‘ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය‘ අද කොළඹ කොටුවෙන් විරෝධතා පෙළපාළියක් ආරම්භ කළේය.
කොටුවේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දක්වා ඔවුහු පාගමනින් යති.
රජයේ රැකියා බලාපොරොත්තුවෙන් ඔවුහු තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ‘උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු‘ යන්න ඔවුන්ගේ සටන් පාඨ අතර වෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මව කිවත් ගොඩකට තියෙන්න කලා උපාධි. ඒ නිසා පුද්ගලික අංශයෙවත් ජොබ් එකක් ලැබෙන්නේ නැත්තේ.. දැන් පේනවනේ අර කාර්යාල වල ඉන්න අය වැඩ කරන්නේ නැතුව..(බ)
බය වෙන්න එපා ඕගොල්ලන්ට මේ ආණ්ඩුවෙන් රැකියා දෙයි. (ර)
රැකියාවේදී අන්‍යන් සමග සුහදව කතා කටයුතු කිරීමට සහ කැප වීම , යනාදිය විශ්ව විද්‍යාල වලට බලෙන් සිසුන්ගේ ඔලුවට දන්න බැහැ. තමන්ගේ අඩු පාඩු මග හැරගෙන රැකියාවට අවශ්‍ය විදියට හැඩ ගැසීම තමන්ගේ පුද්ගලික වගකීමක්. ආණ්ඩුවට හෝ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන උදවියට තමන්ට හැම දේම ඇඟිල්ලෙන් ඇන ඇන කියා දීමට විදියක් නැහැ නේද ? සේවාව ලබා ගන්න එන මහජනයාගේ ඇඟට ගොඩ වෙන රජයේ සේවකයාගේ මුතුන් මිත්තන් මිසක් අපි එයාගේ සරසවි ගුරුවරු මතක් කරන්නේ නැහැනේ, (බ)
උපාධියක් ගත්තා කියලා රැකියාවක් දෙන්න ඕනෑද? කොහෙද එහෙම ලියලා තියෙන්නේ? උපාධිය කියන්නෙත් එක සුදුසුකමක් විතරයි. එතකොට උසස්පෙළ සමත් අයටත් දෙන්න ඕනෑද? (නි)
මේගොල්ලන් රජයේ රැකියාවක් ඉල්ලන්නේ උදේ 10 විතර වැඩට ඇවිත් කිසිම වැඩක් නොකර ඈනුම් අරිමින් ඉඳලා වෙලාවට ගෙදර ගිහින් පඩිය ගණන් කරන්න පුළුවන් නිසා. පුද්ගලික අංශයේ වැඩට යන්න කැමති අතලොස්සයි. ඔන්න ඒ කට්ටිය නම් උගත් කමෙන් ප්‍රයෝජනයක් අරන් වැඩක් හරියට කරනවා ඇති. ඒ මොකද ඔය පුද්ගලික අංශයේ අයිස් ගහලා බේරෙන්න බැහැනේ. (ර)
කිසිම දියුණු රටක මෙහෙම ප්‍රතිපත්තියක් නැහැ. යම් රැකියාවක් කිරීමට අදාල කුසලතාව සහ හැකියාව පමණයි අද කාලයේ රැකියා අවස්තාවන් වලට මුලික සුදුසුකම වෙන්නේ. (ර)
අපේ ඔෆිස් එකට දැන් මාස 4 කට කලින් ගත්තු අලුත් උපාධිදාරියෙක් ඉන්නවා. තවම හරියට කස්ටමර් ට යවන ලියුමක් පිලියල කර ගන්න බැහැ. උසස් පෙළ විතරක් තිබෙන අපේ පියන් ඉංග්‍රීසියෙන් නිවැරදිව දත්ත ඇතුලත් කරලා එයාට වැඩිය ලියුම් ලියන්න දන්නවා. දැන් මේවා ලියන අපිට කට්ටිය බනිවි . ඒ වුනාට තිත්ත ඇත්ත පිළිගෙන නිහතමානිව තමන්ගේ අඩු පාඩු හදා ගත්තොත් උපාධිදාරියාගේ වටිනාකම බොහොමයි. (ස)
රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ කාර්ය භාරය වනුයේ ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්‍ෂව සහ තම රටට අවශ්‍යය දැනුමින් පිරිපුන් පුරවැසියන් බිහි කර ගැනීමයි. එවන් සැලසුමක් වේ නම් උපාධිධාරීන් ඉංග්‍රීසි දැනුමින් තොර අඳ ගොළු බිහිරන් වෙන්නේ කෙසේද? කොරෙකු කර තබාගත් අන්ධයෙකු බිහිරෙක් සමග කතා කරමින් යන මේ ගමන නැවැත්විය යුතු කාලය දැන් එළඹ ඇත. (ර)
මොකට මේ අයට උපාධී දෙනවාද මන්දා (ම)
උපාධියක් සම්පුර්ණ කිරීමේ දක්ෂකම රැකියාවක් සාර්ථකව කිරීමේ හැකියාවට සමහරු පටළවාගෙන. ඉගෙනීමට දක්ෂ වුණ පළියට යම්කිසි රැකියාවකට ඒ ටික පමණක් තිබීම අද ප්‍රමාණවත් නැහැ. හැම දෙයකටම ආණ්ඩුවට බනින්නේ නැතුව ලැබෙන රැකියාවකට ගොස් පසුව දියුණුවෙන්න කැමැත්තක් නැහැ වගේ. දියුණු රටවල උපාධිධාරීන් කම්කරු රැකියා වල පවා යෙදෙනවා. (නි)
රස්සාවල් ඕනෑතරම් තියෙනවා රටේ. එහෙත් ගැළපෙන මිනිස්සු නැහැ. ඒක තමයි ඔය භානු කිවුවේ (නි)
මේක උපාධිධාරීන්ට පමණක් ඇති ප්‍රශ්නයක් නෙවේ. ලංකාවේ ඉන්න බොහෝ මිනිස්සු වැඩ කරලා, මහන්සිවෙලා දියුණු වෙන්න හදන අය නෙවේ. රැකියාව අවශ්‍ය වන්නේ මහන්සි නොවී හෝ අඩුවෙන්ම මහන්සිවී තමන්ට මුදල් උපයා ගැනීමට පමණක් කියන ආකල්පයේ බොහෝදෙන ඉන්නවා. කලා විෂයන්ගෙන් උපාධියක් කළ පමණින් පුද්ගලිකාංශයේ රැකියා අවස්ථා නැති වන්නේ නෑ. මමත් කලා විෂයක් උපාධියට කරලා සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දක්වා ආවේ සමාජ සම්බන්ධතා හෝ මුදල් හෝ පන්දම් හෝ නිසා නොවේ. මට තිබුනේ ඕනෙම දෙයක් හරියට කිරීමේ "ගායක්". රජයේ හෝ පුද්ගලික අංශයේ වැඩ කරන්න කැමති නැති පෙළපාලිවලින් රැකියා ඉල්ලන අයට ජාතික ප්‍රතිපත්ති සකසන්න ඕනෙද? මම හිතනවා මගේ අදහස් සියල්ලම කපන්නේ නැතුවම දැම්මොත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල. (බ)
තමන්ගේ උගත්කම ගැන පමණට වැඩිය අධි තක්සේරු කිරීම නිසා තමයි මේ රැකියාවේ ප්‍රශ්නය. (ම)
රටකට අවශ්‍ය වෛද්‍යවරු ,ඉංජිනේරුවරු, ගුරුවරු වශයෙන් ගොඩනැගීමේ ක්‍රමවේදයක් සකස් කිරීම රජයේ වගකීමක්. හැම ක්ෂේත්‍රයකම නිසි පුහුණුවක් ලබාදීමද රාජ්‍යය වගකීමක්. අපේ රට මෙතෙක් රටට අවැසි ශ්‍රම බලකායක් ගොඩ නැගීමේ වැඩ පිළිවෙලක් සකස් කර නැත, (බ)
ප්‍රතිචාර වලින් කියන්නේ වඩා නිවැරදි විය යුතු තැන් ඇති බවය (ම)
බදු ගෙවන මිනිස්සුන්ගේ මුදලින් ඉගැන්නුවා මදිද? තවත් රටට බරක් නොවී උගත් කමේ හැටියට තව දුරටත් කුසලතා වර්ධනය කරගෙන පෞද්ගලික අංශයට හෝ ස්වයං රැකියාවකට යොමුවෙන්න බැරි මොකද? (ස)
මමත් වැඩ කරන්නේ පුද්ගලික ආයතනයක. එකේත් ඉන්නවා අතුකෝරල කියපු වගේ මානව සම්පත් කළමනාකරුවෙක්. අලුතෙන් එන ළමයෙක්ට බැරිවෙලාවත් උපාධියක් තිබුනොත් ආව දවසේ ඉදන් කපනවා. පස්සෙ දන්නේ අපිත් යන්තං ඉංග්‍රිසි ටිකක් දන්න එක්කෙනෙක් කියලා. ආයතනයේ ප්‍රධානියා දන්න හිතවත් කමට අරන් තියෙන්නේ. ඔන්න ඔහොමයි පුද්ගලික ආයතන. (ර)
මමත් කැම්පස් ගිහින් ඉගෙනගෙන මගේම කියල ලොකු ව්‍යාපාරයක් පටන්ගෙන දැන් ගොඩක් ඉහල තත්වයක ඉන්නවා. මම උසස්පෙළ කරපු කාලේ මට තිබුනේ කමිස 2ක් විතරයි. මම මෙතනට අවේ මගේම උත්සාහයෙන්. මම පටන්ගත්තේ බින්දුවෙන්. කෙටි කලකදී මෙතරම් දියුණු උනේ කාගෙවත් උදව්වකින් නෙවෙයි. එකට කැම්පස් ගිහින් ඉගෙනගතිපු දේ ලොකු හයියක් උනා. නැත්නම් මේවගේ සාර්ථකත්වයකට එන්න බෑ. (ස) කැම්පස් ගිහින් ඉගෙනගත්තනම් රස්සාවක් දෙන්න කියල හිඟාකන්නේ ඇයි??? කටපාඩම් කරලා විබාග ලියල උපාදිය ගත්තට වැඩක් නෑ. මෙයාල කැම්පස් හිටපු කාලේ ආතල් ගන්නවා, දේශපාලනය කරනවා, අන්තිමට රස්සාවක් ඉල්ලලා හිඟා කනවා. ඔයිට වැඩිය හොදඊ සල්ලි ඉල්ලලා හිඟා කෑවනම්
හැම දෙයක්ම ආණ්ඩුවෙන් කරලා දෙන්න ඕන කියලා කල් මරන එකෙන්ම ඔෆිස් එකේ වැඩක් බාර දුන්නොත් ඒකට කොච්චර කල් ගනීවිද කියලා අපිට තේරෙනවා. මේ වගේ උදවිය තමයි රජයේ කාර්යාලවල ෆයිල් ලිපි ගොනු තමන් ළඟට ඇවිදගෙන එනකල් ඈනුම් යවමින් බලන් ඉන්නේ.(ම)
අධ්‍යාපනය නොමිලේ ලැබුනත් ඒ ලැබෙන අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල නම්, එමගින් ලැබෙන ප්‍රතිපලහිත් ගැටළු ඇතිවෙන බව තර්කානුකුලයි නේද? විශ්ව විද්‍යාලවල පමණක් නොවෙයි පාසල් වලත් විෂය නිර්දේශ යාවත්කාලින විය යුතුයි. නවීන ලෝකයට ගැලපෙන ලෙස විෂය ධාරාවන් සකස් විය යුතුයි. වර්තමාන විශ්ව විද්‍යාලවල සිසුන්ගේ හැසිරීම දෙස බැලුවාම, උගතුන් බිහිවීම කෙසේ වෙතත්, අඩුතරමේ , විනය ගරුක සංවර පුරවැසියන් හෝ මේ විශ්ව විද්‍යාල තුලින් බිහිවෙනවා දැයි සැක සහිතයි.(හේ)
මන්ත්‍රී බුරුත්ත අඩු කළා නම් ....(බ)
සම්පත් කියපු කථාව හරි අධ්‍යපනයෙන් 1% තරම් ප්‍රයෝජනයක් ගත්ත මනුස්සයෙක් දුක් මහන්සියේන් ඉගෙන ගත්තු අයෙක්ව ගරහන එක වැරදියි. මේ අයට නිසි අවස්තාව දීලා රට සංවර්ධනය කරන්න ගන්න ඕන. (බ)
උපාධියට/උසස් පෙළට/ සා පෙළට රස්සා දෙන ක්‍රමවේදයක් තුළ ඔවුන් පිළිබඳ දත්ත පද්ධතියක් ඕනැ. සෑම රජයේ රැකියාවකටම බදවා ගන්න ඕනැ තරග විභාගයකින්. එතකොට දක්ෂයාට රැකියාව ලැබෙනවා. දත්ත පද්ධතිය තුලින් කෙනෙක් විභාග කීයකට පෙනී සිටියද කියලා බලා ගන්න පුළුවන්. එතකොට විරෝධතා දක්වන අයට උත්තර දෙන්න පුළුවන්. සහතිකයට රැකියා දෙන ක්‍රමය වෙනස් කරන්න ඕනැ. එතකොට රැකියාවල ගුණාත්මක බව වැඩි වේවි. විරෝධතාවලට යට වෙලා රස්සා දෙන්න ගියොත් ඒ බරත් අදින්න වෙන්නේ සාමාන්‍ය ජනතාවට. (බ)
බානු, ඔයානම් හරියටම උපාදි අරහන්. ගොඩක් මානව සම්පත් කළමනාකරුවන්ගේ මතය ඕකම තමයි. (ර)
තරිදු, ඔයාට කියන්න තියෙන්නෙත් බොරු කියන්න එපා කියලා. (ර)
අපිට මේ කරදර තවත් නම් එපා (නි)
ඇයි මේ රජයේ රැකියාම ඉල්ලන්නේ?තමන්ට සුදුසුකමට සරිලන රැකියාවක් ලැබෙනවා නම් කරන වැඩට හරියන පඩියක් ලැබෙනවා නම් ඇයි රජයේද පුද්ගලිකද හොයන්නේ? (ම)
ඔය සමහරු භානුට බැන්නාට අපි නේ දන්නේ කාර්යාලයේ ඇතැම් උපාධිධාරින් ට වැඩක් කිව්වාම ඒගොල්ලන්ගේ හැසිරීම. සමහරු හිතන්නේ මහන්සි වෙලා වැඩ කරන එක තමන්ගේ තත්වයට මදි කමක් කියලා. (බ)
උපාධි ධාරී වැඩිම පිරිසකට ආණ්ඩුවේ රස්සාවල් දුන්නේ මහින්ද මහත්තය පමණයි. එදා කට්ටිය ගොඩ . අද කට්ටිය පාරේ. ඔන්න වෙනස .(ම)
දැන් උපාධි ධාරින් පාරේ ඉගෙන ගත්තට වැඩක් නෑනේ.(හේ)
උපාධි ධාරින්ට රැකියා ලබාදීම රජය සතු වගකීමකි ..රැකියාව ගත්පසු අවංකවම රට්ටට සේවය කිරීම උපධි ධාරියාගේ වගකීමකි (හේ)
මේ බහුතරයක් උදවියට තිබෙන්නේ උපාධිය පමණයි. රැකියාවකට අදාළ කුසලතා අඩුයි. පරිගණකයෙන් රාජකාරි ලියුමක් ඉංග්‍රීසියෙන් යවාගන්න බැහැ. පාරිභෝගිකයන්ට විනීතව සුහදව කතාකරන හැටි, කණ්ඩායමක් වශයෙන් වැඩකරන හැටි, ආයතනික ගැටළු ඉදිරියේ හැසිරෙන හැටි මොනවත් දන්නේ නැහැ. වැඩ ඉගෙනගැනීමට කැමති නැහැ තමන් සියල්ල දත් කියලා. කැපවීමක් නැහැ. රැකියාවකට ආ ගමන් ඊළඟට පඩිය වැඩිවීම සහ ආයතනයෙන් ගන්න පුළුවන් වාසිය මොකද්ද කියා විතරයි හිතන්නේ. ඉතින් කොහෙද මේ අයට පුද්ගලික අංශය හරියන්නේ. (නි)
ගොඩක් වෙලාවට මානව සම්පත් කළමනාකරුවෙක් වෙන්නෙ යන්තං උසස් පෙළවත් නැති ඉංග්‍රීසි ටිකක් විතරක් ඉගෙන ගත්තු අය. මේ අයට මාර ඉරිසියාවක් තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගත් අය ගැන. (බ)
රැකියාවේ අදාළ රාජකාරි වල කාර්යක්ෂමතාවක් නැති නම් උපාධියෙන් වැඩක් තියද ෂෙල්ටන් ? ඔය මානව සම්පත් කට්ටියට බැනලා වැඩක් නැහැ. ඒ මිනිස්සු කරන්නේ අදාළ තනතුරට උපරිම වටිනාකමක් දෙන සේවකයන් සෙවීම. ආයතනයකට ලාභයක් ලබාදෙන්න බැරි සේවකයන්ගෙන් මොකද්ද ඇති වැඩේ ? (බ)
භානු, ඔයාගේ කතාව වැරදියි. හැමෝම එහෙම නැහැ. කැම්පස් යන්න බැරිවුණාට, ගිය අයට ඊර්ෂ්‍යා කරන්න එපා. ඔයා වැඩකරන තැන ඉන්න කැම්පස් කොල්ලන් ගැන ඊර්ෂ්‍යාවෙන් ඉන්න බව පෙනෙනවා (නි)
ලෝකයේ මොන රටේද සරසවි අධ්‍යාපනයත් නොමිලේ දීලා ඊළඟට රැකියාවත් අතට පයට හොයලා දෙන ජාතික ප්‍රතිපත්තියක් තියෙන්නේ? අපි රජයේ තැනකින් වැඩක් කරවා ගන්න ගියාම උපාධියේ ගුණාත්මකභාවය උපාධි ලෝගුව අස්සෙන් වැක්කෙරනවා කියලා තමයි කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ. (නි)
භානු උඩින් පල්ලෙන් කරුණු ඉදිරිපත් කිරීම බුද්ධිමත් කියවීමක් නොවෙයි විශ්ව විද්‍යාලයට ඇතුල්වන්නේ ඉතාමත් දක්ෂ දරුවෝ. රටට අවශ්‍යය දැනුම ලබාදිය යුතු වන්නේ විශ්ව විද්‍යාලයයි. ඔබ ඉදිරිපත් කරන අඩුපාඩු දරුවන්ගේ නෙවෙයි. විශ්ව විද්‍යාලය සහ රටට අවශ්‍ය දැනුම පිළිබඳව රජයේ වගකීම බැහැර කරන්න බැහැ. (ර)
අතුකෝරල දන්නා දෙයක් කතා කරන්න. ඔබතුමා වැඩ කරන්නේ ආණ්ඩුවේ ඈනුම් අරින කන්තෝරුවක වද්ද? හොඳයි ඔය භානු කියපු දේවල් වැඩක් නැති නම් මොනවාද අද කාලයට ඔබින රැකියා කුසලතාව? උද්ගෝෂණ කරමින් බෙරිහන් දීමට හැකි වීමද ? (බ)
සම්පත්, මම මෙතන මගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මම පිළිගත් ආයතනයක මානව සම්පත් නිලධාරියෙක්. මෙතන ලියන්නෙත් නිවාඩුවක් ලැබුන විට. මම මේ ලිව්වේ අත්දැකීමෙන්. ඔය ඊර්ෂ්‍යාව කියන දෙය සාපේක්ෂයි. (නි)
භානු කියන දේ පැහැදිලියි. ඒත් මේ අහිංසකයින් එයට පළි නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන නොකර අධ්‍යාපන ඇමති තනතුරු වැඩිකළාට ප්‍රශ්නය එතැනමයි. (නි)
අතුකෝරල ගේ ඉරිසියාව කියපු එකෙන්ම තේරෙනවා. අදම ඉංග්‍රීසි නයිට් පන්තියකටවත් ගිහින් ඔය හීනමානය නැති කර ගත්තොත් හොඳයි නේද ? (බ)
සම්පත් , භානු කියන දේවල් වල යම් ඇත්තක් තිබෙනවා. මමත් වෘත්තිකයෙක් වශයෙන් රැකියාවේ අත්‍යාවශ්‍ය කුසලතා අලුත පිටවෙන උපාධිධාරීන් විසින් තව දියුණු කරගත යුතු බවට එකඟයි. (නි)
සමහරුන්ගේ මෝඩකම කොච්චරද කිව්වොත් මානව සම්පත් අංශයට බනිමින් රැකියාවන් බලාපොරොත්තු වෙනවා. මාළුවා නහින්නේ කට හින්දාලු. ! (බ)
ගුණසේකර, ඔබගේ කියමන මෙහෙම සංශෝධනය වුනොත් හරි නැද්ද? "උපාධිධාරීන් කිරීමට නොමිලේ අධ්‍යාපන පහසුකම් සැළසීම රජයේ වගකීමකි ..රැකියාවක් ගත් පසු අවංකවම රටට සේවය කිරීම මහජන මුදලින් අධ්‍යාපනය ලැබූ උපාධිධාරියාගේ වගකීමකි ". (බ)
අතුකෝරල ඔයා වගේ ආකල්ප තියන උදවිය නම් කොහොමටත් පුද්ගලික අංශයට ගන්නේ නැහැ. ඔන්න ඕක තමයි විවිධ අධ්‍යාපන මට්ටම් සමාජ ස්තර වල උදවිය එක්ක ගැටුම් නැතිව වැඩ කරන්න හැකි වීම අද ලෝකයේ රැකියා වෙළඳ පොලේ අත්‍යාවශ්‍ය කුසලතාවක් වෙන්නේ. (ර)
මෙයාලට කියන්න පාරට නොවෙයි, රට සංවර්ධනය කරන්න කුඹුරට හා කර්මාන්ත ශාලා වලට බහින්න කියාලා. (ර)
මම සමත් සාමාන්‍ය පෙළ විතරයි.කොළඹ ඉස්කෝලෙකට ගියා .ඉංග්‍රීසි ටිකක් කතා කළා .එක දවසක් ජෝබ් එකක් නැතුව ඉදලා නැත. දියුණ රටකට ආවත් එහෙත් එහෙමයි .. ඕක ක්‍රමයේ නැත්නම් ධනවාදයේ ප්‍රතිපලයක් උගතාට තැනක් නැත ..සටන් කර ක්‍රමය වෙනස් කරන්න නැත්නම් මහා පාරේ තමා (බ)