අවුරුදු සමයේ කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2700ක් උත්සව සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිසියේ 2700 දෙනෙක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය. 03 April 2018
ඇල්පිටි ප්‍රා.සභාවේ පෙත්සමට විරෝධතා ගොනු කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අද (3) මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කෙරිණි. 03 April 2018
ඇල්පිටි ප්‍රා.සභාවේ පෙත්සමට විරෝධතා ගොනු කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අද (3) මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කෙරිණි. 03 April 2018
විශ්වාසභංග යෝජනාව අවුරුදු පසුවනතුරු කල්දමාගැනීමේ සැලැස්මක් තියෙනවා - ගම්මන්පිල විශ්වාසභංග යෝජනාව අවුරුදු පසුවන තුරු කල් දමා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී කළබල ඇති කිරීමට සුදානමක් ඇතැයි වාර්තා වන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 April 2018
‘විශ්වාසභංගය හමුවේ ජනාධිපති ස්වාධීනයි‘- අකිල විරාජ් ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හමුවේ තමන් ස්වාධිනව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (03) පැවසීය. 03 April 2018
යෝෂිතගේ ගුවන් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට කොළඔ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (3) අවසර දුන්නේය. 03 April 2018
අනධ්‍යන සේවක වැඩ වර්ජනය හෙට අවසන් නොවන ලකුණු විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් මසකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය හෙට (4) උදෑසන අවසන් කරන්නට තීරණය කර තිබූ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අද (3) නිකුත් කිරීමට පොරොන්දු වූ 03 April 2018
චෝදනාලාභී කාන්තාවක් උතුරුමැද ඉහළ පුටුවක ජනාධිපති විමර්ශන කොමිසන් සභාවකින් චෝදනා ලැබ සිටින නිළධාරිනියක මේ වන විට වන විටත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ තනතුරක සේවය කරමින් සිටින බව අනවරණය වී තිබේ. 03 April 2018
‘මෙරට දේශපාලනය කතා කළ නොහැකි තරමට පිරිහිලා ‘ - ජනක බණ්ඩාර ‘මෙරට දේශපාලනය උඩු යටිකුරු වී දේශපාලනය පිළිබඳව කතා කරන්නට බැරි අභාග්‍ය සම්පන්න තත්වයකට පත්වී ඇතැයි හිටපු අමාත්‍ය වර්තමාන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 03 April 2018
පෞද්ගලික සමාගම් නිසා ත්‍රි‘මලේ වරාය කටයුතුවලට බාධා පෞද්ගලික සමාගමකට බදු දි ඇති හම්බන්තොට වරායේ භාණ්ඩ ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු එම පෞද්ගලික සමාගම අඩු මිල ගණන් යටතේ සිදු කිරිමෙන් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ භාණ්ඩ ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු වලට බලපෑමක් එල්ලවි ඇතැයි වරාය වෘත්තිය සමිති පෙන්වා දෙයි. 03 April 2018
එජාප තනතුරු 30 වැනිදා අහෝසියි එක්සත් ජාතික පක්ෂයේ තනතුරු අප්‍රේල් 30 වැනිදායින් අහෝසි වනු ඇතැයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය. 03 April 2018
ඉල්ලීම් දීමට එකඟවීමෙන් ගුවන්තොටුපොළ වර්ජනය නවතී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් දීමට රජය එකඟවීම නිසා කටුනායක ගුවන් තොටුපොළේදී අද (3) උදෑසන පැවැති උද්ඝෝෂණය සහ වර්ජනය අතහැර දැමීමට සේවකයෝ එකඟ වූහ. ගුවන් තොටුපොළ සේවයකයන් නැවතත් සේවයට වාර්තා කරමින් සිටින බව ගුවන් තොටුපොළ බලධාරීහු කියති. 03 April 2018
විශ්වාසභංගය පරාජය කිරීමට එජාපෙ සුදානම් විශ්වාසභංග විවාද යෝජනාවේ ජන්ද විමසීමට පෙර අගමැති තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම සම්පුර්ණයෙන්ම ඉවත දමමින් හෙට (4) විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය කිරිමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. 03 April 2018
‘වේල්ස් ‘බක්මහ උළෙල 14 වැනිදා කාර්ඩිෆ් හිදි බ්‍රිතානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිහිටුවා ගෙන ඇති ’’වේල්ස් අපි’’ පදනම දෙවැනි වරට සංවිධානය කරන බක්මහ උළෙල මේ මස 14 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා එංගලන්තයේ කාර්ඩිෆ් හි ලැනිශන් උසස් පාසලේ දී පැවැත්වීමට නියමිතය. 03 April 2018
කොග්ගල මුහුදේ දිය නාන්න ගිය අයෙක් මරුට ගාල්ල කොග්ගල මුහුදේ අද (3) දිය නෑමට ගිය පුද්ගලයකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 03 April 2018
ටවුන්හෝල් අවට දැඩි වාහන තදබදයක් සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් මේ වන විට ටවුන් හෝල් අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී. 03 April 2018
බඹර ප්‍රහාරයකින් විදේශිකයින් හතක් රෝහලේ ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථානය අතර පිහිටි ආරුක්කු නවයේ පාලම නැරඹිමට පැමිණ සිටි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව පොලීසිය පවසයි. 03 April 2018
‘ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිනම් තනතුර තබා ගෙදර යන්න - ඇමැති හර්ෂ ද සිල්වා ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති අය විශ්වාසභංගය පරාජය කරන තුරු නොසිට තනතුරු බිම තබා ගෙදර යන්නැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී අද (3) පැවැසීය. 03 April 2018
යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් දිවයිනට යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් හෙට (4) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. 03 April 2018
පුරාවස්තු අලෙවි කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට චින ජාතිකයෙකුට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු පුරාවස්තු දෙකක් සමඟ සැකකරුවෙකු හොරොව්පතාන වාහල්කඩදි අත් අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. 03 April 2018
සනත් නිශාන්ත යළි රිමාන්ඩ් හලාවත මහාධිකරණය විසින් දෙනු ලැබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරිමේ සිද්ධියක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයකු වන ආරචිචිකටිටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජගත් සමන්ත පෙරේරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හලාවත මහාධිකරණ විනිසුරු එමි .බී .සී. එස්. මොරායස් මහතා ඔවුන් මැයි මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද ( 03 ) නියම කළේය . 03 April 2018
හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (3) වැඩවර්ජනයක් ඇරඹුහ. 03 April 2018
බස් අනතුරින් ඇඟළුම් සේවිකාවෝ 37 ක් රෝහලේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටී අද (03) උදෑසන සිදු වු අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළු කර ඇත. 03 April 2018
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට ප්‍රබල පාතාල නායකයෙක් වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන දෙල්ගහවත්තේ චිටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 03 April 2018
ආගමන - විගමන නිලධාරීන්ගේ කාමරයක විස්කි බෝතල 250 ක් කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පාලනය යටතේ ඇති කාමරයක එකතු කර තිබූ මත්පැන් බෝතල් 250 කට අධික ප්‍රමාණයක් අද (3) උදෑසන සොයා ගෙන තිබේ. 03 April 2018
ආර්ථික කමිටුව අහෝසි කළේ නෑ - ඇමති මංගල කියයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 April 2018
විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වන්නැයි ශ්රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට අද රාත්‍රී හමුවී සාකච්ඡා කළ ශ්‍රීලනිප පර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 42ක් ඒකමතිකව තීරණය කළහ. 02 April 2018
විශ්වාස භංගය ගැන කතා කරන්න එජාප ඇමැතිවරු හෙටත් ජනපති හමුවෙති අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හෙට දිනයේදීත් යළි හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර අද රාත්‍රී පැවැති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ. 02 April 2018
රතන හිමිගේ සහාය එජාපෙට ලැබෙන බව නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා කියයි එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද සහභාගී වු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය. 02 April 2018
විනී මැන්ඩෙලා සමුගනියි වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු විනී මැන්ඩෙලා අද (2) අභාවප්‍රාප්ත වූවාය. 02 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026