(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටියක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය හා සමාන මත්ද්‍රව්‍යයක් සිය ගමන් මල්ලෙහි සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද අලුයම අත්අඩංගුවට ගත් බව  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි අයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි " කුෂ්" මත්ද්‍රව්‍ය හා සමාන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 010 ක ප්‍රමාණය පැකැට් තුළ අසුරා සකස් කර සගවා ගෙන තිබුණි .