(අංජුල මහික වීරරත්න)
වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.
මේ වන විට කෙටුම්පත් කර ඇති වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාසයක කාලයක් තුළ එම ක්ෂෙත්‍රයේ විවිධ පාර්ශ්වයන්ගෙන් සහ මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බවත් එසේ මහජන අදහස් ලබා ගෙන සකස් කරන අවසාන ලියවිල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එයින් පසුව එය වරාය සහ නාවික ක්ෂේත්‍රයන්ට අදාළ ජාතික ප්‍රතිපත්තිය වශයෙන් එය සම්මත කෙරෙනු ඇති බව කී අමාත්‍යවරයා ඒ හරහා ඉදිරි වසර කිහිපය තුළ එම ක්ෂේත්‍රයන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය හිමිවනු ඇති බව ද සඳහන් කළේය.
මේ වන විට කෙටුම්පත් කර ඇති එම ප්‍රතිපත්තියේ මුල් පිටපතක් ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික ක්ෂේත්‍රයන්හි නියෝජිතයන්ට ලබා දීමේ ඉකුත් සතියේ වරාය සහ නාවික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. එහිදී මෙම ලියැවිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇති කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.
වරාය යනු මෙරට ආර්ථිකයේ ජීවනාලිය බව කී අමාත්‍යවරයා එය ශක්තිමත් කිරීමට නම් පුළුල් සහ ඉදිරිගාමී ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, සෑම පාර්ශවයකගේම සහයෝගය ඒ සඳහා ලබා ගත යුතු බවත් අවධාරණය කළේය.
වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්පත් කමිටුවක් විසින් මෙම ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කොට ඇති අතර එම පිරිසට ද අමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතිය පළ කළේය.
අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති ජාතික ප්‍රතිපත්තියේ පළමු කෙටුම්පත එළිදක්වන උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන දේ කරන්න
අපට අදහස් ඔන්ලයින් දැමීමට හැකිවන පරිදි කෙටුම්පත අන්තර්ජාලයට මුදා හරින්නකෝ...
2015 ජනවාරි අටෙන් පසුව කොළඹ වරායේ කිසිම සංවර්ධනයක් නොකරපු එකද ප්‍රතිපත්තියක් වශයෙන් එළිදැක්වෙන්නේ ?
"..වරාය සමනල උද්‍යානයක් කොට සුද්දන්ට ලාබෙට විකුණා රට සංවර්ධනය කරන්නට දිවුරා පොරොන්දු වෙමි..."