(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  ණය ගෙන ගොඩ ගිය රටවල් ලෝකයේ නොමැති බව එදා ප්‍රකාශ කල අනූර කුමාර දිසානායක අද එම අරමුදල මත යැපෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ඇති බව නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පැවැසීය.

හොරු අල්ලන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා ආණ්ඩුව අද ඒ හොරකම, දූෂණය, මැරකම, එලෙසින්ම ඉදිරියට ගෙන යමින් සිටින බවද මනමේන්ද්‍ර මහතා චෝදනා කළේය.

මාලිමා ආණ්ඩුවේ උගතුන් බුද්ධිමතුන් සිටින බවට පම්පෝරි ගැහුවත් මේ වන විට රට ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුන්ට නිසි වැඩ පිළිවෙලක්,දර්ශනයක් හා හැකියාවක් නොමැති බව ඔප්පු කර ඇතැයි කී මනමේන්ද්‍ර මහතා ගෙවුන කෙටි කාලයේ ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙක් මහා ධනවතුන් බවට පත්ව සිටින බව පැවසීය.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ සරත් මනමේන්ද්‍ර මහතා තවදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ නොහැකියාව නිසා දිනෙන් දින රට විනාශය කරා ගමන් කරන බවයි.