තරිඳු ජයවර්ධන
ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා, සහායක කාර්ය මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වැඩිපුර වාහන 24ක් නිකුත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයකදී අනාවරණය වී තිබේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වාහන කළමනාකරණය පිළිබඳ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස් කර ඇත්තේ 2017 වසරේ දෙසැම්බර 31 වැනි දිනට අදාළව ඇති දත්ත පරීක්ෂා කිරීමෙන් බව එහි ආරංචි මාර්ග කියයි. මෙම විගණන වාර්තාවට විගණකාධිපතිවරයා අත්සන් තබා ඇත්තේ 2019 අප්‍රේල් 22 වැනි දාය.
ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනියුක්ත කර ඇති වාහන සංඛ්‍යාව 18ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුවද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාහන දෙකක් අනියුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යාව තුනක් වුවද සෙඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් අනියුක්ත කර ඇති බව ද එහි සදහන් වෙයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද 2017 දෙසැම්බර් මස 31 වැනි දිනට යාවත්කාලීන වූ තොරෙතුරු අනුව අමාත්‍යංශය සතුව වාහන 5556ක් තිබිය යුතු වවද, 2017 දෙසැම්බර් 31 වැනි දිනට යාවත්කාලීන කරන ලද අමාත්‍යංශ ලේඛනවලට අනුව අමාත්‍යංශය සතුව ඇත්තේ වාහන 5354ක් බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
අමාත්‍ය කාර්යාලයට අනියුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනි දා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේ දී කිසිදු අවස්ථාවක අමාත්‍යංශයට පැමිණ නොතිබූ බවත්, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන් කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314ක දී අමාත්‍යංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර ඇති බවත්, ඒ සඳහා අවස්ථා 102කදී කිලෝමීටර 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය කර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.
හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ අමාත්‍ය කර්ය මණ්ඩල නිලධාරියකු තම ධුරය කාලයෙන් පසු යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව ද අනාවරණය වී තිබේ.
අදාළ චක්‍රලේඛවලට පටහැනිව අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔවුන්ගේ කාර්යාල සඳහා වෙන් කළ වාහන වෙනුවෙන් රුපියල් මිලියන 6.62ක අමතර ඉන්ධන නිකුත් කර තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කි ඇත.
අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ අධ්යක්ෂ යටතේ කාර්ය මණ්ඩලයේ 33 දෙනකු සේවය කළ ද වාහන පාලනය හා විධිමත් පරිදි පොත් පවත්වාගෙන යෑම සිදුවී නොමැති බව තහවුරු වීයැයි ද විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.
වාහන 1794ක් අස්ථාන ගතවී තිබීමත්, අමාතයංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණද අමාත්‍යංශ ලේඛනයේ ඇතුලත් නොවූ වාහන 202න් වාහන 171ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කර තිබේ.
විෂය භාර අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාල කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබාදීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්මේන්තුව පැවැත්ව හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සුදුසු බව ද නිර්දේශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
මේ අය ජනතාවගේ සුවසෙත ගැන බලපු තරම තමයි ඔය.
බලවතුන්ට වැළදී ඇති රථ ගායේ අනිසි ප්‍රතිපල මහජනතාව විසින් විඳිය යුතු වන්නේය!.
දෙයියනේ දුප්පත් අපට ජීවිතේට වාහනයක් ගන්න බැරි වෙන්න බදු ගහලා මේ අය කරලා තියෙන සෙල්ලම් කොහොමද.. වාහන දහස් ගණනක් අතුරුදහන් කරනකන් රජය මොනාද කලේ
"ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනියුක්ත කර ඇති වාහන සංඛ්‍යාව 18ක් බවත්," "වාහන 1794ක් අස්ථාන ගතවී තිබීමත්, අමාතයංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යනුකූලතාව තහවුරු නොවීමත්" කොහොමද සෞක්‍ය ඇමතිගේ කෙරුවාව. මහින්ද රාජපක්ෂට ජම්පරේ අන්දන ආපු රාජිත ගේ වැඩ කොහොමද? වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න. මෙච්චර එළිපිටම අහුවෙලා තියෙද්දී තව මොනාද? මුළු පාර්ලිමේන්තුවම හොර ගුහාවක්. දැන්නම් සහෝදරවරුනි කාලේ හරි මෙයාලව රටෙනුත් එලවන්න.
පහනට තෙල් දමන තුරු පහන ඇවිලෙනවා වාගේ චන්දෙ දිදී බලයට යවන තාක් කල් රටේ සම්පත් අවභාවිතා කරන එක සිද්ධ වෙනවා .
දැන් වාහන අවභාවිතාව කියලා වීරවංසට නම් නඩු දාලා හිරේ ඉන්නත් උනා. යහපාලනය නිසා මෙයාට නම් මුකුත් වෙන එකක් නැහැ.
රටට හිතැති සුවපති....
Nimal මයා වෙත, නිවටයන් බලවතුන් වන්නේ කෙසේද ??? බලවතු කිසිදින අනුන්ගෙන් යැපෙන්නෝ නොවෙන අතර අනුන්ගේ මුදල්වලින් බඩගෝස්තරය ද රැකගැනීම නොකරන්නෝය. මේ ඉන්නේ නියම හිගන හැත්තකි. ලජ්ජා නැතිව තුන්වේල ගිල දමන්නේත් මහජන මුදලින් එවන් අයට බලවතුන් යැයි පැවසීමෙන් ඔබ විසින් බලවතුන්ට මහත් නිගාවක් කර ඇතිබව නම් පැහැදිලිය.
හෝ හෝ //// ඔය එන්නේ. බොරුව දාලා පිටරටින් සිගරට් ගෙන එන්න හදන එකට විරුද්දව අස්වෙනවාලු. නැතුව හොරකම මාට්ටු හින්ද අස්වෙනවා නොමෙයිලු.
මේ වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වුනේ.
වෙන්නත් පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනු කමිටුවක උප සභාපති ධූර හතරින් එකක් ලැබුණාම ප්‍රධාන සංවිධානයේ උප සභාපති ධූරය ලැබූ සේ උත්සව තියන ඇමතිතුමානෙ
දැන් මේවා හොයාගෙන වැරදි කරපු අයට දෙන දඩුවම මොකක්ද. හෙට ඉදලා ආපහු සුපුරුදු විදියට ඒ වැරදි ඒ විදියටම කරගෙන යයි. මේ පොඩි මිනිහව තලන්න පොඩි කරන්න හදපු නීතියක්.
මන්ද පෝෂණයෙන් දරුවෝ මැරෙන රටක තරම?
මේ සදහා වගකිවයුතු කාර්ය මණ්ඩලයේ යමෙකු වෙත්නම් ඔවුන්ගෙන් මේ අලාභය අයකර ජනතාවගේ මුදල් ආපසු ලබා ගැනීමට නිත්‍යාණුකුලව කටයුතුකර, මෙවැනි වැරදී කරන අයට කිසිම මැතිවරණයකට ඉදීරිපත්වීමට නොහැකිවන නීති පනවා, මෙවැනි අය තුරන් කිරීම් රට දියුණුකිරීමේ මුලික අඩිතාලම නිසා ඒ සදහා පක්ෂ භේදයකින් තොරව පෙළගැසෙව්!
අපේ රටට හෝ දැං ඉන්න අපේ ළමයින්ට සහ අනාගතයේ උපදින්නට සිටින ළමයින්ට අබමල් රේණුවක තරම්වත් ආදරයක් තියනවනම් අපේ රටේ ඉන්න පුරවැසියන් මේ 225ම දියවන්නා මඩ ගොහොරුවෙන් පලවා හරින්නට ඉදිරයේ පැවැත්වෙන මැතිවරණය බුද්ධිමත්ව සහ විචක්ෂණශීලීව භාවිතා කල යුතුයි. ආවාට ගියාට කතිර ගසා තටිටුව මාරු කරමින් අප සැම වසර 70ක් තිස්සේ කර ඇති විපතේ මහත දැං පල දෙන්නට පටන්ගෙන තිබෙි. එහි අනිමුට සහ භයානකම ඵල කිසිත් නොකල කිසිත් නොදත් අප අහිංසක දරුපැටවුන්ට භුක්තිවිදින්නට සලසා ඔබ මරිලා යනවාද නැත්නම් මේ 225 ශාපය හැකිතරමින් හො ඉවත් කරන්නට ඔබ මේ ඉදිරි මැතිවරණයන් භාවිතා කරනවාද යන්න තීරණය කිරීම මේ රටේ ජන්ද බලය හිමි සමස්ථ පුරවැසියාවන ඔබ සැම තීරණය කල යුතුයි.
මුදල් අමාත්‍යංශයෙන් කියා තිබුනා සියලු අමාත්‍යංශ වල වියදම් 15% කින් අඩු කල යුතු බවට. මෙව්වා නැවැත්තුවා නම් අමුතුවෙන් වියදම් කපා හරින්න උවමනා වෙන්නේ නැහැ.