරිභෝගිකයන් විශේෂයෙන්ම වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනා දුන් අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් මෙම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සඳහා දෙනු ඇතැයි ලංවිම පාලනාධිකාරිය බලාපොරොත්තු වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.