(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධවලට චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැගවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේදී භාවිතා කළ ඩ්‍රෝන යානා , මිසයිල වීඩීයෝ සහ ජායාරූප ගත කර තම ජංගම දුරකථන තුළ තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ,   ගුවන් යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණි .

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු ද සිටින අතර ඉතිරි පිරිස මෙරට විවිධ ප්‍රදේශ වල පදිංචි පිරිමි පුද්ගලයන් 19 දෙනෙකි .

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා එම ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණි .

ඉන්පසුව කාළගුණික තත්වය යහපත් වූ පසු  මෙම ගුවන් යානා දෙක මත්තල සිට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අදාල පොලිස් ස්ථාන වෙත භාර දීමට පියවර ගන්නා ලදි.