
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.
තවත් සැකකරුවන් හතර දෙනකුට අත් හිටවූ සිර දඬුවම් නියම වූ අතර 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
මරණ දඬුවම් නියම වූ සැකකරුවන් 12 දෙනක්ගෙන් එක් සැකකරුවකු දැනට අධිකරණය මඟහැර සිටියි.
මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යනමහත්වරුන්ගෙන් සැදුම් ලත් ත්‍රිපුදගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාගය ගැණුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තජුදීන්, ලසන්ත, එක්නැලිගොඩ වගේ අය වගේම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට යුක්තිය ඉටු නොවුණාට කමක් නැහැ දේශපාලඥයින්ට හරි යුක්තිය ඉටුවීම සතුටට කරුණක්. එකෙත් පුදුමේ කියන්නේ සාමාන්‍ය මිනීමැරුම් නඩුවක් විසදන්න අවුරුදු දහය පහළොව යන රටේ මේක අවුරුදු තුනක් ඇතුළත විසදුවා. දැන් එතකොට මුජිබර්ලාට ඒක ප්‍රශ්නයක් නැතුව ඇති...
ආණ්ඩුව නීතිය අතට අරගෙන නෑ කියලා හොදම උදාහරණය තමයි මේ... නීතිය ක්‍රියාත්මක වන ආකාරය හරිම ස්වාධීනයි.. හැබැයි හොරුන්ට රට බන්කොළොත් කරපු අයට නීතිය ක්‍රියාත්මක ආකාරය හරිම දුර්වලයි...
ඒත් මේ ඝාතන මාලාවේ පසුබිම් කතාවකුත් තියෙනවානේ.. මේ ඝාතන සිද්ධ වුණේ 2022 මැයි 9 වැනිදා. එදා වෙනකම් අරගල භූමියේවත් රටේ වෙනත් තැනකවත් “අරගලය” නිසා මිනිස්සු ඝාතනය වුණේ නැහැනේ. ඒත් ලංකාවේ ජ්‍යෙෂ්ඨතම සහ අත්දැකීම් වැඩියෙන්ම තියෙනවයි කියන සංවේදී නායකයා එදා එයාගේ නිල නිවසට ලංකාවේ හතර වටින්ම මැරයෝ, බේබද්දොයි ගෙනාවනේ. ඒ ගෙනැල්ලා ඔවුන්ට හොඳටම පොවලා, පොලු මුගුරු අතට දීලා අරගල භූමියට යැව්වානේ. ඒ ගියපු මැරයෝ ටිකනේ පිනට හම්බ වුණු අරක්කු කාල බීලා ඒ වෙරි මතේම ගෝල්ෆේස් ගිහින් මාසයකට වැඩි කාලයක් සාමකාමීව අරගල කරපු මිනිස්සුන්ට අමානුෂික විදිහට ගහන්න ගත්තේ. මතකනේ ගෝල්ෆේස්වල ගෝඨාගෝගමට ගහලා අර කහඳගමගේ දුව දාපු ෆේස්බුක් පෝස්ට් එක.. ඔය සිද්ධිය වුණාට පස්සෙනේ මුළු රටම ගිනි ගත්තේ. ඒක ප්‍රතිඵලයක් විදිහටනේ අමරකීර්තිගේ මරණය සිද්ධ වෙන්නේ. ඉතිං හරි නම් මුළු රටම ගිනි තියන විදිහේ කාලකන්නි වැඩක් කරපු මහින්ද රාජපක්ෂ කියන මිනිහාටත් විරුද්ධව නඩු අහලා එයාට මරණ දඬුවම දෙන්න එපැයි...
මාලිමා සාහසිකයින්ට සහ උඩ ගෙඩි දෙන කමෙන්ටු පහරන්නන්ට බිය නොවී අහිංසක මන්ත්‍රීවරයකු ඝාතනය කළ මිනීමරුවන්ට දඩුවම් නියම වීම රටේ යුක්තිය ලැබූ ජයග්‍රහණයකි...
ඒ අහිංසකයන් 12 දෙනා රාජපක්ෂ පාදඩයෝ වගේ මිනී මරුවෝ නෙමෙයි, ඒ තත්වයට ඔවුන්ව ඇදලා දාපු රාජපක්ෂ හැතිකරේ, නාමල්, ගොතා, මහින්ද, බැසිල්, දේශබන්දු, ඇතුළු පොහොට්ටු අපරාධ කාරයින්ටත් වහා නීති ක්‍රියාත්මක කරන්න.
නීතිය කාටත් පොදුයි. ඉතාම හොද තීන්දුවක්...