මේජර් ජනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා කිරීමට අනුබල දුන්නේයැයි සැකපිට ජාතික ආරක්ෂක විද්‍යා පිඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අද (05) සවස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 05 April 2018
අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කර සිටි ආයුර්වේද නිලධාරීන්ට ඇප අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ පසුවූ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නාවින්න කාර්යාලයේ නීති නිලධාරීවරයා සහ ආයුර්වේද වෛද්‍යවරයා එක් අයකුට රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 05 April 2018
ඇඹිලිපිටිය මහරෝහලේ සේවකයෝ අතිකාල සේවාවෙන් ඉවත් වෙති ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ සේවකයන්ගේ හිඟයට විසදුමක් ඉල්ලා අද (05) දහවල් සිට රෝහල් සේවකයින් අතිකාල සේවා වලින් ඉවත්ව ඇත. මේ හේතුවෙන් රෝහලේ සාමාන්‍ය කටයුතු අඩාලවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 05 April 2018
ශ්‍රීලනිපයත් රටත් බේරාගැනීමට ඡන්දය දීමෙන් වැළකුණා - විජිතමුණි සොයිසා අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන ආ විශ්වාසභංගය ජයග්‍රහණය කළේ නම් එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම රටටත් අනතුරක් විය හැකි බව පෙණුනු නිසා පක්ෂයේ බහුතරය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය. 05 April 2018
මහින්දානන්දගේ අභියාචනයට කරුණු දක්වන්න නීතිපතිට නොතීසි තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය. 05 April 2018
2017 ශ්‍රී ලන්කන් එයාර්ලයින් පාඩුව මිලියන 100 යි ඉකුත් මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පමණක් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම ලැබූ පාඩුව ඩොලර් මිලියන 100 ඉක්මවන බව එම සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා කොළඹදී අද (5) පැවැසීය. 05 April 2018
දෙකෝටියක ගංජා සමඟ සැකකරුවෝ දෙන්නෙක් කොටු වෙති පුත්තලමේ සිට කොළඹ දක්වා ගමන්කළ සුඛෝපභෝගී වෑන් රියක රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංඡා කිලෝ 220 ක් රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු අද (05) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 05 April 2018
‘ගම්මන්පිලට කැබිනට් ඇමැති ධුරයක් දෙන්න හිතෙනවා‘- අගමැති මහින්දට කියයි පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසථාවක් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 05 April 2018
උණ වැළඳී ඇත්නම් ගැබිණි මව්වරුන් රෝහල් ගත කරන්නැයි ඉල්ලයි ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මව්වරු පළමු දිනයේම රෝහල් ගතකරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යංශය උපදෙස් දෙයි. 05 April 2018
එජාප ප්‍රතිසංවිධානයට අධීක්ෂණ මණ්ඩලයක් විශ්වාස භංගයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතු 6 සහ 7,8 දින වල සම්පුර්ණයෙන්ම අවසන් කෙරෙන අතර ඒ සඳහා පුර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 05 April 2018
ගෝනෙකු මැරූ තිදෙනෙක් අත්අඩංගුවට උල් ආයුධයකින් ඇන ගෝනෙකු මරා මස් පිණිස කදෙන් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කොස්මෝදර ඉලුක්පිටිය මහදෙණිය ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි. 05 April 2018
‘දේශපාලනයේ කැත මජරකම විශ්වාසභංගයේදී පෙන්නුවා‘- අනුර කුමාර විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධ ක්‍රියාවලියෙන් අපේ රටේ දේශපාලනයේ කැත මජරකම පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය. 05 April 2018
දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක් විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙගේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනුෂා හංසනී ගෝමස් සමත් වූවාය. 05 April 2018
තිස්ස අත්තනායකට රට යන්න අවසර මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට විදේශගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (05) අවසර ලබා දුන්නේය. 05 April 2018
විශ්වාසභංගයට ඡන්දය නුදුන්නේ වෛරය ප්‍රතික්ෂේප කරන නිසයි - තොණ්ඩමන් වෛරී දේශපාලනයක් ලංකා කම්කරු කොංග්‍රසය කිසිවිටක අනුමත නොකරන බවත් මේ හේතුව මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීමට සහභාගී නොවූ බවත් එම කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා සඳහන් කළේය. 05 April 2018
ශ්‍රී ලන්කන් එයාර්ලයින් අධ්යක්ෂ මණ්ඩලය ලාභ ලබන තුරු වැටුප් එපා කියයි ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ ලාභ ලබන තුරු අධ්යක්ෂ මණ්ඩලයේ කිසිවකුත් වැටුප් හෝ ප්රතිලාභ නොගෙන සිටීමට ඒකමතිකව තීරණය කළ බව ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා කොළඹ දී අද (5) පැවැසීය. 05 April 2018
ආහාර අජීර්ණ වීමෙන් වැල්ලවායේ සිසුන් 63 ක් අ’පුර රෝහලේ වැල්ලවාය වෙහෙරගල සිට අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි සිසු සිසුවියන් 63 දෙනෙකු රාත්‍රී ගත් ආහාර අජිර්ණයක් හේතුවෙන් අද (5) අලුයම තුනට පමණ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 05 April 2018
‘නිමාවෙන්න ගිය අගමැතිගේ දේශපාලන ගමන ජනපති නිසා වැළකුනා‘ -ප්‍රසන්න රණතුංග විශ්වාසභංග යෝජනාවෙන් නිසැකවම නිමා වන්නට තිබුණු අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමන මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ බැඳුම්කරේ මුදල් නිසා වැළකී ගියේයැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 05 April 2018
පාසල් කාලයේ අමතර පන්ති තහනම් පාසල් පැවැත්වෙන සතියේ දිනවල උදේ 7.30ත් සවස 1.30ත් අතර කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරිමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 April 2018
‘ගෝඨා‘ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය දීර්ඝ කරයි පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මැයි 26 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. 05 April 2018
‘ආණ්ඩුවට සහය දෙන සියල්ල එක්ව අලුත් ගමනක් යනවා’ – අගමැති ආණ්ඩුවට සහය දෙන සියලු දෙනා එකතු කරගෙන අලුත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (5) පැවැසීය. 05 April 2018
එජාප මහ ලේකම් ධූරයෙන් කබීර් හෂීම් ඉල්ලා අස් වෙයි උසස් අධ්‍යාපන මහා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 05 April 2018
විශ්වාසභංගයේ ජය සමරන්න ගිය තිදෙනෙක් රෝහලේ විශ්වාස භංග යෝජනාව ජය ගැනීමේ ප්‍රීතිය සැමරීමට ගිය එක්සත් ජාතික පාක්ෂිකයින් තිදෙනෙකු කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව උඩප්පුව පොලීසිය කියයි. 05 April 2018
ලක්මාල්ගෙන් ලෝකඩ පදක්කමක් විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙගේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 56 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් විය. 05 April 2018
කොස්ගොඩ වෙඩි තැබීමකින් ජර්මන් ජාතිකයෙක් රෝහලේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හොටලයක් ඉදිරිපිට දි මෝටර් රථයකට වේඩි තැබිමකින් රථය තුල සිටි ජර්මන් ජාතිකයේකුටවෙඩි වැදිමෙන් බරපතල තුවාල සිදුවි කලුතර නාගොඩ රොහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව කොස්ගොඩ පොලීසිය කියයි 05 April 2018
ආණ්ඩු විරෝධී ඇමැතිවරුන් ඉවත්කරන්නැයි එජාප මන්ත්‍රීවරු ඉල්ලති විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ලිඛිතව ඉල්ලීමක් කළහ. 05 April 2018
යහපාලන අරමුණු කරා දිගටම යනවා - අගමැති යහපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 April 2018
වැඩි ඡන්ද 46 කින් අගමැතිට ජය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව අද (04) වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය. 04 April 2018
මුව මස් ළඟ තබා ගත් කපුවාට 20,000 ක් දඩ කතරගම කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ දඩමස් තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතෙකුට තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනි රජපක්ෂ මෙනවිය රුපියල් 20,000/-ක දඩයක් අද (04) නියම කළාය. 04 April 2018
‘අපි විශ්වාස භංගයට පක්ෂයි‘ - ශ්‍රීලනිප ඇමැතිවරු 15ක් කියති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව ශ්‍රීලනිප මැති ඇමැතිවරු 15 දෙනෙක් පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ. 04 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026