පොහොට්ටුවේ පෙත්සම් 6 ක් ඉල්ලා අස්කර ගනී
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ , වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්ර ප්රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින් අද (24) ඉල්ලා අස් කර ගන්නා ලදී.