
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යළිත් වරක් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය.
ඇමෙරිකාව කිසියම් හෝ ආකාරයකට ඉරානයට පහර දුන්නොත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වන බවත්, එවිට කලාපීය යුද්ධයක් හටගනු ඇති බවත් පෙන්වා දෙමිණි.
“ඇමෙරිකාව අපට පහර දීම යනු කලාපීය යුද්ධයක ආරම්භයයි. ඇමෙරිකාව අපට පහර දුන්නොත්, අපි මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා ඉලක්කවලට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා.” යැයි වසර 37 ක් තිස්සේ ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන 86 හැවිරිදි කමේනී පවසා ඇත.
මේ අතර දකුණුදිග ඉරානයේ බන්ඩර් අබ්බාස් වරායේ පිපිරීමක් සිදුවීමෙන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
පිපිරීම සිදුවූයේ වරායේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලක් තුළය. පිපිරීම ඇමෙරිකාවෙන් එල්ල වුණු ප්රහාරයක ප්‍රතිඵලයක් යැයි මුලින් සැක කෙරුණි. ඉරාන විප්ලවීය හමුදාවේ නාවික හමුදාපතිවරයකු ඉලක්ක කර ගනිමින් පිපිරීම සිදුවුණේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය විය. කෙසේ නමුත් පසුව අනාවරණය වූයේ එම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදුවූවක් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ ලෞකික නිදහස පාගාගෙන ඉන්න සෑම රටකම සියලුම අන්තවාදීන් භංග වේවා.