
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 22 කට අධික වටිනා කොකේන් සහ සමග මත්පැති තොගයක් සමග කාන්තාවක ගනේමුල්ල බොල්ලතේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුරු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකාරිය සමග රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් කිලෝ 4 ගෑම් 423 ක් හා රුපියල් කෝටි 02 ක් පමණ වටිනා මත්පෙති 3450 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඉන්දියාවේ සැඟව සිටින ප්රබලමත්ද්රවය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පුකුඩුකන්නා නමැත්තාගේ ඥාතිවරියක බව පොලිසිය සඳහන් කරයි.
මෙම කොකේන් මත්ද්‍රවය අත්අඩංගුවට ගැනීම මෑත කාලයේදී ගොඩබිම ප්‍රදේශයකින් සොයාගත් වැඩිම වටිනාකමින් යුත් කොකේන් තොගය බව පොලිසිය සඳහන් කරයි.
බස්නාහිර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් සැකකාරියේ පදිංචි නිවස වටලා සිදුකළ සෝදිසියේදී නිවසේ අල්මාරියේ සඟවා තිබූ මත්ද්‍රවය තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට මෙරටට එවා තිබූ මෙම මත්ද්‍රවය තොගය සැකකාරිය සහ ඇයගේ පුත්‍රයා විසින් කොළඹ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලා සඳහා තොග වශයෙන් බෙදා හැර ඇතැයිද මත්ද්‍රව ජාවාරම සිදු කරන සැකකාරියට සහ පුත්‍රයාට කොල්ලූපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක් ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම වැටලීම කරන අවස්ථාවේදී සැකකාරියගේ පුත්‍රයා නිවසින් පලා ගොස් සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය 48 හැවිරිදි තැනැත්තියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd