ඉස්සන් ගැන බොරු බියක් එපා - ජලජ ජීවී වගා අධිකාරිය ඒඩ්ස් රෝගයට සමාන රෝග සහිත ඉස්සන් විශේෂයක් ලංකාවට ගෙන්වා ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයි ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි. 09 April 2018
නකල්ස් රක්ෂිතයේ අතරමංවූ 7 දෙනාගේ දිවි බේරෙයි නකල්ස් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංවූ තරුණයින් 7 දෙනා පොලිස් ස්ථාන 4ක නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව සොයා ගත් බව පන්විල පොලිසිය කියයි. 09 April 2018
‘හුදකලා නොවි ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්න‘-රවිනාථ ආරියසිංහ හුදකලා නොවී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීම මඟින් ජාත්‍යන්තරයට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවසීය. 09 April 2018
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයට රණවිරු ගම්මානයක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම රණවිරු ගම්මානයක් ඉදිකිරීමට තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. 09 April 2018
රැකියා විරහිත උපාධිධරයන් 20000කට රජයේ රැකියා රැකියා විරහිත උපාධීධාරින් 20,000කට රජයේ රැකියා ලබාදීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 09 April 2018
තොණ්ඩමන් උතුරු මහඇමැති හමු වෙයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (8) යාපනයේ පිහිටි නිවසේදී පැවැත්විණි. 09 April 2018
රිවෝල්වරයක් සමඟ කෝටිපති ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට විදේශීය රටක නිෂ්පාදිත අධික වටිනාකමකින් යුත් කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය බේබි රිවෝල්වරයක් හා මිලිමීටර නවය වර්ගයේ ජීව පතොරම් හතක් කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟ තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ හා කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 April 2018
අරාබියේ යහපත් චරිත සහතික නීතිය තාවකාලිව අත්හිටුවයි ශ්‍රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි සහ උතුරු එමිරේටය සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අද (09) නිවේදනය කළේය. 09 April 2018
සැරයන් මේජර්ගේ බිරිඳ දුෂණය කළ කෝප්‍රල්වරුන් තිදෙනෙකුට අධිචෝදනා යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරිඳක සහ හමුදා සෙබලූන් තිදෙනෙකුගේ මවකද වන 50 හැවිරිදි කාන්තාවක් බීමත්ව රංචු ගැසී වරින් වර සමූහ දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකාර හිටපු යුද හමුදා කෝප්‍රල්වරුන් තිදෙනෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඉදිරියේ අධිචෝදනා බාර දෙනු ලැබීය. 09 April 2018
ආගමික - වාර්ගික හිංසන පිළිබඳ දැනුම් දෙන්න දුරකථන අංකයක් ආගමික සහ වාර්ගික වශයෙන් සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1956 නමින් කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී ඇතැයි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. 09 April 2018
මිය ගිය තරුණයාගේ අවයව දන්දී 6 දෙනෙක්ගේ දිවි බේරා ගනී අනතුරකින් මරණයට පත්වු ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේ තරුණයකුගේ සිරුරේ හෘද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන් දිමට ඥාතින් කටයුතු කිරීමේ අපුරු පිංකමක් පිළිබඳව අසන්නට ලැබුණි. 09 April 2018
‘තීන්දුව නැතත් හදවතින් ඩිවෝස්වෙලා ඉවරයි: ඉක්මනින් මැතිවරණයක් තියන්න‘ - නාමල් රාජපක්ෂ වැඩිකල් යන්න කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා අපි පාරට බහිනවා. මේ ප්‍රේම ජවනිකාව සාර්ථක වෙන්නේ නෑ. දැන් ඩිවෝස් එක ෆයිල් කරලා ඉවරයි. නඩු තීන්දුව නැතත් දෙන්න හදවතින් ඩිවෝස් වෙලා ඉවරයි. 09 April 2018
නකල්ස් රක්ෂිතයට ගිය 7 ක් අතුරුදන් නකල්ස් රක්ෂිතයේ චාරිකාවකට ගිය හෝමාගම ප්‍රදේශයේ හත් දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. 09 April 2018
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යෝජනාවලිය පිළිගත නොහැකියි - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති පුංචිනිලමේ පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කිරිමේ කමිටුව විසින් සකස් කර ඉදිරිපත් කර ඇති වාර්තාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යොජනාවලිය පිළිගත නොහැකි බවත් එය පුළුල්ව විමසා බලා ජනවර්ග අතර ගැටුමක් හෝ විරසකයක් නිර්මාණය නොවන පරිදි යළි සංශෝධනය විය යුතු බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි. 09 April 2018
විග්නේෂ්වරන්ට මහඇමැති අපේකෂකත්වය නොදෙන බව ටීඑන්ඒ කියයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට යළිත් උතුරු පළාත් මහඇමැති අපේක්ෂකත්වය නොදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය. 09 April 2018
හිඟුරක්ගොඩ මන්ත්‍රීවරුන් 33 සභාපති තෝරද්දී 44ක් වෙලා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්ක කර ගැනීමේ ඡන්ද විමසීම උතුරු මැද පළාත් පාලන කොමසාරිස් වරිය විසින් අත්තනෝමතික හා අසම්මත ලෙස සිදුකරනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටී. 08 April 2018
විපක්ෂ නායකට එරෙහිව ඒකාබද්ධය සටනට විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ගැන රටේම විශ්වාසය පළුදු වී ඇති හෙයින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා දේශීයවත් ජාත්‍යන්තරවත් පුළුල් හඬක් නැගීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 08 April 2018
පක්ෂයෙන් නොයන බවට ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් පොරොන්දුවක් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පක්ෂයෙන් ඉවත් නොවන බවත් මොන තත්වයක් යටතේ වුවද පක්ෂය සමග බැදී සිටින බවත් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද(08) සවස වීරකැටියේ පැවති උත්සවයකදී පැවසීය. 08 April 2018
අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් - අකිල විරාජ් සිංහල දෙමළ අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු විය යුතු බව ජනාධිපති සහ අගමැති අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසමි මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 08 April 2018
ලක්ෂ 10ක දුම්වැටි සහ කරදමුංගු රේගුවෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි සහ කරදමුංගු තොගයක් සමඟ යුවළක් සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 08 April 2018
ශ්‍රිලනිප මධ්‍යමකාරක සභා රැස්වීම සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (09) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙයි. 08 April 2018
ලංකාවේ අලුත් සිතියම මැයි අගදී නිකුත් කරයි වෙනස්කම් ඇතුළත් කර සකසන ලද දිවයිනේ නව සිතියම ලබන මැයි මස අගවන විට නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 April 2018
ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් ඉවත්කරන්නැයි ඉල්ලුවා - අකිල අගමැතිට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා තව දුරටත් තනතුරුවල සිටීම ප්‍රශ්නයක් වන හෙයින් ඔවුන් සියලු දෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස එජාප මැති ඇමැතිවරුන් ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 08 April 2018
එජාප සභාපති මලික් ඉල්ලා අස්වෙයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 08 April 2018
රියදුරු බලපත් විභාගය ඩිජිටල් ක්‍රමයට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැවැත්වෙන විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුව තීරණය කොට ඇතැයි වාර්තා වේ. 08 April 2018
වයඹ පළාත් මන්ත්‍රීට පහර දුන් හලාවත ප්‍රා.ස මන්ත්‍රීට පොලිස් ඇප වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හලාවත ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ සභික සුනිල් පාරිස් මහතා පොලිස් ඇප මත මුදා හැරීමට මාදම්පේ අද (08) පොලීසිය කටයුතු කර ඇත. පසුගිය 06 වැනිදා හලාවත ප්‍රාදේශීය සභාවේ මාදම්පේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම පහර දීම සිදු කර තිබිණි. 08 April 2018
ආනයනයට තහනම් ඉස්සන් තොගයක් රේගුවෙන් අල්ලයි ආනයනය කිරීම තහනම් කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගා කරුවන්ගේ සංවර්ධන සංධානය විසින් ඉල්ලුම් කර තිබූ “වනමී” යනුවෙන් හදුන්වන මව් ඉස්සන් තොගයක් අද (08) රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 08 April 2018
තරුණියක් රවටා විසි ලක්ෂයක් වංචා කළ තරුණයෙක් සොයා මෙහෙයුම් අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම ඔස්සේ දැන හඳුනා ගෙන එක්සත් රාජධානියේ සිට ත්‍යාගයක් එවන බව පවසා මාතර හිත්තැටියේ පදිංචි 34 හැවිරිදි තරුණියකගෙන් රුපියල් විසි ලක්ෂ පනස් දෙදහස් පන්සීයක මුදලක් බැංකු ගිණුම් වලට බැර කරවා ගෙන මුදල් වංචා කර බව කියන පුද්ගලයින් පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකය පවසයි. 08 April 2018
ඉන්ධන බවුසරයක් පෙරැළී රියදුරු රෝහලේ දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදි මර්ගයේ ධාවනය වෙමින් තිබු ඉන්ධන බවුසරයක් මාර්යෙන් ඉවතට පැන ගසක ගැටි සිදුවු රිය අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 08 April 2018
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් හරියි ඉහළ කොත්මලේට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (08) උදෑසන විවෘත කර තැබීමට එහි ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබේ. 08 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026