(ප්‍රසාද් රුක්මල්)

මහියංගන සොරබොර වැව ප්‍රදේශයේ නිවසක කාමරයේ ඇදක් යට සගවා තිබූ විදේශ රටක නිෂ්පාදිත මිළිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, පොලිස් නිළ ඇදුම් කට්ටල 4ක්,   මත්ද්‍රව්‍ය ග්‍රෑම් 239යි මිළිග්‍රෑම් 620ක් සිය බාරයට ගත්  බව මහියංගන පොලිසිය පවසයි .

එම නිවසේ කාන්තාවකගෙන් ලද තොරතුරක් මත මෙම සැක භාණ්ඩ සොයාගෙන ඇත.

ඉටිබෑගයක දමා හොඳින් අලවා තිබු මෙම පාර්සලය තුල  අලුතින් මසන ලද කාන්තා පොලිස් නිළ ඇදුම් කට්ටලයක සහ පිරිම් පොලිස් නිළ ඇදුම් කට්ටල තුනක් තිබී ඇත. මිළිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙක අලුත්ම දෙකක් බවද පොලිසිය කීය.

නිවසේ   73 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 66 හැවිරිදි නැදෑ පුද්ගලයකු පමණක් නිවසේ පදිංචිව සිට ඇත.  කාන්තාව නිවස අස්කරමින් සිටියදි නිදනකාමරයේ ඇදක් යට ඉටිබැගයක් දැක ඇත.  ඒ සම්බන්ධයෙන්  සැකකර පොලිසියට ලබාදුන් තොරතුරක් මත මෙම සැකකටයුතු භාණ්ඩ සොයා ගත් බව  පොලිසිය සදහන් කලේය .

මෙවා සඟවා නිවසේ කාමරයේ ජනේලයක් කඩා දමා තිබු බවත්, නිවසේ කතුන් දෙදෙනා 9 වැනි දින නිවස වසාදමා වන්දනා ගමනක ගොස් පැමිණ ඇති බවත් පොලිසිය සදහන් කළේය .

කිසිවෙකු කාමරයේ ජනේලයක් කඩා ඇතුලු වී  ඇද යට සඟවා තබා යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

ඌවපලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහකාර පොලිස් අධිකාරි 1 වේහිත දේශප්‍රිය සහකාර පොලිස් අධිකාරි 11 කේ.එම්. ඒ.කේ.බංඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර හේරත් මහතා ඇතුළු නිළධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති .