(මනෝප්රිය ගුණසේකර)
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය හා ‘මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධීන් වලට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ වර්ථමාන තත්වය වහාම තමන්ට දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරීන්ට නියම කර ඇත.
වැඩබලන පොල්සිපති චන්දන වික්‍රමරත්න මහතාට නීතිපතිවරයා ලිඛිතව කළ මෙම දැනුම්දීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාටද දැනුම්දී ඇතැයි වාර්තා වේ.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය හා ‘මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව වාර්තා වීමෙන් පසුව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd