(ප්‍රසන්න පද්මසිරි)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරවෙල පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනියුක්තිව රාජකාරි කරන බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න අවශ්‍ය නැහැ. එහම අධිකරණයට ගියොත් හිරුණිකා, විජයකලා වගේ ක්ෂණික ඇප ලැබේවි...!!!
මෙහෙම හැසිරෙන මොවුන් කොහොමද මහජන නියෝජිතයෝ වෙන්නේ? කවුරු හරි මට කියල දෙනවද?
ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ප්‍රාණ ඇපකරුවෝද?
ඕක තමා ලංකාවේ විදිය. මහජනයාගේ ඡන්දෙන් පත් වුණාට පස්සේ උන් පාරේ යනකොට, ඡන්දෙ දුන්නු එවුන් කාණුවට බැහැල උන්ට ඉඩ දෙන්ට ඕනේ.
ඡන්දෙ කාලෙට දයාව කරුණාව ආදරය දොරේ ගලාගෙන පයින් ඇවිද ඇවිද පළාත පුරාම යන මෙයාල ඡන්දෙ දින්නට පස්සේ වීදුරු කලුකරපු වාහනවල ඇතුලට වෙලා යන්නේ හරියට කවුරුහරි මෙයාලව මරන්න පස්සෙන් එනවා වගේ ඒ වෙලාවට පාර ඉඩදෙන්නත් ඕන නැත්නම් කාණුවට බහින්නත් ඕන
කූඩුවට දාන්න ඕනේ.... මන්ත්රීකමත් නැති කරලා. කෝ මේ අර සරත් විජේසූරිය ඇතුළු ඩොලර් කාක්කන් ටික? මෛත්‍රිට බනින විදියට මේවාට බැන්නොත්..! ඩොලර් ටික නැතිවෙයි බිංදුවටම...
අනිවාර්යයෙන් මොහුව අත්අඩංගුවට ගත යුතුයි.. රටේ නීති දෙකක් තියෙන්න බැහැ. මෙයා හිතාගෙන ඉන්නේ මොහුගේ අතකොලු කියලයි. පොලිස්පතිතුමනි මොහුට නීතිය ක්‍රියාත්මක කරන්න.
මේ ඔබගේ අපගේ රටයි, මේ වගේ තක්කඩින් ට එරෙහිව හැමෝම හඬ නගමු ! නීතිය ක්‍රියාත්මක කලේ නැතිනම් කුණු බිත්තර ගසා හෝ මේ තක්කඩි රටේ දේශපාලනයෙන් අතු ගා දමමු . අපි එකතු වුවහොත් මේ පාතාල මදාවි කම් කුඩු පට්ටම් කල හැක.
ඔය සිද්ධිය මේ දවස්වලම සිදුවීම ගැන සතුටුයි.මේ ඊනියා ජනතා සේවකයන් ගැන මතක තියාගෙන අපේ ගේම දෙන්න හැකිවේවි. චන්ද දෙන්නේ අපි.225ම ගෙදර යවමු.මේ අය වෙනුවට අලුත්……….225ක් පත්කර ගනිමු.
නෑ නෑ ඔය බොරු කියන්නෙ.
රටේ නීතියක් තිබේ නම් එයට අවනත වෙන්න බැරි ඇයි? හරකුන් කෙසේ අපගේ මුදල්වලින් යැපෙමින් මහජන නියෝජිතයන් වන්නේ කෙසේද?
වරද පොලිසියේ නිලධාරියගේ... ඔබ නීතිය ආරක්ෂා කරන කෙනෙක්... වරදක් නැතිව ඔබට ගැහුවොත් ගහන්න. ආයේ නැගිටින්න බැරිවෙන්නම ගහන්න. දේශපාලකයින් කියන්නේ හිඟන්නන්. මහජනයාගේ ඡන්දෙ හිඟාකාලා අන්තිමේදී මහජනයාව හොරාකන හිවල්ලුන්. ඡන්දෙ පැරදුණු දවසක ඔවුන් නිකම්ම නිකම් බල්ලා මාර්ක් එකට වැටෙනවා. නමුත් ඔබ රජයේ නීතිය ආරක්ෂා කරන නිලධාරියෙක්. ඔබට ඔබේ ආත්ම අභිමානය තියෙනවා. නමුත් ඔය බොරු චන්ඩිකම් පෙන්වන අයට නැත්තෙත් එ්කමයි.