
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ණය සහ ප්‍රදානයන් ලෙස ඉන්දීය රුපියල් කෝටි 400 සහායක් ලබාදීමට ඉන්දීය රජය මෙම වසරේ අයවැය කෙටුම්පත මගින් යෝජනා කර ඇත.
2026/27 අයවැය කෙටුම්පත එරට මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
මෙම වසරේ අයවැය කෙටුම්පත සිතාරාමන් මහත්මිය ඉදිරිපත් කළ නවවැනි අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයක් විය.
මෙවර අයවැය කෙටුම්පතට අනුව ඉන්දීය රජයේ මෙම වසරේ සමස්ත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 583 කි.
මෙවර අයවැයෙන් දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට සහ යටිතල පහසුකම්වලට ප්‍රමුඛතාව හිමිව ඇත.
රටවල්වලට ආධාර ලබාදීම සඳහා ඉන්දියාව මෙම වසරේ අයවැයෙන් රුපියල් කෝටි 5,686 ක මුදලක් වෙන්කර ඇති අතර එය පසුගිය වසරේ අයවැයට සාපේක්ෂව සියයට 4 ක වර්ධනයකි. වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ භූතානයට වන අතර ඉන්දීය රුපියල් කෝටි 2,289 ක මුදලක් මෙරට අයවැයෙන් ඉන්දීය රජය භූතානය වෙනුවෙන් වෙන්කර ඇත.
එසේම පසුගිය වසරේ අයවැයෙන් බංග්ලාදේශය සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 120 ක මුදල මෙම වසරේදී රුපියල් කෝටි 60 දක්වා අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
එසේම මෙම වසරේ අයවැයෙන් ඉන්දියාව නේපාලය වෙනුවෙන් වෙන්කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 800 දක්වා වැඩි කිරීමටද ඉන්දීය රජය තීරණය කර ඇත. පසුගිය වසරේ අයවැයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන්කර තිබූ අතර එය මෙම වසරේදී ඉන්දීය රුපියල් කෝටි 100 කින් වැඩි කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd