(ඩයනා උදයංගනී)
දේශගුණික විපර්යාස හා මීමැස්සන් හා බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්යවරුන් පිරිසක් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඇති වී ඇති බලපෑම සම්බන්ධයෙන් තෙත් කලාපයේ ගම්මාන 600ක පමණ ගොවිජනතාව හමුවී වසර එක හමාරක පමණ කාලයක් පුරාවට සිදුකළ පරීක්ෂණයකදී මෙය අනාවරණය වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි මහතා ලංකාදීපයට පැවසීය.
පසුගිය වසර 10ක 15ක පමණ කාලයක සිට මෙම අස්වනු අඩුවීම සිදුව ඇතැයි ද එම පරීක්ෂණයේ දී අනාවරණය වි තිබේ.
වසර 30ත් 50ත් අතර කාලයක් පුරා ගොවිතැනෙහි නිරතවූවන් සමඟ තම කණ්ඩායම සාකච්ඡා කළ බවත්, වගාබිම්වල පමණක් නොව වනාන්තරවල ඇති පළතුරු ආදී පලදරණ ශාඛවල පල දැරීම ද මේ වන විට අඩුවී ඇති බව එහිදී හෙළිවිණි යැයි රවීන්ද්‍ර විතානච්චි මහතා සඳහන් කළේය.
එළවළු, පළතුරු අස්වනු අඩුවීමට මෙම දේශගුණික විපර්යාස දැඩි බලපෑමක් එල්ල කරන අතර, නුවරඑළියේ මේ වන විට වසර පුරා වැසි ලැබීමෙන් අර්තාපල් වගාවටත්, වලපනේ ප්‍රදේශයට වැසි හා සුළං වැඩිවීම නිසා පෙයාර්ස් වගාවටත් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි හෙතෙම කීවේය.
පහතරට තෙත් කලාපයේ සිංහරාජ වනාන්තරයට මායිම්ව ජීවත්වන ජනතාව එම වනාන්තරයට ගොස් එහි වැවෙන එනසාල්, කරඳමුංගු ආදිය රැගෙනවිත් විකුණා ජීවත්වන බවත්, වසර 50ක් පමණ කාලයක් පුරා එසේ ජීවත්වන පිරිස් පවසන ආකාරයට එම අස්වනු මෙන්ම වනාන්තරයේ ඇති පලු, ඇටඹ, හිඹුටු, කීන ආදී පළතුරු ගස්වල ඵලදාව ද ගතවූ කාලයේ දී සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇති බවත් ආචාර්යවරයා සඳහන් කළේය.
මේ වන විට අඹ ගස්වල ද ඵලදාව අඩු වී ඇති අතර, මෙම පළතුරු ගස්වල මල් හටගන්නා පෙබරවාරි මාර්තු කාලයේ දී සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පැවතියත් දැන් එම තත්වය වෙනස් වී වැසි ඇතිවීම මල්වල පරාග සේදීමත්, පරාගනය සිදුකරන මී මැස්සන්, කුඩා කුරුල්ලන් වැනි සතුන්ගේ ගහණය අඩුවීමත් එයට හේතු වී ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසර 10ක 15ක පමණ කාලයක සිට අස්වනු අඩුවට හේතුව ජ‘පුරෙන් සොයා ගනී. විසදුම කුමක්ද ?
කෝවිඩ් වලට නම්දරාපු පර්යේෂණ කරපු ආචාර්ය මහාචාර්යවරු ඉන්න විශ්ව විද්යාලයනේ...
කෘෂිකර්මාන්තයට ඇමති 11 දෙනෙකු හිටපු රටක් . අදටත් ඉන්නෙ ගල් යුගයෙ. වගාවක් කරන්න හිතපු නැති රටවල් ...ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිග .... අද ඉන්නෙ කොහෙද...
තවතවත් රසායනික පොහොර කෘමිනාෂක දාන්න. එතකොට මී මැස්සෝ එයි...
ඉතාම හොඳ වැඩක්... කරුණාකර මේකට විසඳුමකුත් පුළුවන් නම් සොයාගන්න.
මේ ප්රශ්නය යුරෝපයටත් ,ඇමෙරිකාවටත් දැනුනේ දැනට අවුරුදු 10 කට පමණ කලින්.ප්‍රංශයේ ගම්වල,කඳු මුදුන්වල මියගොස් වැටී සිටි මීමැසි රංචු ගණන් හමුවුනා.ඇත්තටම ගම්වල තරුණ තරුණියන් හැඬුවා.ඒ ඔවුන්ගේ දැනුවත් භාවය නිසයි.ඔවුන් කෙලින්ම චෝදනාකලා සෙලියුලර් දුරකථන කුළුණු වලට.මීමැස්සන් මල් සොයා යන්නේ ඔවුනටම ආවේනික ක්‍රමවේදයකට අනුවයි.මල් සොයාගත් අය කොලනියේ සිටින අයට ඒ මල් තිබෙන තැන,දුර ,උස ,කෝණය ..වැනි දේ ගැන පැහැදිලි විස්තරයක් එක්තරා " රැඟුමකින් " අහසේ සිට පෙන්වනවා.එවිට සියල්ලන්ම ඒ අනුව පියඹා ගොස් මල් සොයාගෙන,මල් පැණි ,රොන් ,අරගෙන, දුරගෙවාගෙන නැවතත් ඒගොල්ලන්ගේ මිවදයට රැගෙන එනවා.දුරකථන කුළුණු අවට " ශක්ති ජාලාවක් " තිබෙන්නේ.සමහර ඉතා ඉහල සංකයාතයන් අනෙක් සංකයාතයන් ට වඩා විශාල පරිමිතියක පැතිරී පවතිනවා.මෙන්න මේ ඉහල සංකයාතයන් ඇති රේඩියෝ සංඥා නිසා මි මැස්සන්ට ඔවුන්ගේ ආහාර සොයා ගන්න සහ අනෙකාට සන්නිවේදනය කරන්න උදව්වෙන රැඟුම හෙවත් නැටුම " නිවැරදිව " කිරීමට නොහැකිවෙනවා. වැරදි නැටුම අනුව ගොස් මල් සොයාගැනීමට නොහැකිවන මි මැස්සන් දුර කතර ගෙවා යලි එන දුර ගමනේදී වෙහෙසට පත්ව පොලොවට ඇදවැටී මිය යනවා. විශේෂයෙන්ම මි මැස්සන්,ඇතුළු ඒ ගෝත්‍රයේ සාමාජිකයින් ශාකවල ' පරාගනයට ' කෙලින්ම දායකවනවා.හොඳින් පරාගනය සිදුවුනොත් සරුසාර පලදාවක් ලැබෙන අතර පරාගනය අඩුවුණොත් අස්වැන්න අඩු වෙනවා,නැතිනම් නැති වෙනවා.ඔබ අහලාත් ඇති සමහරවිට ..දවසක මීමැස්සන් මේ ලොවෙන් වඳවී ගියොත් ,තවත් වසරක් හෝ දෙකකින් මිනිස් සංහතියම මිහිපිටින් අතුගෑවී යනවාලු. ඒ ආහාර හිඟයකින්. සත්ව ආහාර දාමය කියන දම්වැලේ තිබෙන ප්‍රභලම " පුරුකක් " තමයි " පරාගනය " ලෙසින් හඳුන්වන්නේ.පරාගනයෙන් තොරව " බහුතරයක් " ගස්කොලන්වල බිජ නොහොත් පල හටගන්නේ නැහැ.බිජත් නැත්නම්, පලත් නැතිනම් ,අපිට ආහාරලෙස ගන්න තිබෙන්නේ සත්ව මාංශ පමණයි.නමුත් මස් සඳහා ගන්නා සතුන්ගේ ආහාර සඳහාත් මේ බිජ වක්‍රාකාරව දායක වෙනවා.එතකොට මාංශත් නැහැ !!! අපිට මරණය හැර වෙන විකල්පයක් තිබේද ? මේ සියල්ලටම මුල අධි සංකයාත රේඩියෝ සංඥාබව දැන් විද්‍යාඥයින් හොඳින්ම දන්නවා. ටෙලිෆෝන් මාෆියාවෙන් ලැබෙන එකම එක මරණ තර්ජනයක් හමුවේ ඔවුනට ලැබෙන දහසින් බැඳී පියලි වලට ලොබවී ඔවුන් නිරුත්තරවී ඇත,නැතිනම් නිරුත්තර කර ඇත.එයයි අවාසනාව. අප මරණය සොයා යායුතු ජීවින් කොටසක්ද ?
විජිත්ගේ වටිනා අදහස් අගය කරමි...