(ඉන්දිකා රාමනායක)
71 වැනි නිදහස් දින නිමිත්තෙන් හෙට (4) සිරකරුවන් 545 දෙනෙක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැලිකඩින් සිරකරුවන් 41 දෙනෙක්, අනුරාධපුරෙන් 46 දෙනෙක්, පල්ලෙකැලෙන් 36 දෙනෙක් ඇතුලූ බන්ධනාගාර 29 කට අයත් සිරකරුවන් මෙලෙස නිදහස ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
සුළු වැරදි හේතුවෙන් දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වුවන් ට මෙලෙස නිදහස හිමිව ඇති බවද උපුල්දෙණිය මහතා කියා සිටියේය.
දැනට සිරදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස හිමිවේද යන්න ලංකාදීපය උපුල්දෙණිය මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ. ඥාණසාරි හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කි‍්‍රයා මාර්ගයක් ගෙන නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලයිස්තුවේ මහ පාරේ මිනී මරාගෙන දැන් එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කෙනයි උසාවියට අපහාස කිරීමේ වරදට හිරේ ගිය කෙනයි ඉන්නවද?
545 වැනි සිරකරුවා ඥාණසාර හිමි නොවේවා...!!!
සිරකරුවන්ද මනුෂ්‍යයෝ යන තේමා පාඨය මෙනෙහි කරන එකට ස්තුතියි. නමුත් එළියට එන සියලුම සිරකරුවන්ට අවවාදයක් දෙන්න කැමතියි. ඔබ සිරගත වුනේ යම් කිසි වැරැද්දකට. සමහර විට නොකළ වැරැද්දකට වුවද විය හැකියි. කරුණු කාරණා කෙසේ වෙතත් මින් මත්තට කිසිම වැරැද්දක් නොකරන බව හා කරන්න නොපෙලෙඹෙන බව අදිටන් කරගන්න. ඔබ නිසා ඔබේ පවුලේ උදවිය කෙතරම් අපහසුතාවයකට පත් වෙන්න ඇතිද? දරුවන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් කෙතරම් වේදනා විඳින්න ඇතිද? මිනිස්සු අතින් වැරදි වෙනවා. එය නැවත නොකර හරි මාර්ගයේ ගමන් කරන්න අවැසි ශක්තිය ලැබේවා!
සිරකරුවන්ද මනුෂ්‍යයෝය යන තේමා පාඨය මෙනෙහි කරන එකට තුති... නමුත් එළියට එන සියලුම සිරකරුවන්ට අවවාදයක් දෙන්න කැමතියි. ඔබ සිරගත් වුනේ යම් කිසි වැරැද්දකට. සමහර විට නොකළ වැරැද්දකට වුවද විය හැකියි. කරුණු කාරණා කෙසේ වෙතත් මින් මත්තට කිසිම වැරද්දක් නොකරන බව හා කරන්න නොපෙලඹෙන බව අදිටන් කරගන්න. ඔබ නිසා ඔබේ පවුලේ උදවිය කෙතරම් අපහසුතාවයකට පත්වෙන්න ඇතිද? දරුවන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් කෙතරම් වේදනා විඳින්න ඇතිද? මිනිස්සු අතින් වැරදි වෙනවා. එය නැවත නොකර හරි මාර්ගයේ ගමන් කරන්න අවැසි ශක්තිය ලැබේවා!
අපි දන්න කෙනෙක් ඉන්නවා වැලිකඩ, ඒ මනුස්සයා ගොලු මනුස්සයෙක්... කතා කරන්න බැහැ. ඇහෙන්නේ නැහැ. වරද ... ඔහු කසාද බැඳලා නමුත් ඒ අයගෙන් වෙන්වෙලා තනිව කුලී වැඩක් කරමින් තමයි ජීවත් වෙන්නේ. නමුත් ඔහුට ඔහුගේ පවුලට රුපියල් 10000ක් මාසෙකට ගෙවන්න කියලා ඒ මනුස්සයා කෝච්චියටත් හැප්පිලා ජීවිතේ බේරුණත් අත කැඩිලා.. ඉතින් ඒ වගේ කෙනෙක් නිදහස් කරාවිද? ඒ වගේ කෙනෙක් කොහොමද 10000ක් දෙන්නේ? ගරු අධිකරණය මේ වගේ කාරණා දෙස බැලිය යුතුයි. ඔහු ගොලු පුද්ගලයකු නිසා ඔහුගේ නොහැකියාව අධිකරණයට පැහැදිලි කිරීමට අපහසු ඇති.
ඥානසාර හිමි නිදහස් කිරීම ජාතිවාදයට උඩගෙඩි දීමකි. සුළු ජාතික ඡන්ද අඩුකර ගැනීමකි.
සුළු දඩ ගෙවා ගැනීමට බැරිවන අයට නිදහස දුන්නට කමක් නැහැ..! බරපතල අපරාධකරුවන් ඔවුන්ගේ කාලය අවසන් වනතුරු කූරු ගැන ගැන ඉන්න අරින්න. කුඩුකාරයන්ට හෝ කසිප්පු මුදලාලිට හෝ නැතිනම් උසාවි ඇතුලේම ඉඳන් අසරණ කාන්තාවන්ට තර්ජනය කරන, රටේ අධිකරණයට අපහාස කරන, මොන ඇඳුමෙන් හිටියත් කුඩුකර සිටින අපරාධකාරයන්ට නම් මොන සමාවක් යටතේ වුවත් නිදහස නම් දෙන්න එපා..! රටේ ජනාධිපතිවරයා මොළය පාවිච්චිකර "සිරකරු නිදහස" ගැන ගැඹුරෙන් සිතාවි කියා අප සිතමු !!!
කවුරුන් සිරගෙට ගියත් ඔවුන්ගේ දරුවන්, පවුල් අසරණවීම සිදුවෙනවා. එම නිසා ඔවුන්ගේ සමාජ සුරක්ෂිතභාවය උදෙසා පිළිවෙලක් යෙදීම රජයක වගකීමක්. සුළු වැරදි හේතුවෙන් දඩ මුදල් ගෙවාගැනීමට නොහැකිවීම්වලට, රටේ හා පුද්ගලයින්ගේ ආර්ථික හේතුන් බලපාන බැවින් ඒ සඳහා රජය මගින් අරමුදලක් හෝ ගොඩ නගා, ඒ මඟින් ඔවුන්ට නිදහස ලබා දිය හැකි නම් එය අධිකරණ ක්ෂේත්රයේ වියදම අවම කිරීමට පිලියමක් මෙන්ම තවදුරටත් රටතුළ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කිරීමටත් හේතු විය හැකියි. එසේම ඉදිරිපත් වන කරුණු මත පමණක් නොව සත්‍යය සොයා ගොස් තීන්දු ගැනීමට හැකියාවක් ඇත්නම් එය වඩාත් වැදගත් වේවි...!!!
ඥාණසාර හිමි නිතරම කියනවා නේද? සියලු දෙනාටම ක්‍රියාත්මක විය යුත්තේ එකම නීතිය කියා... ඔන්න එහෙනම් අපි අහනවා සිරගත වුණාට පසුව සියලුම දෙනා ජම්පරය අඳිද්දී ඤාණසාර පමණක් එම නීතිය කඩකර ඇත්තේ කෙසේද කියා..?
උසාවියට අපහාස වෙන වැඩ කරලා තිබෙන්නේ උසාවියේම කට්ටියයි. එකට සාක්කි දෙන්න ජනාධිපති, වික්ටර් අයිවන් ඇතුළුව 42ක් ලැහැස්තියි. ඒ ගොල්ලෝ සාක්කි දුන්නාම දෑස් බන්දලා තිබෙන රෙද්ද ගැලවේවි... අවංක මිනිස්සු ඉන්නවා නම් නීති වෘත්තිය අත්හැර යාවි...