
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රටේ ප්‍රශ්න වලට විධිමත් ලෙස උත්තර දීමට රජයට හැකියාවක් නැති බව ඔප්පු කර පෙන්වා තිබෙනවා. වී කිලෝවකට රුපියල් 150 ක සහතික මිලක් ලබා දෙනවා යැයි අද රජයේ ඇමතිවරු එදා කුඹුරට බැහැලා ගොයම් කමින් පැවසුවා. අද වන විට හිතාමතාම ගොවියාට අලාභ කරලා 120ක සහතික මිලක් ලබා දෙන්නට රජය යෝජනා කරනවා.එවැනි පසුබිමක් යටතේ වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් වැයවන බව කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවේදී කියනවා.එදා විපක්ෂයේ ඉද්දී දාපු රඟපෑම් කෝ! ගොවි දුක ගැන කතා කළා. ගොවි ජනතාව රජවරුන් කරන්න ඕනෑ යැයි කිව්වා. අද ගොවියාට කසිප්පු කාරයා යැයි කියනවා.මේ වගේ රටේ ගොවි ජනතාව අනාථ කරන්නේ ඇයි? හැකි නම් වී වලට දෙන සහතික මිල ගැන විවෘත ප්‍රකාශයක් කරන ලෙස කෘෂිකර්ම ඇමතිගෙන් අප ඉල්ලා සිටිනවා. අද වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙනවා.මාධ්‍යවේදීන්ගේ කැමරා අතින් වහනවා. ගොවි ප්‍රශ්න වලට රජයට තියෙන උත්තරය මේක තමයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd