
(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන )
අකුරණ දොඩංගොල්ල ප්රදේශයේ නිවසක අද( 11 ) ඇතිවු ගින්නකින් එම නිවසේ සිටි එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
මෙම ගින්න අද අලුයම 4.30 ට පමණ ඇතිව ඇති අතර නිවැසියන්ගේ කෑ ගැසීමේ ඇසී ප්රදේශවාසින් පැමිණ ගින්න නිවා නිවසේ ජනේලයක් කඩා එතුලින් තුවාල ලබා සිටි පස් දෙනා බේරා ගෙන රෝහල් ගත කරනු ලැබ තිබේ .
මෙලෙස තුවාල ලැබූවන් අතර තිදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර අනෙකු දෙදෙනා ස්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ. මෙම ගින්න හේතුවෙන් නිවසේ තිබූ සියලු භාණ්ඩ පිළිස්සී ඇති අතර නිවසටස දැඩි හානි සිදුව තිබේ.
මෙම ගින්න ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩි දුර විමර්ශණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd