
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නලින්ද ජයතිස්ස මහත්තයා දකිද්දි දැන් මතක් වෙන්නේ පිට කොටුවේ බස් පොලේ පොත් විකුණන අය බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දැන් අපේ සෞඛ්‍ය ඇමතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන බලන්න වෙලාවක් නෑ.දැන් එතුමා පෙළ පොත් ටික අරගෙන අධ්‍යාපන අමාත්‍යංශයට දුවනවා.නලින්ද ජයතිස්ස මහත්තය දකිද්දි මට දැන් මතක් වෙන්නේ පිට කොටුවේ බස් පොලේ පොත් විකුණන අය.එතුමත් අද පෙළපොත් ටික ගෙනල්ල පිට කවරේ පෙන්නනවා.ඒවායේ පාට පෙන්නනවා.
ඒවා හොඳ බව කියනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කරන්නේ නැතුව අධ්‍යාපන අමාත්‍යංශය සුද්ද කරන වැඩේ කරනවා.අද අමාත්‍යාංශ ගොඩක වෙන්නේ ඒ දේ තමයි. තමන්ගේ අමාත්‍යංශයේ වැඩ කරන්නේ නෑ.ලාල් කාන්ත මහත්තයා බුද්ධ ශාසන අමාත්‍යංශයේ වැඩ කරනවා.වාරිමාර්ග අමාත්‍යංශය ගන්න දෙයක් නෑ. ජලාශ ඇරලා. ගම්පොළ හෝදලා ගිහිල්ලා. ඒවට උත්තර නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හොඳටම කරපු හින්දනේ තවමත් බලයේ ඉන්නේ. කාට කියන්නද ඉතින්. කුහකකම 100%.