මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියකින් දැනුම් දී ඇත.
මරණ දඬුවම වෙනුවට බන්ධනාගාර ගත කිරීම ආදේශ කළ යුතු බවත්, එක් එක් අපරාධවල බරපතලකම සළකා සිරගත කරන කාලය තිරණය කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම ජනපතිට නිර්දේශ කර තිබේ.
සිර දඬුවම් ලිහිල් කිරීමේ දී ඒ එක් එක් අපරාධය හේතුවෙන් සමාජයට සිදුවන බලපෑම සළකා ජාතික ප්‍රතිපත්තියක් අනුව කටයුතු කළ යුතු බව ද උඩගම මහත්මිය සිය ලිපියේ දක්වා ඇත.
මූලික අයිතිවාසිකම් වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ලැබී ඇති බලතල අනුව කොමිසම එම නිර්දේශ නිකුත් කර ඇත.
මරණ දඬුවම නිසා ජීවිතයට ඇති අයිතිය ද කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමකම් ද ප්‍රබල ලෙස උල්ලංඝණය කරන බවට ලොව පුරා ඇති පිළි ගැනීමෙන් මිදීමට ශ්‍රී ලංකාවට නොහැකි බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
මරණ දඬුවම අහෝසි කර ඇති රටවල් 100ක් සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලංකාව මූලික මානව හිමිකම් පිළිබඳ පවතින කැපවීම ප්‍රත්‍යක්ෂ කළ යුතු බව ද එම ලිපියේ දැක්වේ.
1976 සිට බලයට පත් රජයන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අගය කරන මුත්, දණ්ඩ නීති සංග්‍රය සහ 1984 අංක 13 දරණ පනතින් සංශෝධනය වූ වස අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත වැනි නීති යොදා ගනිමින් දිගින් දිගටම මරණ දඬුවම නියම කිරීම සිදුවන බව ද කොමිසම සඳහන් කරයි.
අපරාධ නිශේෂන ක්‍රමවේදයක් ලෙස මරණ දඬුවම යොදා ගන්නා බවට මරණ දඬුවමට පක්ෂපාතී පාර්ශව කරුණු දක්වන බවත්, එනමුත් ඵලදායි අධිකරණ පද්ධතියක් සහ සාධාරණ සමාජ වටපිටාවක් අපරාධ අඩුකරන හේතුන් බවත්, අපරාධ අනුපාතය අඩුවීමට හෝ අපරාධ වැළැක්වීමට මරණ දඩුවම හේතුවූ බවට පර්යේෂණාත්මක දත්ත නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනපතිට යැවූ ලිපියේ දැක්වේ.
අභියාචනා කිරීම ද, නඩු විභාග කළ විනිසුරු වෙතින්, නීතිපති වෙතින් සහ අධිකරණ ඇමැතිවරයා වෙතින් නිර්දේශ කැඳවීම වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ තිබිය දී වුවත් අපරාධයක් සිදු නොකළ අහිංසක පුද්ගලයන් මරණ දඬුවමට ලක් කිරීමේ අවධානම පවතින බව කොමිසමේ මතය වී තිබේ.
චූදිතයනට මරණ දඬුවමකට ලක් කර බොහෝ කාලයක් ඉක්මවූ පසුවත් අලුත් විමර්ශන ක්‍රමවේදයන් හා තාක්ෂණය හේතුවෙන් නව සාක්ෂි යොසා ගැනීම නිසා පළමුවන සාක්ෂිවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න මතු වූ බොහෝ අවස්ථා නිරීක්ෂණය වූ බව මානව හිමිකම් කොමිසම කියයි.
සමහර චූදිතයන් වැරදිකරු වන්නේ එම වරදට වරදකරු වීම නිසා නොව ප්‍රමාණවත් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා බවත්, චූදිතයන් අඩු ආදායම් තත්ත්වයක සිටින විට දක්ෂ නීතීඥයන්ගේ සේවය ලබා ගැනීමට හැකි මූල්‍ය ශක්තියක් නැතිකම ද මරණ දඩුවමට ලක්වීමේ අවස්ථා වැඩි කරන බව කොමිසම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් ගල්යුගයේ අදහස් සමග ජීවත්වන මිලේඡ්ජ අදහස් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව නොවැටිය යුතුයි.බෞද්ධ රටක මරණ දඞුවම කිසිසේත්ම ක්‍රියාත්මක නොවිය යුතුයි.අපරාධවල බරපතලකම සළකා සිරගත කරන කාලය තිරණය කළ යුතු බවට නිර්දේෂ ඉදිරිපත්වීම ගැන සතුටුවිය හැකියි. (ස)
ඉන්දික 2016-01-04 16:18:11 මහත්තයෝ ඔයා දන්නවද ඔය ක්‍රම දෙකම දරුණු අමානුෂික ක්‍රම දෙකක් කියල. එන්නත් ලබා දෙන්න වෛද්‍යවරු ඉදිරිපත් නොවෙන නිසා ඕක කරන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය අය. හරියට නහර අල්ලන්න දන්නේ නැති නිසා මේ දඩුවමට ලක්වෙන අය ගොඩක් විදවනවා. විදුලි පුටුවේ යන අය එක පාර මරුනේ නැත්තන් තප්පර 30 කින් ආයෙත් වෝල්ට් 200-2000 ක් අතර ආයෙත් දෙනවා. මේ අමානුෂික ක්‍රම ලෝකයේ තවමත් පැවතීම ගැන මිනිසුන් විදිහට අපි ලජ්ජා විය යුතුයි. (බ)
මරණ දඩුවම කියන එක හැමදේටම නොවෙයි බරපතල වැරදි සඳහා ක්‍රියාත්මක විය යුතුයි. වැරදි කරපු මිනිහගේ මානව හිමිකම් බලන්න කට්ටිය හිටියට ඒ වැරැද්දට භාජනය වන පුද්ගලයා වෙනුවෙන් ඇයි මිනිසුන් නිහඩ. (ම)
දීපිකා උඩුගම නෝනේ ඔය වගේ ලිපියක් සෞදියටත් ලිව්වනම් නේද හොද. (බ)
අපේ රටට ඕනේ සෞදි රටේ නීති. මරණ දඩුවම ලිහිල් වැඩියි කරන අපරාධවලට. (බ)
අසාද් මම එකඟයි ඔබේ අදහසට (බ)
අසාද්..ඔයා හරි.තව කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කරපු කෙනෙකුට කොහෙද මානව හිමිකම්.මේ අදහස් ඇතුලේ ඉන්නේ අපරාධකරුවන්ගෙන් යැපෙන අය. ඒ ගොල්ලන්ට ඕනේ අපරාධකරුවන්ගේ රැකවරණය. (බ)
මිනීමැරුම්, ස්ත්‍රී දුෂක, ළමා අපරාද , සහ මත් කුඩු ජාවාරම් කරුවන්ට අනිවාර්යෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. (බ)
එතකොට අමනුසික විදියට මැරුම් කන්න වෙන අහිංසක වින්දිතයන්ට වෙන අසාධාරණය පෙන්නේ නැද්ද? (ම)
මේ වගේ හිතන හින්දා තමයි මේ රට හදන්න බැරි. අපරාධකාරයො බය නැතුව අපරාධ කරනවා. අහිංසක මිනිස්සු දරුවො අකාලෙ මැරෙනවා. අසාද් වගේ අයගේ අදහස් ඇයි මේ නෝනලට පහළවෙන්නේ නැත්තේ. (නි)
අසාද් සමග එකඟයි.වැරදි කරපු මිනිහගේ මානව හිමිකම් බලන්න කට්ටිය හිටියට ඒ වැරැද්දට භාජනය වන පුද්ගලයා වෙනුවෙන් ඇයි මිනිසුන් නිහඩ රටේ සිදුකරන අපරාධ නතරකිරීම කොමිසමට බාරයි. (බ)
මානව හිමිකම් කාරයන් හැමදාම ඉන්නේ අපරාධකාරයන්ගේ පැත්තේ. එක අපරාධකාරයෙක් වෙනුවෙන් කතා කරනවා. නමුත් එම අපරාධකාරයා නිසා බොහෝ දෙනෙක්ගේ මානව හිමිකම් කඩ වෙලා ජීවත් වීමේ අයිතිය පවා උල්ලංගනය වෙනවා. ඒවා පෙන්නේ නෑ (බ)
මෙයාලා අපරාධකාරයන්ව ආරක්ෂා කරනවා. ඔච්චර දියුණු ඇමෙරිකාවෙත් මරණ දඩුවම තියෙනවා. විදුලි පුටුව හෝ විෂ එන්නත . ඒ දෙකෙන් ඕනේ එකක් අපරාද කාරයට තෝරා ගන්න පුළුවන්. (බ)
මේ කට්ටිය මරණ දඬුවම දෙන්න එපා කියන්නේ එයාලගේ කාටවත් තවම කෘර විදිහේ කරදරයකට මුණ දෙන්න සිද්ධ වෙන්නේ නැතුව ඇති...මරණ දඬුවම දෙන්න යන්නේ මිනී මරුවන්ට ජීවිත විනාශ කරන කුඩු කාරයොන්ට එ්කෙන්වත් සමාජයේ හොඳ පැත්ත දකින්න මිනිසුන් යොමුකිරීමට ගන්න උත්සාහයට මොකද මෙතරම් අනුකම්පාවක් ...(බ)
හරියට හරි මහින්ද. තුවාලයේ වේදනාව තියෙන්නේ තුවාලය තිබෙන කෙනාට. අදහස්,විවේචන තර්ක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. කොහොම වුණත් අමානුෂික විදියේ දෙයකට ගොදුරුවුණ කෙනෙක් කවමදාකවත් එල්ලුම්ගහ එපා කියන්නේ නැහැ. (නි)
මරණ දඬුවම කියන්නේ, මිනීමැරුමක් වගේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ලාල්, මරණ දඬුවම එපානම් හිර දඬුවම් දෙන්නේ ඇයි? ඒකත් පවක්නේ. මොන අපරාධය කළත් අපරාධකරුගේ මානව හිමිකම් ගැන හිතලා ඔහුට සමාව දෙන්න. (නි)
සුබ පැතුම්! (නි)
මම ලංකාවේ උසස්ම නීතිය රකින නිලධාරීන් කීප දෙනෙකු සමග කතා කළා ඔබල සියලු දෙන විශ්වාස කරාවිද මන්ද සියයට අසූවක් අහිංසකයෝ හිරබත් කනවා. දීපිකා මැතිනිය මේ ගැන සෙව්වොත් හොඳයි (බ)
අපට ලෝකේ කොහොමද මරණ දඬුවම දෙන්නේ කියන එකට වඩා, කෙනෙක් මොකටද තව කෙනෙක් මරන්නේ කියන හේතුව සෙවිය යුතුයි. අන්න එකට හේතු සොයා පිළියම් යෙදුවා නම්, අපට මරණ දඬුවම ගැන සිතීමට හෝ කතාකිරීමට පවා සිදුවන්නේ නැත (නි)
ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත සහ වෙනත් රටවල් කීපයක මරණ දඬුවම ක්‍රියාත්මක වෙන බව ඇත්ත. ඒ වගේම ඇමෙරිකාවේ නීතියක් තිබෙනවා. ලංකාවේ මේක ක්‍රියාත්මක කළොත් වෙන්නේ දුප්පත් අහිංසකයෝ මැරිලා, සල්ලි තිබෙන මිනිස්සු බේරෙන එක. (නි)
එහෙම කියලා කොහොමද? (නි)
අපරාධ කාරයන්ට විටමින් දෙනවා! තමන්ගේ කෙනෙකුට දෙයක් වෙනකම් මෙහෙම කියාවි. නීතිය ක්‍රියාත්මක කරනු. (ස)
අපි මේවට අදහස් දාන්නේ නැත්තේ හරි දේ රටේ ක්‍රියාත්මක වෙන නිසා අමුතුවෙන් ලියන්න මහන්සියක් වෙන්න ඕනේ නැති නිසයි. ඔය මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කියන කට්ටිය රටේ බහුතරය නෙමෙයි. බැරි වෙලා හරි මරණ දඩුවම ගෙනාවොත් අපි බහිනවා පාරට. කෙනෙක් මිනිමරුවෙක් වෙන්නේ අපරාදකාරයෙක් වෙන්නේ සමාජයේ ,ක්‍රමයේ තියෙන අඩුපාඩු නිසා. ඉස්සෙල්ල ඒවා හදල ඉන්න. (ස)
ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි පුද්ගලයෙක් හිරේට ගියොත් පස්සේ නිවැරදිබව ඔප්පු වුනොත් ඔහුව නිදහස් වෙනවා. ඒත් මරණ දඬුවම ක්‍රියාත්මක වුනොත් පස්සේ නිවැරදිබව ඔප්පු වුනොත් ඒක හරි ගස්සන්නේ කොහොමද? (ස)
මරණ දඩුවම කියන එක හැමදේටම නොවෙයි බරපතල වැරදි සඳහා ක්‍රියාත්මක විය යුතුයි. වැරදි කරපු මිනිහගේ මානව හිමිකම් බලන්න කට්ටිය හිටියට ඒ වැරැද්දට භාජනය වන පුද්ගලයා වෙනුවෙන් ඇයි මිනිසුන් නිහඩ. (බ)