(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම පිටිපන ප්‍රදේශයේ කුලී නිවසකදී නිවුන් බිළිඳුන් දෙදෙනෙකු උපන් මොහොතේදීම පොහොර උරයක බහා දොරමුල්ලේ තබා රෝහල් ගත වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන බවත් ඇයට අවුරුදු 5ක පමණ තවත් දරුවකු සිටින බවත් පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව තමාගේ කුසින් අධික ලෙස රුධිරය වහනය වන බව පවසා අද (04) හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇගේ කුසේ වැදෑමහ දෙකක් ඇතිබව වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත.
වෛද්‍යවරුන් කාන්තාවගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී මේ බව අනාවරණය වී ඇත.
පොලිසියට මේ පිළිබඳව කළ දැනුම්දීම මත ඇගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි දොරමුල්ලේ පොහොර උරයක බහා තිබූ නිවුන් බිළිඳන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගත් බවත් කාන්තාව රෝහල්ගත කර සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ඊයේ (03) දරු ප්‍රසූතිය සිදුව ඇති බවත් අනියම් ඇසුරකින් දරුවන් පිළිසිඳ ගෙන ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.
හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තිරිසන්නුන්ගේ කුසෙහි ඉපදීමත් මහා පවක්...
ප්රභාකරන් නැවත ඉපදුනේ මේ යක්ෂනියගේ කුසේ උපන් ගමන්ම මරලා ලේ පෙරාගෙන ගිහින්...
තමන්ටම කියා, දරු පැටියෙක් නොමැතිව, වෛද්‍ය ප්රතිකාරවලින් පමණක් නොව, නොයෙකුත් භාරහාර වලින්වත් පලක් නොමැතිව මැරී මැරී ඉපදෙමින් ලතවෙන කාන්තාවන් අතරේ, මෙවැනි පව්කාර ගැහැණුන්ටම නේද දෙවියනේ එපා...එපා කියන්ඩම දරුවෝ හම්බ වෙන්නේ... පව්කාර ගැහැණු ...
ඒ මවගේ ජාතිය හා ආගම කුමක්ද?
අනේ පව් අහිංසක දරු පැටව්. මේවගේ අම්මලා ගේ කුසේ උපදින්නෙත් පෙර කර්මනිසා . රත්තරන් දරුපැටව් විනාශ කරන්නෙ නැතිව හදාගන්න පුළුවන් අයට දුන්නා නම් කොච්චර වටිනවද අම්මේ
දරැවන් නොමැති දරැවන්ට ආදරේ ඇති අය බෝහෝ සිටියදීත් මෙසේ මිය යාම ඉතාම අවාසනාවන්ත සිදුවීමක්
මේ රටේ දරුවන් වෙනුවෙන් හා කාන්තාවන් සඳහා කොපමන රාජ්‍ය ආයතන තිබෙනවාද. ස්වේච්ඡා සංවිධාන තියෙනවාද. මේ කාන්තාව දරුවන් මරා දැම්මේ ඇයගේ ප්‍රශ්නයට විසඳුමක් නොමැති නිසා වෙන්න ඇතිනේ. රටේ තිබෙන කිසිම සංවිධානයක් මෙවැනි ප්‍රශ්න ඇතිවුනාම විසඳන්න ක්‍රමයක් ඇති කරලත් නැහැනේ. එහෙම තිබුනනම් අර දරු පැටව් දෙදෙනාට එවැනි ඉරනමක් අත් නොවන්න තිබුනා.