(විනීතා එම් ගමගේ)
ගස් කැපීමට යොදාගන්නා දම්වැල් කියත් සඳහා බලපත්‍ර ලබා ගැනීම මාර්තු 15 වැනිදා සිට අනිවාර්ය කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
එම කියත් සතු සියලූ දෙනා ඒ පිළිබඳව මේ මස 15 වැනිදා සිට මාර්තු පහළොස්වැනිදා දක්වා ළඟම ඇති පොලිසියට වාර්තා කළ යුතු බවත් මාර්තුමාසය තුළ ඒ සඳහා බලපත්‍ර නිකුත් කරනු ඇති බවත් සිරිසේන මහතා කීය.
මාර්තු 15 වැනිදායින් පසු දම්වැල් කියත් පාරේ ගෙන ගියත් ගස් කැපීමට භාවිතා කළත් බලපත්‍ර නැත්නම් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
රටේ ඇති වනාන්තර ප්‍රමාණයෙන් සියයට 1.5 ක් සෑම වසරකම හැම වසරකම අඩු වන බවත් සවස දකින ගස උදේ දකින්නට නැති බව බොහෝ දෙනෙක් තමන් සමඟ පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා දම්වැල් කියත් තහනම ද වසර ගණනාවක් තිස්සේ ජනතාව කළ ඉල්ලීමක් යැයි ද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (11) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. ග්රාමශක්ති ජාතික මෙහෙයුම් වැඩ සටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම සම්මන්ත්‍රණය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිසාරේට අමුඩේ ගැසීම කලාවක් නම් ලංකාවේ දේශපාලනය පිකාසෝට වඩා ඉහල තැනක තියෙන්නේ.
ගොඩක් වැදගත්.. සපුරා තහනම් කරන්න.
අපි මෙසේ යෝජනා කරමු. කැලේට යන අහිංසක හාදයින්වත් ලියාපදිංචි කරමු. එ්කත් නරකම නැහැනේ... මොකද ශරීර අවශ්‍යතාවයන්ට යන පුද්ගලයාවත් ගස්වැල් වලට ආදරෙන් "කියත් දම්වැල් අරගෙන" යන මිනිසාවත් හඳුනාගන්න පුළුවන්... හෙට, අනිද්දාම කියයි රජරට බලපත්‍ර ගාස්තු ගෙවා කියත්, දම්වැල් මුදලින් ලබා ගන්න කියා...
බදියුදීන්ලා දම්වැල් කියතෙන් නෙමේ සිරෝ කැලෑ කපන්නේ.. ඩෝසර් කරලා..
කොපමණ නීති දැම්මත් වැඩක් නැහැ.. ඒවා ක්‍රියාත්මක කරන අය.. නීතිය පාවා දෙන්නේ නම්..!!!
ගස් කැපුවට කමක් නෑ... කියතට ලයිසන්ස් තියෙනවා නම්...
පොරවට බලපත්‍ර නැද්ද.
එතකොට පොරොවට කියතට එහෙමත් ලයිසන් ඕනද? ලයිසන් දෙනවා කියන්නේ මේ යාන්ත්‍රික කියත් වලටත් එන්ජින් නොම්මර චැසි නොම්මර තියෙන්න වෙයි වගේ.
යාන්ත්‍රික කියත්වලට බලපත්‍ර දුන්නාට පරිසරය රැකෙනවා යයි සිතීම විහිළුවක්. මේ වැඩෙන් වෙන්නේ රජයට ආදායමක් ලැබීමයි. ඒ නිසා ගස් කපන්නා හා ලී මෝල් හිමියා ඒක ජනතාවගේ බිලට දානවා. තවතවත් කියත් මිලට ගෙන ඒ ඔක්කෝටම ලයිෂන් ගත්තාම නියමෙට පරිසරය සුරැකෙනවා. මේවා කැකිල්ලේ නඩු තීන්දු වගෙයි.
එව්වගෙන් ගස් කපන්නත් ඔපරේටර් බලපත්‍රයක් ඕනෑවෙයි නේද?
කැත්තට පොරවට ආදී දේටත් තව කල් යනකොට ලයිෂන් ගන්න වේවි සමහරවිට.
ජනාධිපතිතුමා පරිසරය පිළිබඳව සිතා ගත් මෙම තීරණය ඉතා කාලෝචිතයි. රජයේ තේක්ක වගා වලින් පැය භාගයක් තුල ගස් 15 ක් විතර කපාගෙන මුල් කුට්ටිය පමණක් අරන් පනින හොරු පාවිච්චි කරන්නේ චෙන් ෂෝ හෙවත් දම්වැල් කියත්. වට අඩි 1.5 / 2.0 ප්‍රමාණයේ තේක්ක ගස් 15 ක් කපන්න විනාඩි 15-20 අතරේදී මේනිසා හැකි වෙලා තියෙනවා. පුත්තලම සෙල්ලන්කන්දල්, අට්ටවිල්ලුව, වන්නියගම තේක්ක වගා විනාශ උනේ මේ දම්වැල් කියත් නිසා බව කියන්නටම ඕනේ. වන නිලධාරීන් ඔත්තුව ලැබී පුත්තලමේ සිට යනවිට හොරු කඳන් පටවාගෙන සැතපුම් ගානක් දුර ගිහින්.
කොහොම හරි පොඩි මිනිහගෙන් ගාන කඩාගන්න තමයි බලන්නේ.................
පිටරටින් ගෙන එන දැව සදහා ගහන බද්ද නැති කලානම් මිනිස්සු වනාන්තර විනාශ කරන එක අඩු කරාවී, මේ ජාවාරම්කාරයෝ රජ වෙලා තිබෙන්නේ ලී වලට ලංකාවේ විශාල ඉල්ලුමක් තිබෙන නිසා