
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීතී විරෝධී ලෙසින් ගෙන්වා, දිවයින පුරා බෙදා හැරීමට සූදානම් කොට තිබූ, වටිනාකම රුපියල් ලක්ෂ 150 ඉක්මවූ මත් කරල් 67,730 ක් සහ ඉන්දියන් බීඩී කොළ කිලෝ තිහක් කල්පිටිය ජන සවිපුර නිවෙසකින් එක් සැකකරුවකු සමගින් 19 වැනිදා පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
පුත්තලම ජේයෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එස්. ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කරනු ලැබීය.
අත් අඩංගුවට පත් සැකකරු ජනසවිපුර පදිංචි 35 හැවිරිදි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd