කහවත්ත කොටකෙතන ඝාතන ඇතුළු අපරාධවලින් පසුව එහි ගම්වල ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නීලදුර ගමේ පිහිටැවිණි. දැනට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ 700 ක් පමණ එහි සිටිති. කහවත්ත ඕපාත වතු යායේ පරණ රෝහල් ගොඩනැගිල්ලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් කඳවුරක්ද ඇත. කහවත්ත පොලිස් මුරපොළේ පොලිසියේ තිස් දෙනෙක් සිටිති. කහවත්ත පොලිසියට තවත් 130 දෙනෙක් යවනු ලැබ සිටිති.



1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂාහ්! ලුම්බිණිට මාර ප්‍රායෝගික දැනුමක්නේ තියෙන්නේ. (නි)
තුෂාර සමඟ 100% එකඟයි. දැන් මේක හොයපු පොලීසියෙ කීදෙනෙක් මාරු කලාද? කාගේ උවමනාවටද මෙහෙම වෙන්නේ කියලා හොයාගත්තොත් මේවගේ සුල මුල හොයාගත හැකිවෙයි. (ස)
ගොඩක් හමුදාව, පොලිසිය, එස්.ටී.එෆ්. හිටියත් මිනීමැරීම් දිගටම කෙරෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. (නි)
පොලිසියට සොයාගන්න බැරි අපරාධ පිටුපස දේශපාලනය තිබෙනවාමයි. (නි)
කෝකටත් පරිස්සමින්. (නි)
බන්දුල හිතුවද යුද්ධය කරනවා වගේ ලෙහෙසියි කියලා හොර රහසේ ගේම් දෙන අපරාධකාරෙයා අල්ලන එක? (නි)
මේක පිටිපස්සේ ඉන්න දැවැන්ත දේශපාලුවා අල්ලලා එළියට දානකල් කවදාවත් කහවත්තේ මිනීමරුවෝ අල්ලනවා බොරු.දැන් මේක හොයපු පොලීසියෙ කීදෙනෙක් මාරු කලාද? කාගේ උවමනාවටද මෙහෙම වෙන්නේ කියලා හොයාගත්තොත් මේවගේ සුල මුල හොයාගත හැකිවෙයි.(ස)
මම හිතනවා මේකට වෙනම ආමි එකේ රෙජිමේන්තුවක් පිහිටවිය යුතුයි.විශේෂයෙන් හමුදා බලඇනි 10 ක් පිහිටවිය යුතුයි . අඩුම වශයෙන් 20,000 ක් අලුතින් බඳවා ගත යුතුයි ඒ රෙජිමේන්තුවට. ගුවන් හමුදාව වහාම කැඳ වියයුතුයි අඩුම වශයෙන් හෙලිකොප්ටෙර් 10ක් වත් එක්ක. නාවික හමුදාව අහල පහල ගංගා ඇල දොළ වල ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් එක්ක වහාම යෙදවිය යුතුයි. අලුත්ම තුවක්කු රුසියාවෙන් සහ චීනෙන් ගෙන්විය යුතුයි.. අවුරුදු දෙක තුනකින් ප්‍රශ්නේ ඉවරයි. (ස)
හමුදාව යවන්න තරම් දරුණු වෙලාද
දේශපාලඥ්ඥයෝ සමිබන්ධ වෙලා ඉන්න තාක්කල් ඔවා නතර කරන්න බැහැ (ස)
රංජන, කිසිම දෙයක් දන්නෙ නැත්නම් කටවහගෙන ඉන්න. (නි)
දැනෙන්න දඩුවමක් දෙන්නෙ නැතිකම නිසයා මේ සේරම. (නි)
මේ අපරාධ නවත්තන්න (දී)
පොලීසියට මේවා නවත්වන්න බැරි හේතුව කුමක්ද ? (ස)
මෙහෙමනම් කරන්න බැහැමයි. (නි)
කහවත්ත කියන්නේ මැණික්වල උල්පතක්. ඒත් දැන්? (නි)
කෝකටත් කාගෙ කාගෙනුත් කොටකෙතන ගම්වැසියන් ප්‍රවේශම් වීම හොදයි. (නි)
එල්.ටී.ටී.ඊ. හමුදාවක් මෙල්ල කරපු හමුදාවක් ඉන්න රටකට මේ පොඩි හමුදාවක් මෙල්ල කරන්න බැරි එක විහිලුවක්.එල්.ටී.ටී.ඊ.
හමුදාවේ 5000ක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේවා සිද්ධ වෙන්නේ ගෙවල් ඇතුළෙනේ. (නි)
ඝාතකයන්ට නිදැල්ලේ සැරිසරන්න ඉඩදුන්නොත් මුලු ගමටම ආරක්ෂාව දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
හැම ගෙයක් ඇතුළටම රෑට පොලිස් ආරක්ෂාව දැම්මොත් නරකද? (නි)
ගමෙම කෙල්ලො ටික ඉවරයි. ඩෙංගු මඩින්න ඇවිල්ල ගොඩක් ගම්වල කෙල්ලො අමාරුවෙ වැටුනනෙ. (ස)
මම හිතන්නේ මෙතන මුල ඉදන්ම මොකක් හරි වැරැද්දක් තියෙනව. මොකද මෙතන ස්.ටී.එෆ් එක හෝ ආමි එක යොදන්න තරම් සන්නද්ද කණ්ඩායමක් නෙමෙයිනේ ක්‍රියාත්මක වෙන්නෙ. මේකට සී.අයි.ඩී එක හොදටම ප්‍රමාණවත්. මොකද පොලිසිය මීට වඩා උපක්‍රමශීලී මිනී මැරුම් ඉතිහාසයේ ඕන තරම් හොයාගෙන තියෙනව. මම හිතන්නෙ මේකෙ ඇත්තටම සිදුවන දේ හොයා ගැනීමට අවශ්‍යනම් කරන්න තියෙන්නෙ දක්ෂ නිළධාරින් යොදවා ඒ ගොල්ලන්ට ස්වාධීනව කටයුතුකරගෙන යෑමට සැලැස්වීම පමණයි. (ස)
මේක පිටිපස්සේ ඉන්න දැවැන්ත දේශපාලුවා අල්ලලා එළියට දානකල් කවදාවත් කහවත්තේ මිනීමරුවෝ අල්ලනවා බොරු. (නි)
වැරදිකරුවන් ඇයි අල්ලන්නෙ නැත්තේ? බයක්වත් තියෙනවද මන්දා? (නි)
මේවා මෙහෙම වෙනකොට අපිටම ලැජ්ජයි අප්පා (ස)
ඔය වැඩේ ආමි එකට භාරදුන්නානම් මෙලහකටත් මිණීමරුවෝ අල්ලලා ඉවරයි (ස)
ගෙවල්වල ගෑනු දරුවන් ආරක්ෂාකර ගන්න. කහවත්තට ආරක්ෂාව දාපු එකනම් හොඳයි (ස)
රෑටත් මෙහෙම මුර සංචාර ගියානම් හොඳයි (ස)
හිර ගෙදර පන්නරයත් ඇතිනේ (ස)
අනේ මන්දා, කහවත්තටත් මොනවා වෙලාද කියලා. (නි)
රට වට කර වැට බැන්දත් වැඩක් නෑ කට වටකර වැට බදින්නකෝ....කුඩු ලොක්කට වැඩක් දෙනකම් (ස)
දේශපාලනය තියෙනකල් මේ රට ඉතිං හැමදාම ආගාධයට තමයි යන්නේ. (නි)
මොන ආමි එකෙන් දැම්මත් වැඩක් නෑ මේ දූෂිත දේශපාලන හස්තය නැතිකරනතාක් (ස)
මම හිතනවා මේකට වෙනම ආමි එකේ රෙජිමේන්තුවක් පිහිටවිය යුතුයි. අඩුම වශයෙන් 20,000ක් අලුතින් බඳවා ගත යුතුයි ඒ රෙජිමේන්තුවට. ගුවන් හමුදාව වහාම කැඳ වියයුතුයි අඩුම වශයෙන් හෙලිකොප්ටෙර් 10ක් වත් එක්ක. නාවික හමුදාව අහල පහල ගංගා ඇල දොළ වල ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් එක්ක වහාම යෙදවිය යුතුයි. අවුරුදු දෙක තුනකින් ප්‍රශ්නේ ඉවරයි. (ස)
බන්දුල කියන විදියට එහෙනම් හැමදේම ආමි එකට භාර දෙන්න තියෙන්නේ, (ස)
700ක් නෙමෙයි 1000ක් දැම්මත් ගෙවල් ඇතුලෙ මරාගන්න කොට ඒගොල්ලන්ට පේන්න විදියක් නෑ. ඒගොල්ලන්ට පෞද්ගලික වතු ඇතුලෙ පැට්‍රොල් යන්නත් බෑ. ඒ 700ට අහුවෙන්නෙ මිනීමරපු කෙනා මහ පාරෙ ගියොත් විතරයි. මිනිහෙකුට තාප්පවලින් පැන පැන පොල්වතු තේ වතු හරහා හොරෙන් ඕන තැනක යන්න බැරිද? ඔයිට වඩා ඔය පැත්තෙ මිනිසුන්ගෙ කෲර මනසවල් හදන්න ආගමික නායකයින්, මනෝ විශේශඥයින් මොනව හරි කෙරුවොත් හොඳ නැද්ද? (ස)
අනේ රටකට ගිය කල... (නි)
ප්‍රශ්ණය විසදන්න බැරි .............. නිසාලු? (ස)