
(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකය මෙරට උද්ධමනය පසුගිය ජුනි මස සියයට 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිවේදනය කළේය.
පසුගිය මැයි මාසයේ සියයට 5.4 ක්ව පැවැති උද්ධමනය ජූනි මාසයේ සියයට 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මැයි මාසයේ සියයට 1.5 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේ සියයට 3.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තු කීය.
ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන පසුගිය ජූනි මාසයේ සියයට 9.3 ක් ඉහළ ගොස් ඇති බව කියන එම දෙපාර්තමේන්තුව එම කාණ්ඩයේ උද්ධමනය පසුගිය මැයි මස සියයට 8.6 ක පැවැති බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd