
(අංජුල මහික වීරරත්න)
එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන විසින් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුවේ දී තීරණය කෙරිණි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් මෙම අනුකමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
මේ වන විට ලෝකයට එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවධානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර තිබෙන බවත්, ඒ අනුව සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
එල්නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, බලපෑමකට ලක්වන අංශවලට අවශ්‍ය විසඳුම් සකස් කිරීමට අදාළ යෝජනා සම්බන්ධව ද අවධානය යොමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්නිනො ඇවිත් යනකං මේගොල්ලො සාකච්චා කරයි වගේ