
(ගයාන් සූරියආරච්චි)
චීන ජාතිකයකු සතු රුපියල් කෝටි 2 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු අද අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 21 ක පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඔය තක්කඩිය
තාත්තාගේ නම කියන්න ලජ්ජාද බයද ?
නමක් නැති ඇමති කෙනෙකුත් ලංකාව පාලනය කරන්න ඉඳල තියෙනව කියල අද තමයි දන්නේ. පක්ෂෙකුත් නෑ වගේ.
ඔය කියන හිටපු ඇමතියා කව්ද කියන එකත් පුතාගේ නමත් දැනගන්ඩ කැමතී.නැත්නම් විපක්ෂයේ උන් කියාවී බොරු චෝදනා දාලා අත් අඩන්ගුවට ගන්නවා,රටේ නැති කතා හදයි.
මගේ පුංචි දුව බයවෙලා බත් කන්නේ නැහැ කියලා ඇඩුව තාත්තගේ පුතා.
මමත් ආව මොනවහරි කියන්න. ඒ වුනාට මුකුත් මතක්වෙන්නේ නෑ.
අප්පා කරපු දේ පුතා නොකළොත් "නොට්ටිගේ පුතා" කියලා ජනවහරේ කියමනක් තියෙනවානේ…?
මේ නමක් නැති ඇමති පුතෙක්ද? ඔය ඕනෑම වෙලාවක ඉස්සෙල්ලම කියන්නේ “උඹ දන්නවද මම කවුද කියලා” කියන එක.
ඇමති නම ශාන්ත බණ්ඩාර කියල කියන්න බය ද?
මේ හිටපු ඇමතිලාගේ රවුම් පුතාලා වෙලා කොටු වෙන කාලයයි.
ඔය කියන හොර කොල්ලාගේ මහඑකාත් පට්ට හොරෙක් !!! ගම්කබර නම්බාගේ " නිල් බලුකායේ " හිටපු බලු හොරෙක්.
හොරකම් කරන එක හොඳයි, අල්ලනකොට තාත්තා කෙනෙක් ගහනවා, "ආණ්ඩුව පළිගන්නවා" කියලා.
කෝපි කඩේ රගපාපු නළුවාගේ නමත් එක්ක කියලා එයාගේ පුතා කරපු අපරාදයක් කීවා, දැන් ඇමතිගේ නම කියන්නේ නැ
අයියෝ සාන්ත. දුවට දැන් නින්ද යන්නෙ නැද්ද?
හිටපු ඇමතිගේ පුතාගේ නම කියන්න බයද? නැත්නම් ඥාතියෙක්ද?
ඔහු ශාන්ත බණ්ඩාරගේ පුතා යැයි ඔබට කිව නොහැක්කේ ඇයි?