(හිරාන් ප්‍රියංකර ජයසිංහ , ජයරත්න වික්‍රමාරච්චි)
සිය සිව් හැවිරිදි දියණිය ඝාතනය කර කළා ඔයට දැමු බවට පාපොච්චාරය කළ මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුව පැය 24 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා අද ( 4) පොලිසියට අවසර ලබා දුන්නේය.
මෙසේ රදවා ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා දී තිබුනේ සාලියවැව නිලබැම්ම ඔළුමඩු ප්‍රදේශයේ තම සිව් හැවිරිදි දැරිය ඝාතනය කර කලා ඔයට දැමු බවට පාපොච්චාරණය කළ හිටිහාමි මුදියන්සේලාගේ නයනා කුමාරි නැමති 21 හැවිරිදි එම දැරියගේ මවටය.
පසුගිය 30 දින සාලියවැව නිළබැම්ම ප්‍රදේශයේ පදිංචි ව සිටි සිව් හැවිරිදි ඩබ්ලියු .ජී .තෙනුරි තිසාරා නැමති සිව් හැවිරිදි දැරියක් නිවසේ සිටියදි අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසිය ප්‍රකාශ ලබා දි තිබුණි.
.
පසුව දැරියගේ අතුරුදහන් විම සම්බන්ධව තෙවැනි දින මධ්‍යම රාත්‍රියේ දැරියගේ මව සාලියවැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදි ඇය පාපොච්චාරණය කර තිබුනේ තම දැරියට පහර මරා නිවසේ සිට මිටර් 300 කට ආසන්න දුරකින් පිහිටි කළාඔයට දැමු බවයි .
ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කාන්තාව රදවා ප්‍රශ්න කිරීමට සාලියවැව පොලිසිය පැය 48 ක කාලයක් අධිකරණයෙන් ඉල්ලා තිබුණ ද පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු.එන් සිල්වා මහතා විසින් පැය 24 ක කාලයක් ලබා දි ඉතිරි පරික්ෂණ පවත්වන ලෙසට පොලිසියට නියෝග කර තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේයා දැරිය ඝාතන සිද්ධිය හා ඊට අනුබද්ධ සිදුවීම් ජාලය නැවත සිහිගන්වන කතාවකි. මෙම කාන්තාව සැක කාරියක් විනා එය ඔප්පු කර නැත. එය අධිකරණයට භාරය. පොලිසියටද කල හැක්කේ සාක්ෂි සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පමණි.
ඇයි රත්තරන් අම්මේ දරුවන්ට මෙහෙම අහස පොළව නූහුලන අපරාධ කරන්නෙ. මේ රටට නම් දේව පාපයක්ම තමා වෙලා තියෙන්නෙ. අහිංසක දරුවො මරන්න එපා. හදා ගන්න පුළුවන් කෙනෙකුට දෙන්න. මේ නම් අඩු වයසෙන් මොකක් හරි හුටපටයක් කර ගත්ත අම්ම කෙනෙක් වගේ පේන්නෙ.
සඳවට රන්තරු කැකුළු පිපේවා - අම්මට දරුවාගේ අගය දැනේවා...