‘චාමර සම්පත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා’ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතා ශ්‍රීලනිප කලා වැව ආසන බල මණ්ඩල රැස්වීමේදී කළ ප්‍රකාශය මගින් අල්ලස් දීම ප්‍රසිද්ධියේම පිළිගෙන ඇතැයි ද එම නිසා ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ යැයි ද එම පළාත් සභා ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය. 19 July 2018
‘පළාත් සභා බලය ස්ථාපිත නොකිරීමෙන් උතුරු පළාත් රාජ්‍ය ආයතනහි පරිපාලනය දුර්වල වෙලා‘ පළාත් සභාවේ බලය ස්ථාපිත නොකිරිම නිසා උතුරු මැද පළාත තුළ පිහිටි රාජ්‍ය ආයතන සියල්ලේම පරිපාලනය කඩාවැටී මෙන් පළාතේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇතැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා අද (19) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය. 19 July 2018
‘ජනපතිවරණයේ දී රුසියාවේ මැදිහත්වීම ගැන පුටින් වගකිව යුතුයි’ ජනාධිපතිවරණයේ දී රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට පෞද්ගලිකව වගකිව යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පවසයි. 19 July 2018
වෙරෝනා‘අඩ්ජේ‘ගඟට වැටුණු ලාංකිකයාගේ සිරුර දින 5කට පසු සොයා ගනී ඉතාලියේ වෙරෝනා නගරය මැදින් ගලායන අඩිජේ නම් ගංඟාවේ ගිලී අතුරුදන්ව සිටි ශ්‍රි ලාංකිකයෙකුගේ මළ සිරුරක් දින 5 ට පසුව සොයාගෙන ඇති බව ඉතාලි ආරංචි මාර්ග පවසයි. 19 July 2018
ගතවූ වසර දෙකහමාරට කොටි බෝම්බ සහ මර උගුල් 5000 කට වැඩියෙන් සොයා ගනී 2016 සිට 2018 වසරේ මේ දක්වා කාලය තුලදී කිලිනොච්චියේ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද විවිධ වර්ගයේ බෝම්බ ඇතුළු විවිධ වර්ගයේ මර උගුල් 5442 ක් සොයාගෙන ඇති බව බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ නිරත ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙන්වා දෙයි. 19 July 2018
මිතුරාට පහරදී කප්පම් ඉල්ලයි මිතුරාට පහරදි ජාතික හැඳුනුම්පත කොල්ලකා එය ආපසු දිමට රුපියල් පන් දහසක කප්පමක් ඉල්ලා සිටි තිදෙනෙකු උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 19 July 2018
පඹුරුගස්වැව විද්‍යාලය යටවීමේ අවදානමක් යාංඔය ජලාශ යෝජනා ක්රමයේ ඉදිකිරිම් අවසන් කර ඇති අතර ජලයෙන් යටවන ගෝමරන්කඩවල පඹුරුගස්වැව විද්‍යාලය තවමත් ඉවත් නොකිරිම හේතුවෙන් හදිසි වර්ෂාවකදී පාසල යටවීමේ අවදානමක් පවතින බව එහි විදුහල්පති එස්.පි.ජයතිලක මහතා පැවසිය. 19 July 2018
කඳවුරු පවත්වාගෙන යෑම - භට පිරිස් තීරණය කිරීම හමුදාපතීන්ගේ වැඩක් හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු හමුදාවල සියලු පරිපාලන කටයුතු සිදුකරනුයේ ඒ ඒ හමුදාපතිවරුන් විසින්යැයිද ඒ පිළිබඳව රජය කිසිදු අතපෙවීමක් සිදු නොකරන්නේයැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය. 19 July 2018
නීතිඥ සුගන්ධිකාට තාවකාලික තහනමක් මේ දිනවල දී සමාජයේ කතාබහට ලක්වු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය කියයි. 19 July 2018
කොටීන්ගේ පුහුණු කඳවුරක තිබී යුද උපකරණ තොගයක් ගොඩගනී මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ දී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක සිදු කරන ලද කැණීම් වලදී බබා මෝටාර් නැමති විශාල උණ්ඩ දෙකක් සමඟ යුද උපකරණ තොගය මුලතිව් සහ යාපනයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අද (18) ගොඩ ගෙන ඇත. 19 July 2018
කළුගඟ ව්‍යාපෘතියට සෞදියෙන් කෝටි 265ක ණයක් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල සෞදි රියාල් මිලියන 60ක් හෙවත් රුපියල් කෝටි 265ක අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ. 18 July 2018
අලින්ට වඳ සැත්කම් කළ නොහැකිදැයි පුත්තලමේ කතක් අසයි අලි කරදයට විසඳුමක් ලෙස අලින් බෝවීම වැළැක්වීමට අලින්ට වඳ සැත්කම් කිරීමට ක්‍රමයක් නැතිදැයි පුත්තලම කිවුල අංක හතර ප්‍රදේශයේ කාන්තාවක් පුත්තලම සහකාර වනජීවී අධ්යක්ෂවරයාගෙන් අද විමසීමක් කළාය. 18 July 2018
නීතීඥයාට අඩත්තේට්ටම් කළ වැලිකඩ හිටපු ඕඅයිසී අවුරුද්දක් හිරේට සිය රථය පසුකර යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව අනෙක් රථයේ ගමන් කරමින් සිටි නීතිඥවරයාට පහරදී අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියම කළේය. 18 July 2018
ව්‍යාජ නිවේදනය ගැන පොලිසියට පැමිණිල්ලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ව්‍යාජ නිවේදනයක් සම්බන්ධයෙන් අද (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ලංකාදීපයට පැවසීය. 18 July 2018
අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු කොළඹදී සත්‍යග්‍රහයක අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් වසරක් තිස්සේ සාධාරණයක් ඉටු නොවන බව කියමින් එම විශ්ව විද්‍යාලයයේ තාක්ෂණ පීඨ සිසුහු අද (18) කොළඹ නගර ශාලාව අසල අට්ටාලයක් බැඳ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 18 July 2018
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවෙයි මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත. 18 July 2018
සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි ලිහිල් කරයි සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 July 2018
උතුරු- නැ‘හිර හමුදා කඳවුරු අඩු කිරීමට රජය උපදෙස් ලබා දී නැහැ උතුරේ හෝ නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමට හෝ භට පිරිස් අඩු කිරීමට හෝ හමුදාවට රජය කිසිඳු උපදෙසක් දී නැතැයි රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 July 2018
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි රජයේ පාසල්වල 12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ 2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 18 July 2018
විදෙස් සේවා කාර්යාංශයේ වංචා ගැන විමර්ශනයක් පසුගිය 2012 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූවා යැයි කියන මූල්‍ය අවභාවිත සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන ලෙස අභියාචනාධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (18) නියෝග කළේය. 18 July 2018
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තවත් වාර්තාවක් දෙන්නැයි නියෝග රගර් ක්‍රිඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනය වු හැව්ලොක් මාර්ගයේ ඇති නිවාස වල සවිකර තිබූ සි සි ටි වි කැමරා දර්ශන සහිත ඩි වි ඩි තැටි දෙකක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ඒකකයේ විධායක නිලධාරී ලාල් ඩයස් මහතා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය. 18 July 2018
ඒකාබද්ධයේ පිරිසක් ගුවන්සේවා ඇමැති සමඟ සාකච්ඡා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට නොදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ අද (18) සාකච්ඡා කළහ. 18 July 2018
ගුහාවේ සිර වී සිටි දරුවෝ රෝහලෙන් පිට වෙති සති දෙකකට ආසන්න කාලයක් තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටියදී මුදාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු අද (18) පස්වරුවේ රෝහලෙන් පිටත්ව යන බව තායි බලධාරීහු ප්‍රකාශ කළහ. 18 July 2018
මධුෂ්ගේ ගෝලයින් 4 ක් ගිනි අවි- මත්ද්‍රව්‍ය සමඟ වැලිපැන්නේදී අත්අඩංගුවට මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ජෝසප් කුමාර නොහොත් ජෝසා නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනෙකු විදේශ රටක නිපදවූ රිවෝල්වරයක් , ජීව උණ්ඩ,සහ මත්කුඩු සමඟ කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය වැලිපැන්න සිහිලැල්තැන්නේදී අත් අඩංගුවට ගෙන ඇත. 18 July 2018
නිව්යෝර්ක් ටයිම්ස් විවාදය මැතිසබයේදී හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි පසුගිය රජයේ ඇතැම් නායකයන් චීන සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ගන්නා ලදැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දිනක විවාදයක් අද (19) මැතිසබයේදී පැවැත්වේ. 18 July 2018
‘සමාජ ජාල නිවේදනය බොරුවක්‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 ජනාධිපතිවරණය අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළ බව සඳහන් කරමින් ඊයේ (17) සමාජ මාධ්‍ය ජාලාවල පළවු නිවේදනය ව්‍යාජ නිවේදනයක් බව හිටපු ජනාධිපතිවරයගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 18 July 2018
කල්කුඩා පොලිසියේ හිටපු වැඩබලන ස්ථානාධිපති යළි රිමාන්ඩ් පාරිසරික වාර්තාවක් සදහා අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගත් බව කියන කල්කුඩා පොලිසියේ හිටපු වැඩ බලන ස්ථනාධිපතිවරයා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය. 18 July 2018
උසස්පෙළ උපකාරක පන්ති-සම්මන්ත්රණ 31 මැදියම් රැයින් අවසන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2018 විභාග අපේක්ෂකයන් සඳහා වන උපකාරක පන්ති හා සම්මන්ත්රණ ආදිය පැවැත්වීම මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 18 July 2018
ඇමති සරත් ෆොන්සේකාටත් නීතිය ක්‍රියාත්මක වෙනවාද’යි මන්ත්‍රී විමසයි ආරක්ෂක රැකවලූන් ලෙස පාතාල සාමාජිකයන් පස්දෙනෙක් යොදාගත් බවට චෝදනා එල්ලවන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධූරයෙන් ඉවත්කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි අග්‍රමාත්‍යවරයා වහාම ප්‍රකාශ කළ යුතු යැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 18 July 2018
අග්නිදිග සිසුහු කොළඹ විරෝධතාවක - පොලිසිය වෝඩ් පෙදෙස වසා දමයි අග්නිදිග සරසවිය හැර දා කොළඹ පැමිණි එහි තාක්ෂණ පීඨ සිසුහු මීට ටික වේලාවකට පෙර කොළඹ ටවුන්හෝල් අසල විරෝධතාවක් ආරම්භ කළහ. 18 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026