IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


25 වැනි සම්මේලන කුසලාන කැරම් තරගාවලිය

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 25 වැනි ‘සම්මේලන කුසලාන’ ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේදී නිශාන්ත ප‍්‍රනාන්දු ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සමත්විය. හිටපු ජාතික ශූරියක වන යශිකා රාහුබද්ධ ද්විත්ව ශූරතා දිනා ගත්තාය. තරගාවලිය මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි ශාලාවේදී පසුගියදා පැවැත්විණ. ජාතික ශූරතාව අට වරක් දිනා සිටින චමිල් කුරේ පරදවා නිශාන්ත පිරිමි කේවළ අවසන් තරගය 13/25, 25/8 සහ 25/14 ක් ලෙස ජය ගත්තේය. නිශාන්ත මෙම වසරේ පැවැති ජාතික කැරම් තරගාවලියේදී චමිල් පරදවමින් ජාතික ශූරයා විය. චමිල් පසුගිය වසර දෙකේදීම මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයාද වේ. නිශාන්ත, පිරිමි යුගළ ඉසව්ව සිය සහයක ක‍්‍රීඩකයා වු බී. වික‍්‍රමසිංහ සමග ක‍්‍රීඩා කර ජයගත් අතර මිශ‍්‍ර යුගළ ඉසව්වේ ශූරතාව සිය සහයිකා යශිකා රාහුබද්ධ සමග දිනා ගත්තාය. යශිකා රාහුබද්ධ, කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයේදී මධුෂිකා කාංචනමාලා පරදවා ජය ගත්තාය. මධුෂිකා, පසුගිය වසරේ මෙම තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් කී‍්‍රඩිකාවයි. ජාතික කැරම් ශූරී ජෝශප් රොෂිටා එහිදී සිවුවැනි ස්ථානය දක්වා පසුබැසීය. මෙම මස 31 වැනිදා කොළඹදී ආරම්භ වන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය පෙරහුරු තරගාවලියක් ද විය. අවසන් තරග ප‍්‍රතිඵල: x පිරිමි කේවළ ඉසව්ව නිශාන්ත ප‍්‍රනාන්දු විසින් චමිල් කුරේ පරාජය කරන ලදී. (13/25, 25/8, 25/14) x කාන්තා කේවළ ඉසව්ව යශිකා රාහුබද්ධ විසින් මධුෂිකා කාංචනමාලා පරාජය කරන ලදී. (25/14, 12/25, 25/15) x පිරිමි යුගළ ඉසව්ව නිශාන්ත ප‍්‍රනාන්දු සහ බී. වික‍්‍රමසිංහ විසින් එම්.ෂෙරිෆ්ඞීන් සහ එම්.හිල්මි පරාජය කරන ලදී. (25/10, 25/13) x කාන්තා යුගළ ඉසව්ව ජෝශප් රොෂිටා සහ ජෝශප් දිල්කා විසින් මධූකා දිල්ෂාණී සහ රෙබෙකා ඩැල්රින් පරාජය කරන ලදී. (25/23, 25/8) x මිශ‍්‍ර යුගළ ඉසව්ව නිශාන්ත ප‍්‍රනාන්දු සහ යශිකා රාහුබද්ධ විසින් චමිල් කුරේ සහ මධුෂිකා කාංචනමාලා පරාජය කරන ලදී. (16/25, 25/15, 25/8) x ප‍්‍රවීණයන්ගේ ඉසව්ව කවිරංග පෙරේරා විසින් ඒ.ඞී.විජිත පරාජය කරන ලදී. (25/6, 25/7)



අදහස් (0)

25 වැනි සම්මේලන කුසලාන කැරම් තරගාවලිය

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 12:19 PM

ලොකු කමට කියනවා නෙමෙයි . සමහරවිට කැරම් වලට ගියොත් අපිටත් දිනන්න පුළුවන් වෙයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site