පෙම්වතුන්ගේ දිනය ළඟ එන අඟහරුවාදාය.
පෙම්වතාගේ උපන්දිනය සෙනසුරාදාය.
දැන් ඔබ සිටින්නේ කුහුලින් බව මම දනිමි.
මේ සෙනසුරාදා උපන් දිනය සමරන පෙම්වතා කවුදැයි ඔබ කල්පනා කරනු නියතය.
ඔහුගේ නම කියන්නට කලින් ඔහුගේ වයස කීමට ඉඩ දෙන්න. හැත්තෑ පහයි.
දැන් ඔබ කල්පනා කරන්නේ හැත්තෑපස් හැවිරිදි පෙම්වතා කව්ද කියාය.
නොඑසේනම් වසර හැත්තෑපහක පෙම්වතකු සිටිය හැකිදැයි කියාය. ඔව්. සිටියි.
ඔහු අදටත් කියන්නේ මනරම් වූ පේ‍්‍රම ගීතය. අදටත් ඔහුගේ කටහෙඬ් තාරුණ්‍යයේ ජවය රැුඳී පවතී. පේ‍්‍රමයේ මිහිරද එසේමය.
දෙතොළඟ සිනහ ආදර කැල්මෙන් නැහැවී පෙම් රස අනා අමුනයි සුන්දරතාවේ
නුවනග බැලූම් නිහඬව ගැයූ ගී රාවේ
මදුරස පිරේ සවනත මීවිත යාවේ
ඔහුගේ නම තවදුරටත් සඟවාලිය නොහැක....
වික්ටර් රත්නායක....
මල් පොකුරු පොකුරු ඈ එන මග
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය මල්පොකුරෙන්
ඇගේ මුහුණට වැටීයන්....
මේ තාරුණ්‍යයේ පේ‍්‍රම ප‍්‍රාර්ථනාවක් නොවේද?
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපිණු හසරැුල් විලේ
හද දියව ගලායයි රැුළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන්සිතම සලිතවේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
මීටත් වඩා පේ‍්‍රමයක් තවත් කොහෙන් නම් සොයන්නද?
වික්ටර් රත්නායක පෙම්වතකු බව සඳහන් කිරීම සාධාරණ බව දැන් ඉතින් ඔබද පිළිගනු නියතය.
මේ වසරේ හැත්තෑපස් වැනි උපන්දිනය සමරන ආචාර්ය වික්ටර් රත්නායක, සිය උපන්දිනය දා ජාතියට තිළිණ කරන්නේ ‘වජ‍්‍ර ප‍්‍රභා’ නම් මනරම් ආදරණීය ගී ප‍්‍රසංගයයි.... 18දා සන්ධ්‍යාවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන වජ‍්‍ර ප‍්‍රභාව වෙනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායකයන් ඔහුගේ සොඳුරු තාරුණ්‍යයේ පරණ පේ‍්‍රමය නැවත වතාවක් සිහිපත් කරනු ඇත්තේය.
වික්ටර් රත්නායක උසින් මහතින් අඩුවක් නැතිව කඩවසම්ව සිටි තරුණයෙකි. එකල කලාකරුවන් ආදරයෙන් රැුකගන්නා ගෙල දක්වා දිග කෙස් කළඹකින්ද සැරසුණු බැවින් වික්ටර් රත්නායක දකින කාගේත් සිත් ඇදගත්තේය. සියල්ලටමත් වඩා ලෙංගතු ප‍්‍රසන්න සිනාවය.
එකල තිබූ විසිතුර පත්තරයට වික්ටර් රත්නායක ගැන ලිපියක් ලියන්නට වික්ටර් මුණගැහීමෙන් පසුව ඔහුගේ මිත‍්‍ර සමාගමයට එක්වන්නට කුලරත්න ආරියවංශයන්ට හැකිවිය. එබැවින් වික්ටර් රත්නායක ගීත නිර්මාණය කරන දවසට ඔහුගේ මිත‍්‍ර සමාගමයට එකතුවන්නට ”කුලේ”ටද හැකිවිය. ඒ සුන්දරම මතක සටන් ඔහුට අදටද සතුටින් සිහිපත් කළ හැකිය.
”වික්ටර් අයියා විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්. ඒ නිසා මාස තුනකට වතාවත් එයාට සරල ගී වැඩසටහනක් ලැබෙනවා. මේකෙදි ඔහු අලූත්ම ගීත හයක් ඉදිරිපත් කරනවා. මේ වෙනුවෙන් ගීත නිර්මාණය කරන දවසට පේ‍්‍රමකීර්ති ද අල්විස්, කේ.ඞී.කේ. ධර්මවර්ධන, බණ්ඩාර විජේතුංග, සුනිල් ආරියරත්න කියන හතර දෙනා නොවැරැදීම සහභාගි වෙනවා.
සංගීත කාමරය මැද්දෙ පැදුරක් එලලා ඒ උඩින් වාඩිවෙන වික්ටර් අයියා, සර්පිනාව ළඟට ගන්නවා. සර්පිනාවෙන් පුංචි සංගීතයක් මවන වික්ටර් අයියා හැමෝගෙම මුහුණු බලලා හිනාවෙලා එක්කෙනෙක් ලියපු ගීතයක් අරගන්නවා. විනාඩි පහක් විතර ඒ ගී රචනාව දිහා බලාගෙන ඉඳළා සර්පිනාවෙ ඇඟිලි දුවවන්නෙ කවුරුවත් නොහිතන විදිහෙ මිහිරිම තනුවක් නිර්මාණය කරමින්. ඒ විදියට මිහිරි තනුවක් මතුවෙනකොට අපි කට්ටියගෙම දෙතොල්වල හිනාවක් ඇඳෙනවා.
ගීතයට තනුවක් නිර්මාණය වීමෙන් පමණක් මියුරු ගීතයක් නිර්මාණය නොවේ. එම තනුව රසගැන්වීමට අවශ්‍ය සංගීත භාණ්ඩ පිළිබඳව විමසිලිමත් වියයුතුය. ඒ අතින් වික්ටර් යනු අපූරු සංගීත පර්යේෂකයෙකි. ඔහු සංගීතය නිර්මාණය කළ ඇතැම් ගීතයකට ඔහු සොයන්නේ සංගීත භාණ්ඩ දෙක තුනක් පමණි. තවත් ගීතයකට එක භාණ්ඩයකි. එසේ භාණ්ඩ එකකින් දෙකකින් පමණක් මියුරු ගී නිර්මාණය කළ හැකිදැයි යන්න ප‍්‍රශ්නයකි. ඔහු පොඩි කුමාරිහාමියේ නම් වූ ගීතයට යොදාගත්තේ සංගීත භාණ්ඩ දෙකකි. ඒ සර්පිනාව හා ඩොලැක්කියයි. එතකොට දෛවයෝගයකින් නොවේදෝ ගීතයට ඔහු යොදාගත්තේ ගිටාරය පමණකි.
”වික්ටර් අයියා තව අපූරු දේවල් කළා.”
කුලරත්න ආරියවංශ නැවත අතීතයේ මතක කවුළු විවර කරයි.
‘‘සාමාන්‍යයෙන් හුඟක් ගායකයො සරල ගී පටිගත කළේ ගුවන් විදුලි වාදක මණ්ඩලේ සංගීතයෙන්. ඒත් වික්ටර් අයියා සමහර දවස්වලට පිටිනුත් වාදකයො ගෙන්නගන්නවා. ඒ වගේ සිද්ධියක් වුණා, මල් සර උද්කඬු දුන්නෙන් පැණි බී කියන ගීතය පටිගත කරපු දවසෙ.
එදා ගුවන් විදුලියෙ ශබ්ද පරිපාලක විදිහට වැඩකළේ ගුණදාස කපුගේ. ඔහු ස්ටුඩියෝ එකේ, ගුවන් විදුලි වාදක මණ්ඩලෙත් එකක් ඉන්නකොට වාදන ශිල්පියො එක එක්කෙනා ස්ටුඩියෝ එකට එන්න පටන් අරගෙන. අන්තිමේදී පිටින් ආපු දොලොස්දෙනෙක් වාදක මණ්ඩලේ වාඩිවෙලා. මේ ස්ටුඩියෝ එකේ තිබුණෙ මයික් හතරයි. ඒත් වාදක මණ්ඩලයේ ඉන්න කට්ටිය හැටියට මයික් හතර මදි. පස්සෙ කපුගෙ වෙන ස්ටුඩියෝ එකකට ගිහින් මදි පාඩු මයික්ස් එහෙම අරගෙන ඇවිත්.... කොහොම හරි එදා වික්ටර් අයියා නිර්මාණය කරල තියෙන්න අපූරුම ගීතයක්.
වික්ටර් රත්නායකයන් වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකි. එහෙත් ඔහු ”ස” ප‍්‍රසංගය ආරම්භ කළ පසුව ගුරු වෘත්තියට සමුදුන්නේය. හැම සති අන්තයකම ලංකාවේ කොතැනක හෝ ”ස” ප‍්‍රසංගයක් නොමැති කාලයක් නොමැති වූ නිසාය.
‘‘ඔය කාලෙ මමත් ”ස” ප‍්‍රසංගයෙ කෝරස් කියන්න ගියා.’’
කුලරත්න ආරියවංශ කියයි.
‘‘තනි තරුවේ සිංදුව නිර්මාණය වුණෙත් ”ස” ප‍්‍රසංගයකට ත‍්‍රිකුණාමලේට ගිය දවසකදිනේ. ප‍්‍රසංගය ඉවරවෙලා මහ රෑ වික්ටර් අයියලා පේ‍්‍රමකීර්තිලා වෙරළේ ගල්තලාවක ඉඳලා තියෙනවා. පේ‍්‍රමකීර්ති ගල්තලාවෙ වැතිරිලා ඉන්නකොට තමයි තනි තරුවක් අහසෙ තනිවෙලා ඉන්නව දැකල තියෙන්නෙ. පේ‍්‍රමකීර්ති එකපාරටම තනි තරුවේ.... ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා කියලා කියන්න ගත්තා. ඊට පස්සේ එයා සිංදුව ලියලා වික්ටර් අයියා සංගීතවත් කරලා.’’
වික්ටර් රත්නායක ගැයූ දහස් ගණනක් ගී වලින් වැඩිම කොටස ලියා ඇත්තේ පේ‍්‍රමකීර්ති ද අල්විස්ය. ඇත්තෙන්ම පේ‍්‍රමකීර්ති, වික්ටර් යනු ගී ලොව සොඳුරුම සුසංගයෝගයකි. පේ‍්‍රමකීර්ති හැරුණුවිට වික්ටර් ගැයූ ගී මහගොඩක් ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නය.
ඉතින් වික්ටර් ගැන රසමතක අවදි කරන්නට ඔහුට ඉඩ නොදී කොහොමද?
මම උසස් පෙළ පංතියෙ ඉගෙන ගන්න කාලෙ, පේ‍්‍රමසිරි කේමදාස සිතිජය කියලා සංගීත ඔපෙරාවක් කළා. මේකෙ පුහුණුවීම් තිබුණෙ මරදානෙ ජයන්ත වීරසේකර මාවතේ තිබුණු සංගීත මංජරියෙයි. මේ ඔපරොවට මම ගීතයක් ලියලා තිබුණා. ඒ ගීතය ගායනා කරන්න නියමිතව තිබුණෙ නන්දා මාලනී, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක කියන තුන්දෙනා. ඒ නිසා මට වික්ටර්ව අඳුනගන්න හැකිවුණා. ඒ කාලෙදි එයා නක්කාවත්ත ස්කොලෙ සංගීතය උගන්වමින් හිටියෙ. අද වගේ කොණ්ඩෙ වහල එහෙම හිටියෙ නැහැ.
ඊට පස්සෙ මට නිම් වලල්ල කියන චිත‍්‍රපටියට ගීතයක් රචනා කරන්න ලැබුණා. ඒ අවස්ථාව මට දුන්නේ රංජිත් ලාල්.... මේ චිත‍්‍රපටියෙත් සංගීතය අධ්‍යක්ෂණය කළේ වික්ටර් රත්නායක.
ඊට පස්සෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඔහු නිර්මාණය කළ මාතර ආච්චි චිත‍්‍රපටයට ගීතයක් ලියන්න අවස්ථාවට මට ලබාදුන්නා. මේ චිත‍්‍රපටයෙ සංගීත අධ්‍යක්ෂණය කළෙත් වික්ටර්. මේ නිසා මම වික්ටර් මුණගැහෙන්න මරදානෙ තිබුණු සේන වීරසේකරගෙ ගෙදරට නිතර නිතර ආවා ගියා.
සේනගේ ගෙදර වික්ටර් වගේම ගුණදාස කපුගේ, මර්වින් පෙරේරා, පුණ්‍යසිරි මහවත්ත වගේ කලාකරුවන් රැුසක් නිතරම එනවා. ඔවුන් හැමදෙනාම ඒකරාශී වෙන්නෙ එතන.
මම ලියපු ගීතය, සඳුන් සිහින සිහිල් අඳුන
පාළු පේ‍්‍රම නගරයේ,
ගයනා කළේ වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක කියන දෙදෙනා.
මේ සිදුවීම් වලට පස්සෙ, වික්ටර් රත්නායක කොළඹට ආවා. ඔහු පදිංචි වුණේ නාවල. මම නුගේගොඩ. මේ නිසා අපි දෙන්නගෙ ගෙවල් තිබුණෙ එක ළඟ. ඒ හේතුව නිසා අපි දෙන්නගෙ හමුවීම් වැඩිවුණා.
ගුවන් විදුලියෙ වැඩසටහන් නිෂ්පාදනය කළ ජී.එස්.බී. රාණි පෙරේරා මටත් වික්ටර්ටත් වැඩසටහන් රාශියක් බාරදුන්නා. මේ නිසා ගුවන් විදුලියට සරල ගී ලියන්න අවස්ථාව මට ලැබුණා.
මේ ගීත සංගීතවත් කරන්න එක්කො මම වික්ටර්ලගෙ ගෙදර ගියා. නැත්නම් වික්ටර් අපේ ගෙදර ආවා. ඔය කොයි එක වුණත් වික්ටර් ළඟ සෝමපාල රත්නායකත් හිටියා. වික්ටර් මවන සංගීත ඛණ්ඩ ප‍්‍රස්තාරගත කළේ සෝමපාල රත්නායක.
වික්ටර් දුලකර කියන සංගීත පංතියක් නුගේගොඩ පටන් ගත්තෙ ඔය කාලෙ. මම පේ‍්‍රමකීර්ති, කේ.ඞී.කේ. ධර්මවර්ධන, ආර්.ආර්. සමරකෝන්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු පිරිස් නිතර නිතර මුණගැහෙන තැනක් බවට මේ දුලකර විද්‍යාලය පත්වුණා.
මගෙ දෛවයෝගයකින් සිංදුව එහෙම සංගීතවත් කෙරුණෙත් මෙන්න මේ දුලකරේදී.
මේ වෙනකොට ”ස” ප‍්‍රසංගය පටන් අරගෙන තිබුණෙ. ඉතින් මේ දෛවයෝගය සිංදුව ගිටාර් එක වාදනය කරමින් ගහන්න කියලා මම වික්ටර්ට යෝජනා කළා. නමුත් වික්ටර් ගිටාර් වාදකයෙක් නොවන නිසා ඔහු එය ප‍්‍රතික්ෂේප කළා. පස්සෙ ඒ වෙනුවට වෙනත් ගිටාර් වාදකයෙක් යොදාගෙන තමයි දෛවයෝගයකින් ගීතය ගායනා කළේ. ඒ ගීතය විතරක් නෙමෙයි මමත් වික්ටරුත් තව හුඟාක් ගීත ඒ විදිහට නිර්මාණය කළා.
පසුකාලයක මම අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට රාශියකම සංගීතය නිර්මාණය කළෙත් වික්ටර්මයි. අනුපමා, පොඩිමල්ලී, සරුංගලේ, වජිරා වගේ චිත‍්‍රපට. මෙයින් පොඩි මල්ලී චිත‍්‍රපටියට, මම ලියපු කොහේ සිට ඔබ පැමිණියේදෝ කියන ගීතය සුවිශේෂී එකක් වුණා. මේ චිත‍්‍රපටයෙ පෙම්වත්තු මුණගැහෙන්න වික්ටර්ගෙ ”ස” ප‍්‍රසංගය නරඹන්න ගිය දවසකදී. ඉතින් මේ අවස්ථාව රූගත කරන්න යොදා ගත්තෙත් ”ස” ප‍්‍රසංගයමයි. වික්ටර් කොහේ සිට ඔබ පැමිණියේදෝ කියන ගීතය ගයන අවස්ථාව හරි ලස්සනට රූගත කරල මේ චිත‍්‍රපටියට යොදා ගත්තා. හැබැයි ඊට පස්සෙත් කොහේ සිට මා පැමිණියේදෝ කියන ගීතය ”ස” ප‍්‍රසංගයෙදි දිගටම ගායනා කළා.
මාලිනීයේ ගීතයත් විශේෂිත නිර්මාණයක් වුණා.
ගුවන් විදුලියෙ රෙකෝඩින් ඉංජිනියර් විදිහට හිටිය යූ. ආරියමල්ට ඕනෙ වුණා එකම හඬ කිහිප වරක් සම්බන්ධවෙන විදිහෙ ගීතයක් නිර්මාණය කරන්න. මේ වැඬේ කරන්න හොඳම ගීතය උඩු සිතයි යටි සිතයි කතා කරන අවස්ථාවක් කියලා අපි කල්පනා කළා. ඒ අනුවයි උඩුසිත කතාකරන දේට එරෙහිව යටි හිත තර්ක කරන මාලනීගේ ගීතය නිර්මාණය කෙරුණෙ. වික්ටර් මේ වගේ අත්හදා බැලීම් කරන්න රුසියෙක්.
වික්ටර් රත්නායක ගීත වලට තනු රචනා කළේ ඔහුගේ ගී වලට විතරක්ම නොවේ. තවත් බොහෝ පිරිසකට ඔහු නිර්ලෝභී ලෙස මනරම් ගී තනු නිර්මාණය කරදුන්නේය. රුක්මණී දේවි, එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප‍්‍රනාන්දු, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ශ්‍රීමති තිලකරත්න පමණක් නොව ප්‍රෙඞී සිල්වාද ඒ අතර සිටියේය. මෙකී ගායක ගායිකාවන් විසින් හඬවල් සහිත විවිධ පරාසයන් සහිත ශිල්පීන් බැවින් ඒ එකිනෙකට ජනප‍්‍රියත්වයට පත්විය හැකි සංගීත රටාවන් නිර්මාණය කිරීම විශ්වකර්ම කටයුත්තකි.
එහෙත් වික්ටර් රත්නායක ඒ විශ්වකර්ම වැඩය මොනවට ඉටුකළේය. එබඳු සුවිශේෂී ගී කිහිපයක් හෝ සටහන් නොකළහොත් එය අසුවකි.
පණ්ඩිත් අමරදේවයන්ගේ කුමරියක පා සළඹ සැලූනා, මිල්ටන් මල්ලවආරච්චිගේ සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ, මිල්ටන් පෙරේරාගේ දෙතුන් වතාවක්, සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහනක, අබේවර්ධන බාලසූරියගේ පියානෙනී මා, ප්‍රෙඞී සිල්වාගේ කුන්ඩුමනී, ශ්‍රීමතී තිලකරත්නගේ අමරස පෙම්රසයෙන් නැලවෙමි.
අන්න ඒ රුසියා වසර හැත්තෑපහක් ගතකරන මේ මොහොතේ අපි ඔහුට චිරං ජයතු! යැයි කියමු.
ශාන්ත කුමාර විතාන




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd