(නිමල කොඩිතුවක්කු)

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 77028ක් වාර්තාවී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය. ඩෙංගු රෝගීන් 984ක් අද දිනයේ පමණක් වාර්ථා වී ඇතැයිද කන්නන්ගර මහතා පැවසීය.

ජූලි මස පළමු දින 20 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 21650 ක් හඳුනාගෙන ඇත.